ඔබේ දරුවන්ට බෙහෙත් පෙති හරි විදියට බොන්න හුරු කරන්නෙ මෙහෙමයි

දරුවන්ට ඇතිවන යම් යම් අසනීප තත්ත්වයන් වලදී එසේ නොමැතිනම් වෛද් උපදෙස් අනුව ලබාදෙන විටමින් වැනි දේ ලබාදෙන විට දියරමය ඖෂධ සෑමවිටම ලබාදිය නොහැකි බැවින් සඳහා ඖෂධ පෙති හෝ කරල් වශයෙන්ද ලබාදෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 5න් පසු දරුවන්ඖෂධ ලබාදෙන විට වෛද්‍යවරුන් බොහෝ විට පෙති හෝ කරල් නිකුත් කරනු ලබනවා. කුඩා දරුවන්ට දියරමය ඖෂධ ලබාදෙනවාට වඩා පෙති හෝ කරල් ලබාදීම අසීරුයි. කුඩා දරුවකු සිටින මවක් නම් ඔබත් මෙම ගැටළුවමුහුණ දීලා ඇති

 

ළමයින් ඖෂධ පෙති ලබාගැනීමට හුරුවිය යුත්තේ කොයි කාලයේද?

බෙහෙත් පෙත්තක් අපහසුවකින් තොරව ගිලදැමීම හුරු වීමවන කාලය එකිනෙකාගෙන් වෙනස් වනවා. එමනිසා ඔබගෙ දරුවා අන් දරුවන් සමග සංසන්දනය කිරීමෙන් ඔබ වැළකිය යුතුයි. පොදුවේ ගත් කළ වයස අවුරුදු 4ක් වූ දරුවන්බෙහෙත් පෙත්තක් ගිලීම හුරුකරවීමට හැකියි. එමෙන්ම දරුවා නව දෙයක් ඉගෙනීමට සහ එම අත්දැකීම ලබාගැනීමට හැකි වයසක සිටීම වැදගත් වනවා

 

  • දරුවාට අනවශ් පීඩනයක් ලබා නොදී ඔබ එය ආරම්භ කළ යුතුයි. ආරම්භයේදී ඉතා කුඩා අයිස්ක්රීම් ස්වල්පයක්, කේක් මත සැරසිල්ලක් ලෙස දමන ස්ප්රින්කල් එකක් වැනි දෙයක් ගිල දැමීමට දරුවාට දිය හැකියි
  • දරුවා පෙත්ත ගිලදැමීමේ ක්රියාවලිය තුල සාර්ථක කරගැනීමට දරුවා ප්රියකරන චොකලට් හෝ ටොෆී වැනි දෙයක් ලබාදෙන්න
  • දරුවාගේ අවධානයබාධා එල්ල කරවන රූපවාහිනිය වැනි දේ ක්රියා විරහිත කරන්න
  • දරුවා මෙය එක් රැයකින් ඉගෙන ගනු ඇතැයි නොසිතා ඔබ සති 2ක් පමණ මේ සඳහා උත්සාහ කළ යුතුයි

 

ආරම්භයට කළ යුතු දේ

 

දරුවා පළමු වරට ඖෂධ පෙති ගැනීමට සූදානම් වන අවස්ථාවේ ඔවුන් හොඳින් ඉගෙන ගත් වෙනත් කුසලතාවයක් දරුවාට සිහි කරන්න. උදාහරණ ලෙස තනිව සපත්තු ලේස් පැළඳීම, ට්රයිසිකලය පැදීම වැනි දේ ඔබට යොදාගත හැකියි. එමෙන්ම ඖෂධය ගැනීමේ වැදගත්කම දරුවාට වටහාදීමද ඔබට කළ හැකියි. හැකිනම් ඔබ ගනු ලබන විටමින් පෙත්තක් ගිල දමා පෙන්නවන්න

දරුවා බෙහෙත් පෙත්ත ගිල දැමීමට සැරසෙන අවස්ථාවේ සන්සුන්ව සහ ධනාත්මකව සිටින්න. එක්වර එය සිදු නොකළත් දරුවාට උත්සාහ කිරීම සම්බන්ධව ප්රශංසා කරන්න

 

බෙහෙත් පෙත්ත ගිල දමන අවස්ථාවේ දී,

 

  • දරුවා කෙලින් හිස කෙලින් තබාගෙන වාඩිකරවිය යුතුයි
  • හිස මදක් ඇලකරන්න
  • ගිලීම පුරුදු වීමට වතුර උගුරු කිහිපයක් බීමට දෙන්න
  • බෙහෙත් පෙත්ත දරුවාගේ දිව මත තබා නැවත වතුර උගුරු කිහිපයක් බීමට දෙන්න. ඇතැම් දරුවන් බටයක් භාවිතයෙන් වතුර බීමට කැමතියි. 
  • ඖෂධය හිස්බඩ ගැනීම අවශ් නොවනවා නම් දරුවා ප්රියකරන මිල්ක් ෂේක් හෝ කිරි වැනි දෙයක් සමග බීමට දිය හැකියි. එසේ නොමැති නම් පුඩිං, අයිස්ක්රීම්, යෝගට් වැනි ආහාරයට දමා දීමට උත්සාහ කළ හැකියි
  • ඔබේ දරුවා බෙහෙත් පෙත්ත සාර්ථකව ගිල දැමුවහොත් ඔහුට ප්රශංසා කරන්න. එසේ නොවේ නම්, නැවත උත්සාහ කරන්න
  • මදක් ප්රමාණයෙන් විශාල ඖෂධ පෙති කුඩා කැබලි ලෙස කඩා දීම සුදුසුදැයි ඖෂධවේදියාගෙන් විමසා දැනගන්න

 

වෛද්යය උපදෙස් ලබාගත යුත්තේ කුමන අවස්ථාවේදීද?

ඔබගේ උත්සාහය සහ ඉවසීම මත බොහෝ දරුවන් බෙහෙත් පෙති ගිලීමහුරුවනවා. නමුත් ඇතැම් අවස්ථාවල ඇතැම් දරුවන්පහත පරිදි ගැටළු ඇතිවිය හැකියි

 

  • නව ඖෂධ හෝ බෙහෙත් පෙතිගිල දැමීමේ අත්දැකීමදරුවා අධික බියක් දැක්වීම
  • බෙහෙත් පෙති ගිල දැමීම සම්බන්ධව පෙර යම් අමිහිරි අත්දැකීමක් ලබා ඇතිවිට ( උදාහරණ ලෙස බෙහෙත් පෙත්ත මුව තුල දියවී තිත්ත රසය දැනී වමනය ගියානම් හෝ බෙහෙත් පෙත්ත හිරවීම වැනි අත්දැකීමක්)
  • යම් සංවර්ධන ගැටළු ඇති දරුවන් (කථන ගැටළු හෝ චර්යයාත්මක ගැටළු ඇති දරුවන්)

 

ඉහත ගැටළු ඇති දරුවන්වෛද්යවරයා හමුවී උපදෙස් ලබාගැනීමෙන් පෙති ගිලීම හුරුකරවීම ප්රමාද කිරීම, ඖෂධ පෙති වෙනුවට දියරමය ඖෂධ ලබාදීම හෝ හැපීමට හැකි පෙති ර්ග ලබාදීම වැනි විකල්පයන් කෙරෙහි යොමුවීමට ඔබට හැකියාව ලැබෙනවා

එමෙන්ම දරුවාට ඖෂධ ලබාදීමේදී සෑම විට වෛද් උපදෙස් පිළිපැදීම සිදුකළ යුතු අතර ඖෂධයේ ප්රමාණය හෝ වෙනත් ගැටළුවක් ඇතිවිට වෛද්යවරයා හෝ ඖෂධවේදියාගෙන් උපදෙස් ලබාගත යුතුයි