අවුරුදු 30ට වැඩි කාන්තා ඔබ මේ වෛද්‍ය පරීක්ෂණ කරගන්නම ඕන

ඔබේ 30 ගණන්වලදී නිසැකවම ඔබේ ජීවිතයේ විවිධ මංපෙත් විවර වෙනවා. ඒ සඳහා ඔබ දැන් වඩාත් විශ්වාසයෙන් සිටින්න ඕනේ අතර ඔබේ ශරීරය සහ තත්ත්වයන් වඩාත් හොඳින් පිළිගන්න ඕනේ. ගොඩක් කාන්තාවන්ට ජීවිතය පරිණත වෙන්න පටන් ගන්නේත් තුන් වෙනි දශකය ආරම්භ වෙනවාත් සමඟයි. මේ වයසේදී ඔබ සතුටින් සිටීමටත්, ඔබේ විසි ගණන්වලදී ඔබට අහිමි වූ පැය 8 ක නින්ද ලබා ගැනීමටත් වගබලා ගන්න.

කෙසේ වෙතත්, ඔබේ 30 ගණන්වලින් ඔබට ගෙන එන තවත් හිතන්න ඕනේ දෙයක් තමයි වැඩි සෞඛ්‍ය අවදානම් කියන්නේ. වයසට යාම ස්වාභාවිකයි. ඒ අතර බොහෝ විට ඔබ ටිකක් ක්‍රියාශීලී හා ජවසම්පන්න බවට පත්වන කාලය මෙය වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුන්වන දශකය තුළට පිවිසෙන විට හෝ ඔබ තවමත් එය මධ්‍යයේ නම් සිටින්නේ, ඔබේ සෞඛ්‍යයට ප්‍රමුඛතාවයක් ලබා දීලා ඔබවම නිරන්තරයෙන් පරීක්ෂා කරගන්න ඕනේ.

ඒ නිසා සෑම කාන්තාවක්ම වයස් අවුරුදු 30 ට ළඟා වුණාම අනිවාර්‍යෙන්ම කළ යුතු වෛද්‍ය පරීක්ෂණ හයක් අපි අද ඔබ වෙනුවෙන් ලැයිස්තුගත කළා. 

 

මැමෝග්‍රෑම්

ඇමරිකානු පිළිකා සංගමය විසින් වයස අවුරුදු 30 න් පස්සේ පියයුරු වලට මැමෝග්‍රෑම් සහ MRI (Magnetic Resonance Imaging) පරීක්ෂණ සමඟ වෛද්‍යවරයෙක් විසින් වාර්ෂිකව සායනික පියයුරු පරීක්‍ෂා කිරීමක් කළ යුතු බව නිර්දේශ කරනවා.

පියයුරු පිළිකා ඇතිවීමේ සාමාන්‍ය අවදානමක් ඇති කාන්තාවන්ට වයස අවුරුදු 40 දී වුණත් මැමෝග්‍රෑම් කරන එක ආරම්භ කරන්න පුළුවන්. ඔවුන්ට වයස අවුරුදු 45 සිට අනිවාර්යය වාර්ෂික මැමෝග්‍රෑම් ක්‍රමයක් නිර්දේශ කෙරෙනවා.

 

පැප් ස්මියර්

මෙම ක්‍රියා පටිපාටිය කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂා කිරීම සඳහායි යොදා ගන්නේ. පැප් ස්මියර් එකක් ඇත්ත වශයෙන්ම, වයස අවුරුදු 21 න් පස්සේ වයස අවුරුදු 65 දක්වා කාන්තාවන් අවුරුදු 3 න් 3ට කරන්න ඕනේ කියලා නිර්දේශ කෙරෙනවා. මෙය යෝනි මාර්ගයෙන් සිදු කරන පරීක්ෂණයක් නිසා ලංකාව වගේ රට වල නම් විවාහක අවිවාහක බව සලකා බලනවා. 

 

HPV පරීක්ෂාව

වයස අවුරුදු 30 න් පස්සේ ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා එය වඩා හොඳ හඳුනා ගැනීමට පැප් ස්මියර් පරීක්ෂණයක් සමඟ HPV පරීක්ෂාව කරන්න පුළුවන්.

 

Lipid profile

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරන අතරම ඇමරිකානු හෘද සංගමය විසින් වයස අවුරුදු 20 සිට සෑම අවුරුදු හතරක් හෝ හයක් දක්වා සෑම නිරෝගී කාන්තාවකටම Lipid profile පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා නිර්දේශ කරනවා.

 

Thyroid function tests and complete blood count (CBC)

මෘදු රක්තහීනතාවය සහ clinical hypothyroidism වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ කලාතුරකිනුයි. ඒ නිසා ඔබේ හිමොග්ලොබින් සහ තයිරොයිඩ් පැතිකඩ ගැන දැන ගැනීමට, කල්තියා හඳුනා ගැනීමට, ප්‍රතිකාර කිරීමට සහ ඔබේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට මෙම පරීක්ෂණ උපකාරී වෙනවා.

 

සාරවත්බව සහ ගර්භණීභාවය ගැන පෙර ඇගයීම

ඔබේ සාරවත් බව තක්සේරු කිරීම සඳහා නාරිවේද වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට මෙය සුදුසු වයස වෙනවා. ඩිම්බකෝෂ සංචිතය පිළිබඳ බලද්දී කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වල ඩිම්බ ගණන 20 ගණන්වල අග භාගයේ සිට අඩු වන අතර 30 දශකයේ අග භාගයේ සිට විශාල ලෙස අඩු වෙනවා.

ඔබ ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අදහස් කරනවා නම්, අඩු සංචිතයකදී ඇති විකල්පයන් දැන ගැනීම සඳහා ඔබේ ඩිම්බකෝෂ සංචිත පරීක්ෂා කිරීම සුදුසුයි.

වයස නොතකා ගැබ් ගැනීමක් සැලසුම් කරන සියලුම කාන්තාවන්ට පූර්ව ගර්භණී පරීක්ෂණයක් නිර්දේශ කෙරෙනවා.

ඔබ ගැබ් ගැනීමට තරම් සෞඛ්‍ය සම්පන්නද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ කිහිපයක් මෙයට ඇතුළත් වෙනවා – නැත්නම් ගර්භණීභාවයට පෙර ඔබේ සීනි හෝ තයිරොයිඩ් මට්ටම නිවැරදි කිරීම අවශ්‍යද යන්න ගැන සොයා බැලෙනවා.

 

ඔබ පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා රුබෙල්ලා එන්නත නිර්දේශ කරයි. ගර්භණීභාවය අවුල් කරන්න පුළුවන් සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න. ඒ මඟින් ගැටලු කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ඇති විකල්පයන් පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ඔබට වෛද්‍යවරු ලබා දෙයි.

 

ඔබේ නාරිවේද වෛද්‍යවරයා සමඟ කතා කරලා ඔබට වාර්ෂිකව මෙම පරීක්ෂණ අවශ්‍ය වීමේ හැකියාව ගැන සාකච්ඡා කරන්න. ඇයගේ / ඔහුගේ උපදෙස් අනුව අවශ්‍ය පරීක්ෂණ කරගනිමින් නිරෝගීව සිටින්න.