Search here...
TOP
එදිනෙදා ජීවිත​ය ළමා මන​ස

වයස අවුරුදු 3න් පසු දරුවන්ට කාලයේ ඇති වැදගත්කම ගැන අවබෝධයක් ලබාදීම

ඔබටත් අවුරුදු 3 පමණ දරුවකු සිටිනවා නම් ඔහුගේ හෝ ඇයගේ දින චර්යාව සහ දවස ගතවන්නේ කෙසේද? ඔවුන්ට උදෑසන අවදි වීමට නිශ්චිත වේලාවක් නොමැති අතර ඉන්පසු දවස පුරාම කෙලි සෙල්ලමින් කාලය ගත කරනවා ඇති. කැමති වේලාවක කැමති දෙයක් කන අතර මහන්සි වූ විට නින්දට වැටෙනවා ඇති. නමුත් ඔබ දන්නවාද එසේ නිශ්චිත සැලැස්මකින් තොරව දරුවාට දවස ගත කරන්නට ඉඩ දීම එතරම් සුදුසු නොවන බව

 

එසේනම් වයස අවුරුදු 3 පමණ දරුවකුට නිශ්චිත රාමුවකට අනුව දවස ගත කිරීම හුරු කරන්නේ කෙසේදැයි සහ එහි ඇති වැදගත්කම කුමක්දැයි ඔබත් කල්පනා කරනවා ඇති

 

නිශ්චිත කාලරාමුවක් තිබීමේ වැදගත්කම

 

බොහෝ දෙමවුපියන් සහ ආච්චි සීයලා සිතන්නේ පෙරපාසල් වයසේ කුඩා දරුවන් එක් රාමුවකට කොටු කිරීමෙන් දරුවා අපහසුතාවයට පත්වන බවට විශ්වාස කරනවාසමහර දෙමාපියන් තම දරුවන් සමඟ එදිනෙදා කටයුතුවලදී යම් රටාවක් අනුගමනය කළත්, එවැනි ලිහිල් ව්යුහගත කාලසටහනක් දරුවාට දිනචරියාව සහ විනය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට ප්රමාණවත් වෙන්නේ නැහැ. ළදරු පාසලේ පැයක් හෝ දෙකක් ගත කිරීම දරුවාට නිශ්චිත රටාවක් හුරුකරවීමට ප්රමාණවත් වෙන්නේ නැහැ. විශේෂයෙන් දරුවන් ඉතා කුඩා අවධියේ සිටම කාලය ගැනත් එහි වටිනාකම ගැනත් ඉගෙන ගැනීම වඩාත් සුදුසුවනවා. එය දරුවා අනාගතයට මුහුණ දීමට හොඳින් හුරුකරවන්නක්

 

දවසේ වේලාවන් 

 

දරුවා ක්රමයෙන් වැඩෙන විට ඔවුන් දවසේ කාල වේලාවන් ගැන වටහා ගන්නා අතර උදේ, දවල්, හවස, රෑ ගැන අන් අය නොපැවසුවත් වටහා ගැනීමට ඔවුන්ට හැකියි. නිශ්චිත කාල රාමුවක් හුරුකරවීමේ ආරම්භයක් ලෙසට උදේ , දවල්, හවස, රෑ යන වේලාවන් හතර තුළ නිරතවන ප්රධාන කාර්යයන් වලට සම්බන්ධ කරගන්න. උදාහරණයක් ලෙස උදෑසන පිරිසිදු වීම්, අලුත් ඇඳුම් ඇඳීම, උදෑසන ආහාරය ගැනීම වැනි දේ සමග කාර්යබහුල කාල සීමාවක් සහ දහවල් කාලය රූපවාහිනිය නැරඹීම, කෙටි නින්දක් ලැබීම වැනි මදක් විවේකීව සිටිය හැකි කාලයක් සහ සවස් වරුව කෙටි ආහාරයක් සමග තේ පානය කරන වේලාව බවත් රාත්රීය පවුලේ සියල්ලන් එක්ව ආහාර ගන්නා සහ කතා පොතක් කියවා නින්දට යන වේලාව බවත් දරුවාට වටහා ගැනීමට ඉඩ දෙන්න. එවිට ඔහු හෝ ඇය කාලය යනු නිමක් නොමැති භාණ්ඩයක් නොව නිසිපරිදි කාර්යක්ෂමව කාලවේලාවන් වලට වෙන්කළ යුත්තක් බවත් වටහාගනීවි

 

ඔරලෝසුවෙන් වෙලාව බැලීම

 

වේලාව යනු කුමක්දැයි යන්න නිසි පරිදි දැනුවත් කිරීමෙන් පසු දරුවාට දවසේ කාල වේලාවන් ගැන නිසි අවබෝධයක් ලැබිය හැකියි. එයට ඔබ දරුවා ඉලක්කම් හඳුනාගැනීමට හුරු වූ දා සිට ඔරලෝසුව බලා වේලාව කීමට හුරු කරවන්න. නවීන ඩිජිටල් හෝරා යන්ත්රයක් භාවිතය වෙනුවට සාම්ප්රදායික ඔරලෝසුවක් භාවිතයෙන් එය හුරුකරවන්න. එමගින් දරුවා විනෝදයට පත්වන අතරම තමා තනිව වේලාව බැලීමට දන්නවා යන්න දරුවාට ජයග්රාහී හැඟීමක් ගෙන දෙන්නක්. 

 

නියමිත කාල සටහනකට හුරු කරවීම 

 

දරුවාට ඔරලෝසුව බලා තනිව වේලාව බැලීමට හුරු කරවීමෙන් පමණක් දරුවාට කාලයේ ඇති වැදගත්කම අවබෝධ නොවේ. දරුවා ක්රමයෙන් වැඩෙන විට ඔහුට හෝ ඇයදරුවා දවස අරඹන වේලාවේ සිට අවසාන කරන වේලාව දක්වා සරල කාල සටහනක් සකස් කළ යුතුයි. චිත් ඇඳීමට, පොත් කියවීමට මෙන්ම සෙල්ලම් කිරීමට සහ රූපවාහිනිය බැලීමට, සවස කුඩා නින්දක් ලබනවා නම් එය, ආහාර ගන්නා වේලාවන්, තේ විවේකය ආදිය එයට එක්කළ යුතුයි. එමගින් දරුවාට එක් එක් කාල සීමාවේ නියැළිය යුතු ක්රියාවන් සහ කාලය ගැන නිසි අවබෝධයක් ලැබේ. ඔබ මෙම කාල සටහන සකසන විට දරුවාද එයට එක්කර ගත යුතුයි. එමගින් දරුවා තුළ තමා ගැන වගකීමක් සහ වැදගත් බවක් දැනේවි

 

එමෙන්ම දරුවා කාල සටහනට හුරුවන තෙක් ඔබ එහි අන්තර්ගතයන් ගැන දරුවාට මතක් කළ යුතුයි. විශේෂයෙන් රූපවාහිනි නැරඹීම වැනි දේ කුඩාකල සිටම සීමා කිරීමට මෙමගින් ඔබට හැකිවනවා

 

දෛනික චර්යා සටහනක් තබාගන්න 

 

දරුවාටද කියවිය හැකි ආකාරයේ චර්යාත්මක සටහන් ඔබට සැකසිය හැකියි. උදාහරණයක් ලෙස ඔබගේ පවුලේ ඉදිරි සතියට අදාල ආහාර වේල්, නැතිනම් ඉදිරි මාසයපවුලේ ක්රියාකාරකම් සටහන, ක්රීඩා සැලැස්ම ආදිය ඔබට කාලසටහන් ආකාරයට සකස් කර දරුවාගේ ඇස ගැටෙන ස්ථානයක තැබිය හැකියි

 

විශේෂ කාරණය වන්නේ මෙවැනි කුඩා ක්රියාකාරකම් මගින් දරුවාට තම දවස ක්රමාණකූලව ගත කිරීමට කුඩාකල සිටම හුරු කරවිය හැකි වීමයි. නමුත් සෑම විටම දරුවාට අනවශ් පීඩනයක් එල්ල නොවන පරිදි ඔබ වඩාත් බුද්ධිමත්ව මෙන්ම ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි

 

«

»