දරුවෙක්ට ටූත්බ්‍රශ් එකක් පාවිච්චි කරන්න පුරුදු කරන්නෙ කොහොමද?

අපිට දත් පිහිටන්නේ කෑම කන්නම විතරක් නෙමෙයි. දත් වලින් තවත් බොහෝ ප්‍රයෝජන තියනවා. කොටින්ම තනි දතක පවා විවිධ කොටස් අන්තර්ගතයි. ඔබේ දෛනික ජීවිතයට දත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා වගේම තමයි දරුවන්ටත් දත් කියන්නේ වැදගත් ශරීර කොටසක්. දරුවන්ට එයාලගේ දත් වලින් කරන්නේ ආහාර ගන්න, හපන්න, මිශ්‍ර කරගන්න ඉඩ දෙන එක විතරක් නෙමෙයි. පුංචි කාලයේ ඉඳන්ම දරුවන්ට කථා කිරීමට ද උපකාරී වෙන්නේ නීරෝගී දත් පෙළයි. ඒ සඳහා දරුවන්ගේ පුංචි කාලයේ ඉඳන්ම හොඳ දන්ත සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ නිසා ළදරුවන්ගේ දත් මදින එකයි, කුඩා දරුවන්ට දත් මදින්න උපකාර කරන එකයි දෙමවුපියන්ගේ වගකීමක්. ඉතින් අපි දැන් දරුවෙක්ට ටූත් බ්‍රශ් එක භාවිතා කරන්න ඕනේ හරි විදිහ ගැන කතා කරමු !

ළදරුවාගේ දත් මදින්න පටන් ගන්නේ කවදාද? 

සාමාන්‍යයෙන් මාස හයේ සිට හත දක්වා කාලය තුළ දත් පේන්න පටන් ගන්නකොට දත් වල බැඳෙන මැලියම් ඉවත් කිරීම සඳහා දන්ත වෛද්‍යවරු ගෝස් වලින් විදුරුමස් පිරිසිදු කිරීම නිර්දේශ කරනවා. පහත දැක්වෙන දත් මැදීමේ උපක්‍රම උත්සාහ කරලා බලන්න.

 

හොඳ දන්ත සනීපාරක්ෂාවකට ඔබම ආදර්ශයක් දෙන්න

ඔබ බුරුසුවෙන් දත් මදින ආකාරය දෙස බලා සිටින්න දරුවාට ඉඩ දෙන්න. “අම්මයි තාත්තයි වගේ” කරන්න කියන අදහස පෙන්වමින් දරුවාව උද්දීපනය කරන්න. එයාගේ පළමුවෙනි උපන්දිනය වෙනකොට වගේ එයාගේම දත් බුරුසුවක් ලබා දෙන්න සහ පැත්තෙන් පැත්තට මැදීම විනෝදජනක බව අඟවන්න. ඔබේ දත් මැදීම අනුකරණය කරමින් ඔබේ දරුවා මුලින්ම ඉගෙන ගන්නවා නම් එයාගේ කුඩා දත් වලින් විෂබීජ ඉවත් කිරීමේ වැඩේට බැසීම ඔබට පහසු වෙයි.

 

පළමු දත් මැදීම

ඔබේ දරුවා කලබලකාරී නැති සහයෝගිමත් දරුවෙක් නම් එයාගේ දත් පිරිසිදු කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ තෙතමනය සහිත ගෝස් වලින් එතූ ඇඟිලි තුඩක් දත් බුරුසුවක් ආකාරයට භාවිතා කිරීමයි. දත් බුරුසුවක් මුඛයට දමමින් මදින්නට ඔබට ඉඩ නොදෙන වැඩිහිටි ළදරුවන්ටත් ගෝස් හොඳින් ක්‍රියා කරයි.

 

බබාව තියාගන්න පහසුම විදිහ

දරුවා ඔබේ ඔඩොක්කුවේ තියාගෙන හිස ඔසවා ඔබේ දෙසට මුහුණ හරවාගැනීම මුඛය පරීක්ෂා කරන්න හොඳ විදිහක්. එයා එක්ක වාඩි වී සිටීම හෝ සිටගෙන සිටීම ද ඔබට හොඳ දර්ශනයක් ලබා දෙයි. වැඩිහිටි ළදරුවෙක් නම් ඔබේ අත්වල එක පැත්තකට තබා ගන්න පුළුවන්. 

 

දත් මැදීම සහ කුඩා දරුවන්

ළදරුවකුට දත් වලින් පිරුණු මුඛයක් ලැබුනට පස්සේ, විශේෂයෙන් හක්කේ දත් සඳහා ටූත්බ්‍රශ් එකක් භාවිතා කිරීම සුදුසු වෙන්නේ ඒ හරහා දත් අතර ඇති කුහර වලට ඇතුල් වීමටත් පහසු නිසායි. විදුරුමස් වලට සමානවම බැක්ටීරියා වාසය කරන දිවේ මතුපිට ද මෘදු ආකාරයෙන් මදින්නත් අමතක කරන්න එපා. පිරිසිදු කරන අතරතුරදී ඔබේ ළදරුවාට බුරුසුව රඳවා තබා ගැනීමට ඉඩ දීමත් දත් මදිනවාට එයාගේ කැමැත්ත අර ගන්න උපකාරී වෙයි. ළමයින් වැඩිපුරම දත් මදින්න විරෝධය දක්වන්නේ හුස්ම හිරවෙයි කියන බය නිසායි.

දරුවාව ඔබ අසල තබා ගනිමින් දත් මදින එක කොතරම් විනෝදජනකද කියලා එයාට බලා ඉන්න දෙන්න. දරුවාට පෙණ ටිකක් දෙන්න. ටික දවසකින් දරුවා ඔබේ දත් බුරුසුව අල්ලා ගන්න උත්සහ කරනවා නම් එයාට එයාගේම මෘදු දත් බුරුසුවක් ලබා දෙන්න කාලය හරි. ඒත් තවමත් දන්තාලේප අවශ්‍ය නෑ. ළමයින් බොහෝ විට සැර රසයෙන් යුත් ටූත් පේස්ට් වලට කැමතියි. සමහර ළමයින් කෙළ ගැසීමේ කොටසට ඇල්මක් දක්වයි. එයාලා බ්‍රශ් එක අතට ගන්නේ ඒවා අනුකරණය කරන්නේ මිසක් දත් මැදීමට නෙමෙයි.

වයස අවුරුදු තුනට අඩු ළමයින් තනිවම දත් පිරිසිදු කර ගනියි කියා බලාපොරොත්තු වෙන්න එපා. ඔබේ අතට දත් බුරුසුව අරන් මදින්න පුරුදු කරවන්න ඕනේ. ඉදිරිපස දත් වලින් මදින්න පටන් ගත්තාම හකු ප්‍රදේශයේ දත් වලට පහසුවෙන් යන්න පුළුවන්. ඔබට දත් මැදීම ප්‍රිය, සහයෝගී දරුවෙක් නම් ඉන්නේ, දරුවාගේ මුඛයට අත දමලා විවරයන් අතර බුරුසුව මෙහෙයවන ආකාරය උගන්වන්න.

 

එය ක්‍රීඩාවක් බවට පත් කරන්න

දත් මදිද්දී දරුවා කැමතිම ගීත ගායනා කරන්න, විහිලු කතාවක් කියන්න, නැත්නම් දත් ගණන් කිරීම ගැන කතා කරන්න. ඒවායින් දරුවාට දත් මදිද්දී සැහැල්ලුවක් දැනෙයි.

 

කුමන දත් බුරුසුවද සුදුසු?

කුඩා හිසක් මත මෘදු බුරුසු පේළි දෙකක් සහිත කෙටි බුරුසුවක් මුලින්ම තෝරන්න. අමතර බුරුසුවක් අරගෙන තියා ගන්න. මොකද බුරුසු ඉක්මණින් නැති වෙන්න, අපිරිසිදු වෙන්න සහ ඉක්මණින් ඉවත් කරන්න ඕනේ වෙන්න පටන් ගන්නවා. බුරුසුවේ කෙඳි නැමීලා තියෙනකොට බුරුසුව වෙනස් කරන්න.

 

කුමන දන්තාලේප ද සුදුසු ?

දන්තාලේප අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් ඔබේ ළදරුවා මදිද්දී පෙණ රස විඳිනවා නම්, මෘදු රසයෙන් යුත් දන්තාලේපයක් භාවිතා කරන්න. ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතා කිරීමට පෙර ඔබේ දන්ත වෛද්‍යවරයා හමු වෙන්න. ඔබේ දරුවා දැනටමත් ෆ්ලෝරයිඩ් අතිරේක ලබා ගන්නවා නම් හෝ ෆ්ලෝරයිඩ් සහිත ජලය පානය කරනවා නම් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතා කරන්න එපා. ඔබේ දන්ත වෛද්‍යවරයා ෆ්ලෝරයිඩ් දන්තාලේප‍යක් නිර්දේශ කරනවා නම් කව්පි ඇටයක ප්‍රමාණයෙන් බ්‍රශ් එක මතට ටූත්පේස්ට් දමන්න. මොකද ළමයින් දන්තාලේප ගිලින්න උත්සහ කරන නිසා අධික ලෙස ෆ්ලෝරයිඩ් දත් වලට හානි කරන්න පුළුවන්.

කිරි දත් ගැන කලබල වන්නේ ඇයි?

බබාට කෙසේ හෝ ඒ සියල්ල අහිමි වෙනවා. ළදරු දත් රැකබලා ගැනීම වැදගත්. මෙම කිරි දත් වලින් පසු කාලයේදී එන ද්විතීයික හෝ ස්ථිර දත් සඳහා නිවැරදි අවකාශයක් දරනවා.  සෞඛ්‍ය සම්පන්න කිරි දත් පසුව එන ස්ථීර දත් වල සහ හකු වල නියමාකාර පිහිටීමට උපකාර වෙනව. ඔබට ඉන්නේ පෙර පාසැල් යන වයසේ දරුවෙක් නම් අනිවාර්‍යෙන්ම එයාගේ දන්ත සෞඛ්‍යය ගැන අවධානය දෙන්න. මොකද හිනා වෙද්දී නරක් වුණු දත් පේළියක් පෙන්වන්න කිසිම දරුවෙක් කැමති වෙන්නේ නෑ.