ආචාරශීලී සංවාද කලාවක් දරුවන්ට උගන්වන්නේ මෙහෙමයි 

දරුවන් කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ සංවාද කරන්නන් නෙමෙයි. ඇත්ත වශයෙන්ම, දරුවන් තමන් සමඟම කතා බහ කරන්න වැඩි කැමැත්තක් ස්වභාවයෙන්ම දක්වනව. ඔවුන් තව කෙනෙක් හා කතා කරනවා නම්, ඒ හැම කෙනෙක්ම, විශේෂයෙන් දෙමව්පියන්, ඔවුන් කරන ඕනෑම දෙයක් නවතා ඔවුන්ට කන් දිය යුතු‍යි කියලායි දරුවන් සිතන්න පුරුදු වෙලා ඉන්නේ.

මේ අනුව, දෙමව්පියන්ගේ දුරකථන සංවාද, රැස්වීම්, මිතුරන් සමඟ කරන සංවාද සහ ඔවුන්ගේ වැඩ කටයුතු වලට දරුවන්ගෙන් බාධා ඇති වෙන අවස්ථා ඕනේ තරම් උදා වෙනවා. යම් වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට උත්සාහ කරන හෝ රැකියාවෙන් ගෙදර ගෙනා ලිපිගොනු සමඟ වැඩ කරන දෙමාපියන්ගේ දරුවන් ගොඩක් වෙලාවට ඔවුන්ගේ සිතුවිලි, සංවාද, කාලය සහ අවකාශය තුළට අනවසරයෙන් ඇතුළු වන බව සොයා ගෙන තිබෙනවා.

ඒ වගේ වෙලාවකදී ඔබට ඔබේ දරුවන් කිහිප වතාවක් සතුටු කරන්න පුළුවන්. නමුත් ඔවුන් ඔබට බාධා කරන සෑම අවස්ථාවකම නොවේ. කොයි මොහොතක හෝ ඔවුන්ගේ බාධා කිරීම් ඔබේ ඉවසීමේ සීමාව ඉක්ම ගිහින් ඔබ දරුවාට සැර කරන්නත් පුළුවන්. වැඩි කල් යන්නට මත්තෙන් මෙය පුරුද්දක් බවට පත්වන අතර ඔවුන් ඔබේ විරෝධතා වලදී නෑසුණා වගේ ඉඳිමින්, එය ඔවුන්ගේ අයිතියක් කියලා සිතමින් දරුවන් ඔබට බාධා කරන්න පුළුවන්. ඒ නිසා ඔබේ පැවැත්ම සහ සමාජයේ අනෙක් පුද්ගලයින්ගේ ද පැවැත්ම එයා වටා කැරකෙන්නේ නැති බව කියන පණිවුඩය ඔබ දරුවාට ලබා දෙන්න ඕනේ. නුසුදුසු විදිහට අන් අයගේ අවධානය තමන්ට ලැබිය යුතුයි කියලා අපේක්ෂා කරන්න බැරි බව ඔවුන් තේරුම් ගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම, අනිත් අයට කියන්න තියෙන දේටත් සවන් දෙන්න දරුවන් ඉගෙන ගන්න ඕනේ.

 

ඔබම හොඳ සවන්දෙන්නෙක් වන්න

ඔබේ දරුවාට ඇහුම්කන් දී එයාට මඟ පෙන්වන්න, එතකොට එයා සවන් දෙන්න ඕනේ මොන අවස්ථාවේදී ද කියලා දැන ගන්නවා.

දරුවා බාධා කරනකොට එයා සමඟ අමනාප වීම හෝ නොසළකා හැරීම වෙනුවට, කතා කරන්න අවසර හම්බ වෙනකල් තමන් බලා සිටින්න ඕනේ බව කියලා දෙන්න. ඒ ගුණය වර්ධනය කරන්න. ඔබේ අත දරුවාගේ අත මත මෘදු ලෙස තබමින් හෝ ස්ථිරව වගේම කාරුණික ස්වරයකින් එම හැසිරීම දරුවාගෙන් ඉල්ලා සිටින්න.

 

ඉවසීම කියාදෙන්න

සියල්ලටම වඩා එයා දරුවෙක් බව මතක තබා ගන්න. වදෙන් බේරෙන්න කියලා අසාධාරණ බලාපොරොත්තු දරුවාට දෙන්න එපා. ඔබ දරුවා වෙත ආපසු එනකල් යම් වේලාවක් බලා සිටින්න දෙන්න. ඉවසීම කියන්නේ වැඩිහිටියන් තුළ පවා දුර්ලභ වන ගුණාංගයක් බව කවුරුත් දන්නා කරුණක්. ඇයට කීමට අවශ්‍ය දේ අමතක වී ඇත්නම් ඒක බැහැර කරන්න එපා.

 

දරුවාට අවධානය දෙන බව පවසන්න

ඔබ දුරකථනයෙන් කතා කරන වෙලාවට ඔබට බාධා නොකරන ලෙස ඔබේ දරුවාට කියන්න. එයාට කතා කරන්න ඕනේ වුණාම අතක් උස්සන්න හෝ වෙනත් වාචික නොවන ආකාරයකින් ඔබට කථා කිරීමේ අවශ්‍යතාවය සන්නිවේදනය කරන්න කියලා දරුවාට යෝජනා කරන්න. දරුවාට ඔබ සමඟ කතා කිරීමේ අවශ්‍යතාවය ඔබ පිළිගන්නා බව එයාට පවසන්න.

ඔබේ දරුවා තවමත් ඒ දේවල් ඉගෙනීම ප්‍රතික්ෂේප කරනවා නම්, ඊළඟ වතාවේ එයා ඔබේ දුරකථන සංවාදයට බාධා කරනකොට සන්සුන්ව සිටිමින් ඇයව නොසලකා හරින්න. පුළුවන් නම්, වෙනත් කාමරයකට ගිහින් එයාව අගුළු දමන්න.

 

දරුවා වෙනත් දෙයකට යොමු කරවන්න

ඔබ වැදගත් සංවාදයක් පැවැත්වීමට හා බාධා කිරීම් වලින් ආරක්ෂා වීමට කැමති බව ඔබේ දරුවා දන්නවා නම්, ඔබ ටික වේලාවක් කාර්යබහුල වෙන බව කියලා මුලින්ම ඔබේ දරුවාට කියන්න. ඊට පස්සේ එයාට වර්ණ ගැන්වීමේ පොතක් හෝ ප්‍රහේලිකාවක් වගේ යමක් දෙන්න. ඒවාට පුළුවන් යම් කාලයක් දරුවන්ව අල්ලා තියාගන්න.

 

බාධාකිරීම ගැන අත්දැකීමක් ලබාදෙන්න 

ඔබේ දරුවා සමඟ සෙල්ලමක් කරන්න. ඒ අතර එහිදී ඔබ දෙදෙනාට බාධා කරමින් තවත් තැනැත්තෙක්ට යමක් කීමට උත්සාහ කරන්න කියන්න. මේ ආකාරයෙන් සිද්ධ වුණාම බාධා කිරීම කොයි තරම් කරදරකාරීද කියලා ඔබේ දරුවා ඉගෙන ගනියි.

ඒවා ඔබම ප්‍රදර්ශනය කළොත් ඔබේ දරුවා හොඳ පුරුදු ඉගෙන ගනියි. ඒ නිසා, ඔබට කිසියම් සංවාදයකට අවතීර්ණ වීමට සිදු වුණොත් “එක්ස්කියුස් මී …” කියලා මුලින්ම කියන්න පුරුදු වෙන්න.

 

ඉගෙනීම අගයන්න

ඔබේ දරුවා ඔබට බාධා නොකර ඔබේ වැඩ හෝ සංවාද සමඟ ඉදිරියට යාමට ඉඩ දෙනකොට එයාට ප්‍රශංසා කිරීමට අමතක කරන්න එපා.

 

ආචාරශීලී ලෙස කථා කිරීමට දරුවන්ට උපකාර කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. ආචාරශීලීව කථා කිරීම කියන්නේ මනා හැසිරීමක් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණයක් පමණක් නෙමෙයි, සමබර පුද්ගලයෙකුගේ ද ලක්ෂණයක්. එමනිසා, ඔබේ දරුවා ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා හොඳින් කථා කරන හා මනා හැසිරීමක් ඇති පුද්ගලයෙක් ලෙස ඇති දැඩි කිරීම සඳහා ඉහත උපදෙස් අනුගමනය කරන්න.