මුදල් වල වටිනාකම ගැන ඔබේ දරුවන්ට උගන්වන්න ඕනේ මෙහෙමයි – 1 කොට​ස

කුඩා කාලයේ ඉඳන්ම monopoly වගේ ක්‍රීඩාවක් තුළින් දරුවෙක්ට මුදල් පිළිබඳ වැදගත්කම සහ සංකල්පය උගන්වන්න පුළුවන්. මෙහිදී ඔබේ දරුවන්ට ක්‍රීඩාවලදී භාවිතා කරන ප්ලාස්ටික් මුදල් ඒකක හැසිරවීමට අවස්ථාවක් ලබා දෙන්න. ඇත්තටම මේ වැඩේ කුඩා කාලයේ ඉඳන්ම යහපත් විදිහට හැසිරෙන්න දරුවන්ව හුරු කරවන්න හොඳම ක්‍රමයක්. ඔබේ දරුවා වගකිව යුතු දරුවෙක් විදිහට හදන්න වගේම ස්ථාවර හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ලැබෙන හොඳ පාඩමක් ද වෙයි කියලා නොඅනුමානයි.

 

මුදල් ගැන දරුවන්ට ඉගැන්වීමේ ක්‍රම

 

ඔබේ දරුවා මුදල්වල වැදගත්කම අවබෝධ කරගත්ත වගකිවයුතු පුද්ගලයෙකු වෙනවා දකින්න ඔබට අවශ්‍ය නම්, ඔබට භාවිතා කරන්න පුළුවන් හොඳ අදහස් කිහිපයක් මෙන්න. ඔබේ දරුවන් මූල්‍යමය වශයෙන් බුද්ධිමත් කරන්න නම් ඔවුන්ව පුංචි කාලයේ ඉඳන්ම හුරු කරවන්නේ මෙහෙමයි.

1. වයස අවුරුදු 2-3

 

දරුවන්ට මුදල් වල වටිනාකම ගැන උගන්වන්නේ කොහොමද කියලා බොහෝ විට දෙමව්පියන් විදිහට ඔබේ මනසෙත් ප්‍රශ්නයක් විදිහට මෙච්චර කල් තියෙන්න ඇති. මුදල් ගැන දරුවන්ට උගන්වන එක එතරම් අපහසු වැඩක් නෙමෙයි. ඒක තරමක් සිත්ගන්නාසුළු හා වැදගත් කාර්යක්. දරුවෙකුගේ වර්ධනයේ මෙම අදියරේදී දරුවා දෙයක් කරන්න කලින් නිරීක්ෂණය කරනවා. ඒක නිසා මේ වයසේදී සරල මූල්‍ය සංකල්ප හඳුන්වා දුන්නාට වරදක් නෑ. එහිදී ඔබ මතක තබා ගන්න ඕනේ ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න.

 

විනිවිද පෙනෙන කැටයක්

 

මුලින්ම විනිවිද පෙනෙන කැටයක් දරුවාට තිළිණ කරන එක වඩා හොඳයි. මොකද ඒකෙන් දරුවෙක්ට තමන් ඉතුරු කරන මුදල් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන හැටි පහසුවෙන්ම බලාගන්න පුළුවන්. හැම දවසකම ඉතිරි කරන හැම පුංචි කාසියකින්ම කැටය වැඩි වැඩියෙන් පිරෙනකොට තමන්ගේ උත්සහය ගැන ජයග්‍රාහී හැඟීමක් දරුවා තුළම ඇති වෙන්න පුළුවන්.

 

කාසි හඳුනාගැනීමේ ක්‍රීඩාව

ඔබේ දරුවාට විවිධ රුපියල් කාසි හඳුන්වා දීලා දරුවාටම හැම කාසියක්ම නිරීක්ෂණය කරන්න ඉඩ දෙන්න. සෑම කාසියකම වර්ණය, හැඩය සහ ප්‍රමාණය මත පදනම් වෙලා අනෙක් කාසියට වඩා තව එකක් වෙනස් කියලා දරුවා තේරුම් ගනීවි. හැම කාසියකම වටිනාකම දරුවාට උගන්වන්න හොඳම ක්‍රමය මේකයි.

 

හොඳ ආදර්ශයක් වන්න

ඔබේ දරුවාගේ ප්‍රධානම ආදර්ශය ඔබයි. ඔබ කරන දේවල් තමයි දරුවා නිරීක්ෂණය කරන්නේ. ඔබ අධික ලෙස වියදම් කරන්න නැඹුරු වුණු කෙනෙක් නම්, දරුවාත් අනිවාර්යයෙන්ම තෝරා ගන්නේ ඔබේ මාර්ගයයි. ඒ නිසා ඔබ ඥානවන්තව මුදල් වියදම් කරන බවත් නියමිත වේලාවට බිල්පත් පවා ගෙවන බවත් දරුවාට පෙන්වන්න. දරුවා වයසින් වැඩෙන අතරතුර එම පුරුදු තමන් තුළ වර්ධනය කර ගන්න ඔබේ ඒ ආදර්ශමත් පුරුදු ගොඩක් වැදගත් වෙනවා.

 

මුදල් අවස්ථා

ඔබේ දරුවාට රුපියල් දහයක් වගේ ප්‍රමාණයක් ලබා දීලා ඒ සීමාව ඇතුළත පැණිරස කෑමක් අර ගන්න කියමින් සරල මුදල් කටයුතුවලට ඔබේ දරුවා සම්බන්ධ කරගන්න. එසේම වෙළඳ සලේදී මිලදී ගැනීම් සඳහා ඔබේ දරුවාටම මුදල් ගෙවීමට ඉඩ දෙන්න. මේ විදිහට මුදල් වියදම් කරන්න ඕනේ කොහොමද කියලා ඔබේ දරුවා ඉගෙන ගනියි.

2. වයස අවුරුදු 4-5

 

එකතු කිරීමේ සරල ගණිත සංකල්ප එක්ක මුදල් සම්බන්ධ කිරීම, මුදල් ගණනය කිරීම හා ගණනය කිරීමේ පුරුද්ද වර්ධනය කර ගැනීමට හොඳ ක්‍රමයක්. මේ හැරුණු විට ළමයින්ට මුදල් ගැන ඉගැන්වීම සඳහා යොදා ගන්න පුළුවන් තවත් ක්‍රියාකාරකම් කිහිපයක් මෙන්න .

 

බලා සිටීමේ කලාව ඉගැන්වීම

ඉවසීමේ පුරුද්ද ඇති කර ගැනීම මෙම අවස්ථාවේ දී ප්‍රයෝජනවත් වෙනවා. ඔබේ දරුවා යමක් මිලදී ගන්න කලින් ඉතිරි කරන්න අවශ්‍යයි කියලා දරුවාට උගන්වන්න. මේක වැඩිහිටියන්ට පවා අභියෝගයක්. ඒ නිසා කුඩා අවධියේදීම මේ ඉවසීම දරුවන්ට හුරු කරවන්න.

 

වට්ටම්, කූපන් පත් භාවිතා කිරීම

මෙම ක්‍රියාකාරකම කරනකොට ඔබ වෙළඳසැල වෙත යන්න කලින් අවශ්‍ය සියලුම කූපන් පත් එකතු කරගන්න කියලා දරුවන්ගෙන් ඉල්ල ගන්න. සාප්පුවට ගියාට පස්සේ කූපනය නිෂ්පාදනයට ගලපන්න කියලා දෙන්න. මේ ප්‍රවේශය ළමයින්ට මුදල්වල වටිනාකම උගන්වන්න පුළුවන්  විශිෂ්ට ක්‍රමයක්.