මවක් වූ පසුවත් ඔබේ සමේ තරුණ බව සහ නිරෝගී බව රැකගන්න

කාන්තා අප කුඩා කල ඉඳන්ම රූපලාවණ්‍යය පිළිබඳව ඉතාම උනන්දුවක් දක්වනවා. නව යොවුන් වියේදි, යොවුන් වියේදි විශේෂයෙන් රූපලාවණ් ආලේපන භාවිතා කරමින් හැකි සෑමවිටම සමට යම් යම් ප්රථිකාර කිරීමට පෙළඹෙනවා. මුහුණේ කුරුලෑ බිබිලක් ආවත් දුක් වෙමින් ගැන කල්පනා කරනවා. මනාලියක් වීමට පෙරත් පසුත් සැමියාට පේන්න ලස්සනට ඉන්නයි සෑම විටම උත්සාහ කරන්නේ. ඒත් මොහොතක් කල්පනා කරලා බලන්න, පුංචි අලුත් අමුත්තා ඔබේ ලෝකයට ආවට පස්සේ ඔබට ඔබව අමතක උනා නේද? ඉස්සර නිතර නිතර මුහුණ බලපු කණ්නාඩිය දිහා දැන් බලන්නවත් වෙලාවක් නෑ නේද? ඇත්තටම වෙලාවක් නැතුවමත් නෙමෙයි නමුත් ඔබට දැන් ඔබගේ රූ සපුව ගැන සිතනවාට වඩා සිතන්න දේවල් බොහෝමයි

අද baby and me ඉදිරිපත් කරන්නේ මවක් වූ පසුත් ඔබට, ඔබගේ රූ සපුව ලස්සනට තියාගන්න ප්රයෝජනවත් වෙන්න පුළුවන් සරල උපදෙස් කිහිපයක්.  

 

පළමු පියවර

ෆේස් වොශ් භාවිතය – Face wash

ඔබගේ සම දිනපතා පිරිසිදු කළ යුතුයි. නැත්නම් අනවශ් තෙල්, කුණු, මැරුණු සෛල තැන්පත් වෙලා සම අඳුරු වෙන්න, කුරුළෑ ආසාදන ඇති වෙන්න පුළුවන්. මෙම නිසා හොඳ සේදුම්කාරකයක් භාවිතා කළ යුතුයි. එමගින් සමේ ඇති අනවශ් තෙල්, කුණු, මැරුණු සෛල ආදිය ඉවත් කරනවා. glycolic and salicylic acid අඩංගු සේදුම්කාරකයක් භාවිතයෙන් සම මෘදුව තබාගැනීමට උපකාරි වනවා

 

දෙවන පියවර

ටෝනර් ආලේපය – Toner

මධ්‍යසාර අඩංගු නොවන ටෝනර් වර්ගයක් ෆේස් වොශ් භාවිතයෙන් පසු මුහුණේ සම මත ආලේප කරන්න. එමගින් සමේ විවර වූ සිදුරු වැසීමත්, අනවශ් තෙල් සහ සමේ මැරුණු සෛල ඉවත් කිරීමත් සිදුකරනවා. ග්ලයිකෝලික් අම්ලය, හරිත තේ, පිපිඤ්ඤා හෝ මීපැණි අඩංගු ස්වාභාවික ටෝනර් වර්ගයක් භාවිතය වඩාත් සුදුසුයි. 

 

තුන්වන පියවර

මොයිස්චරයිසර් වර්ගයක් ආලේප කිරීම – Moisturizer 

වර්ථමානයේ හිරු කිරණ වලින් සම ආරක්ෂා කරන මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගද බහුලව වෙළඳ පොලේ තියෙනව. ඒවායේ බහුලව සැලිසිලික් අම්ලය (salicylic acid), ග්ලයිකෝලික් අම්ලය (glycolic acid) සහ විටමින් සී අඩංගු වනවා. ඔබගේ සමේ වර්ගය අනුව ඔබ, තෙල් අඩු හෝ වැඩි මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගය තෝරා ගන්න ඕන. එමගින් සමේ තෙතමනය ආරක්ෂා කරමින් සමට පෝශණය ලබාදීම සිදු කරනවා. සෑමවිටම ස්වභාවික අමුද්රව් ඇති නිෂ්පාදන භාවිතා කිරීමට උත්සාහ කිරීමෙන් රසායන මගින් ඇතිවන අහිතකර බලපෑම් පාලනය කරනවා

 

හතරවන පියවර

සම වියපත් වීම වළක්වන ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීම – Anti-ageing Cream

සමේ රැකවරණය සම්බන්ධයෙන් ඔබ කළ යුතු මූලික දෙය වන්නේ සමට ප්රතිකාර කිරීමට මේ සුදුසු වේලාව යැයි සිතා කටයුතු කිරීමයි. විශේෂඥ මතය වන්නේ කාන්තාවන් වයස අවුරුදු 25 දී පමණවත් සම වියපත් වීම වළක්වන ක්‍රීම් වර්ගයක් භාවිතා කළ යුතු බවයි. කොලජන් (collagen), රෙටිනෝල් (retinol), විටමින් සී (vitamin C) සහ ප්රතිඔක්සිකාරක අමුද්රව් (antioxidant) අඩංගු ආලේපන වර්ගයක් තෝරා ගැනීමෙන් වඩාත් සාර්ථක ප්රථිඵල ඔබට ලබාගත හැකි වනවා. නමුත් ඔබ භාවිතා කරන කුමන නිෂ්පාදනයක් වුවද, එහි පැරබෙන් සහ මධ්යසාර නොමැති බවට ඔබ සහතික කරගත යුතුයි. ඒවා මගින් ඔබගේ සම වයස්ගත වීමේ වේගය වැඩි කරනවා.