මුදල් වල වටිනාකම ගැන ඔබේ දරුවන්ට උගන්වන්න ඕනේ මෙහෙමයි – 2 කොට​ස

කුඩා කාලයේ ඉඳන්ම ඔබේ දරුවාට මූල්‍ය සංකල්ප ගැන ඉගැන්වීමෙන් දරුවාගේ වියදම් පුරුදු වලට යහපත් බලපෑමක් කරන්න පුළුවන්. ඒකෙන් ස්වාධීනව වඩා හොඳ මූල්‍ය තීරණ ගන්නත් දරුවන් හුරු වෙනවා. ඒ නිසා ඉතුරුම් පුරුදු ඉගැන්වීම දරුවන්ට කවදාටත් ප්‍රයෝජනවත් වන නිසා ජීවිත කාලය පුරාම ඒ පාඩම් ඔවුන්ගේ මතකයේ තියෙයි. සුරක්ෂිත හා ස්ථාවර අනාගතයක් සඳහා මුදල් කියන සාධකය කෙලින්ම සම්බන්ධ වන බව දරුවා තේරුම් ගනීවි. මේ ලිපියේ පළවෙනි කොටසින් අපි ඔබට ඒ ගැන මූලික දැනුම්වත් කිරීමක් කළා. මේ එහි දෙවෙනි ලිපියයි…

මුදල් වල වටිනාකම ගැන ඔබේ දරුවන්ට උගන්වන්න ඕනේ මෙහෙමයි – 1 කොට​ස

 

3. වයස අවුරුදු 6-8

 

‘පොකට් මනි’ හඳුන්වා දීමට සුදුසුම කාලය මේකයි. ඔබ දරුවා ඔබ මෙතෙක් කල් උගන්වපු දේවල් මත පදනම් වෙලා ඔබේ විශ්වාසය සහ දිරිගැන්වීම ලබා ගන්නේ මෙතැන ඉඳලයි. මූල්‍යමය වශයෙන් වගකිව යුතු දරුවෙක් ගොඩනැගීමේ දී සිද්ධ වෙන සමහර කරදර මෙන්න.

 

පොකට් මනි

ඔබේ දරුවා උපයා ගන්නේ නැතුව සතිපතා සාක්කුවට මුදල් දැමීම තේරුමක් නැති වැඩක්. ඒ ක්‍රියාවලිය තුළ දරුවා මුදල් ගැන කිසිම දෙයක් ඉගෙන නොගන්නා අතර ඔබව සුළු කොට තකන්න පුළුවන්. දරුවාට කාමරය පිරිසිදු කිරීම හෝ මුළුතැන්ගෙයට උදව් කිරීම වගේ සරල වැඩකටයුතු කළොත් පුංචි මුදලයක් දෙන්න. ඒ විදිහට සතිපතා දීමනාවක් උපයා ගැනීම සඳහා සැබෑ අවබෝධයකින් වැඩ කරයි. 

 

වියදම් කිරීමේ පුරුදු ගැන විමසිල්ලෙන් සිටින්න

ඔබේ දරුවාගේ වියදම් පුරුදු සහ පසුගිය මාස කිහිපයේදී දරුවා කොපමණ මුදලක් ඉතිරි කරලා තියනවාද යන්න පිළිබඳව සංවාදයක් පවත්වන්න. ඔබේ දරුවාට දරුවාගේ මුදල් සමඟ කොච්චර හොඳට කටයුතු කරන්න පුළුවන්ද කියලා ස්වයං ඇගයීමක් කරගන්න දෙන්න. දරුවා තමා වෙනුවෙන් මුල්‍යමය ඉලක්කයන් තියන් ඉන්නවාද කියලා පරීක්ෂා කරලා බලලා දරුවා අනුගමනය කරන හොඳ පුරුදු අගය කරමින් දිගටම පොළඹවන්න.

 

ලොකු වුණාම කවුරු වෙන්න ද කැමති?

අනාගතයේදී ඔබේ දරුවා කරන්න කැමති දේ ගැන ඔබ විසින් දැන ගැනීම දරුවාගේ වෘත්තීන් සහ ඔවුන්ගේ විෂය පථය ගැන කතා කිරීමට හොඳම ක්‍රමයක්. මුදල් ඉපැයීම සඳහා සෑම කෙනෙක්ම වැඩ කිරීම යන මාතෘකාව ගැන දරුවා එක්ක සාකච්ඡා කරන්න. රැකියාව හා ඉපැයීම පිළිබඳ ධනාත්මක හැඟීම් ඇති කර ගන්න ඒකෙන් දරුවන් පෙළඹෙයි.

 

4. වයස අවුරුදු 9-12

 

මෙම වයස වෙනකොට ළමයින්ට අවබෝධය පිළිබඳ හැඟීමක් වර්ධනය වන අතර ඔබ ඔවුන්ට ලබා දෙන උපදෙස් අනුගමනය කරයි. ඔවුන් තුළ හොඳ පුරුදු ඇති කර කිරීමට සුදුසුම කාලය මෙයයි. ඔබේ දරුවා තුළ ඉතිරි කිරීමේ පුරුදු ඇති කිරීමට මේ දේවල් අනුගමනය කරන්න:

 

ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්න

දරුවන්ට දැන් මුදල් ගණනය කිරීම හා ඉතිරි කිරීම පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඇති නිසා දරුවා වෙනුවෙන් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සුදුසු වයස මේකයි. හිමිකාරිත්වය පිළිබඳ සැබෑ හැඟීමක් ලබා දීමෙන් දරුවාට ඉතිරි කරන දේවල් වලින් අවශ්‍ය දෙයක් මිලදී ගැනීමට ඉඩ හදන්න ඔබට එමඟින් පුළුවන්.

 

අවශ්‍යතා සහ අත්‍යාවශ්‍යතා අතර වෙනස ඉගැන්වීම

යම් දෙයක අවශ්‍යතාවය හා අත්‍යාවශ්‍යතාවය අතර වෙනස ගැන ඔබේ දරුවා දැනුවත් කිරීම මඟින් දරුවාගේ වියදම් කිරීම් වලට ප්‍රමුඛත්වය දෙන ආකාරයට බලපානවා. එය දරුවාගේ වියදම් ගැන හරි තීරණ වලට එළඹෙන්න උදව් වෙයි.

 

කාඩ්පත් ගැන ඔවුන්ට ඉගැන්වීම

මේ වන විට ඔබ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් ස්වයිප් කරන බව ඔබේ දරුවා දැකලා ඇති. ඒ ගැන ඔබෙන් විමසලාත් ඇති. ඔබේ දරුවාට මෙම කාඩ්පත් පිළිබඳ වැරදි තොරතුරු ලැබෙන්න කලින් බැංකු ගිණුම් මත පදනම් වුණ විවිධ කාඩ්පත් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන නිවැරදි පැහැදිලි කිරීමක් ලබා දෙන්න.

 

පොළිය තුළින් මුදල් වර්ධනය

පොළිය වගේ දේවල් ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීම ඔවුන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. වැල් පොලිය වැනි දෙයක් දරුවාට පහසුවෙන් කියාදෙන පුළුවන්. යම් මුදලකට එක් වන පොලිය මතත් පොලියක් එකතු වෙන එක සරලව කියාදෙන්න. ඔබේ දරුවාට ඉතිරි කළ මුදල් මෙන්ම එම මුදල සඳහා උපයන පොලියද උපයා ගන්න පුළුවන් බව කියාදෙන්න.

 

5. වයස අවුරුදු 13-15

 

මුදල්වල වටිනාකම ඔවුන්ට ඉගැන්වීමට, පහත සඳහන් ක්‍රම අත්හදා බලන්න:

 

අයවැයකරණය

දැන් ඔබේ දරුවා නව යෞවන වයස පහු කරමින් ඉන්න අතර, අයවැයකරණය පිළිබඳ සංකල්පය හඳුන්වා දීමට මේ වයස හොඳයි. ඉතිරිකිරීම, වියදම් කිරීම සහ පුණ්‍ය කටයුතු පිළිබඳව දරුවාට ඔබ උගන්වා ඇති නිසා දරුවාගේ අනවශ්‍ය වියදම් පලනය කිරීමෙන් දරුවාගේ වියදම් සහ ඒවා සපුරාලිය හැකි ක්‍රම ලැයිස්තුවක් සැකසීමට දරුවාට උපකාර කරන්න.

 

වියදම් වැරදි කිරීමට දරුවන්ට ඉඩ දීම

මුදල් සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ඔබ සහ ඔබේ දරුවා අතර ගැටුම් ඇති වෙන අවස්ථාත් උදා වෙන්න පුළුවන්. ඔබ අකමැති දේවල් සඳහා දරුවා වියදම් කරලා තියෙන්න පුළුවන්. ඒ ගැන විමසුවම දරුවා කෝප ගන්නත් පුළුවන්. ඒත් මේ සියල්ල ඉගෙනීමේ චක්‍රයක්. දරුවාට දරුවාගේ වැරදිවලින් ඉගෙන ගැනීමට ඉඩ දෙන එක වඩා හොඳයි. ඔබේ දරුවාට මඟ පෙන්වීමට සහ වසර ගණනාවක් තිස්සේ ඔබ දරුවාට ඉගැන්වූ මූල්‍යමය නීති වෙනස් කරන්නත් කාලය මේකයි.