ගර්භණී සමයේදි ඔමෙගා – 3 අම්ල මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ

බහු අසංතෘප්ත මේද අම්ල අඩංගු ඔමෙගා – 3 ගර්භණී සමය තුළ භ්රෑණයේ සංජානන හා දෘෂ්‍ය සංවර්ධනයඉතා වැදගත් කාර්යභාරයක් සිදුකරන බැවින් වෛද්යවරුන් ගර්භණී කාන්තාවන්ඔමෙගා – 3 මේද අම්ල දෛනිකව ගැනීමනිර්දේශ කරනු ලබනවා. මෙම මේද අම්ල ශරීරය තුළ නිපද නොවන බැවින් භාහිර ප්රභවයන්ගෙන් ලබාගත යුතු වෙනවා

 

ඔමේගා -3 මේද අම්ලවල ඇති වැදගත්කම

ඔමෙගා – 3 මේද අම්ලයන් හි අන්තර්ගත වඩාත් වැදගත් ප්රභේදයන් දෙක වන්නේ DHA (docosahexaenoic acid) සහ EPA (eicosapentaenoic acid) යන අම්ලයන් දෙකයි. මෙම අම්ලයන් දෙකම සිරුර තුළදී එක්ව ක්රියා කරනු ලැබූවත් එකිනෙකා පරදවන සුවිශේෂි ගුණාංග වලින් යුක්ත වෙනවා. DHA අම්ලය මොළය, ඇස් සහ මධ්යම ස්නායු පද්ධතිය ක්රියාකාරිත්වයට උපකාරි වන අතර EPA අම්ලය ප්රතිශක්තිකරණ පද්ධතියේ ක්රියාකාරිත්වයට සහ හෘදය වස්තුවේ ක්රියාකාරිත්වයට උපකාරි වෙනවා. 

ඊට අමතරව ඔමෙගා – 3 මේද අම්ල මගින් රුධිර පීඩනය, ස්නායු සම්ප්‍රේෂණය, රුධිර කැටි ගැසීම, ආසාත්මිකතා ප්රතිචාර, හෝමෝන නිපදවීම සහ වකුගඩු හා ආමාශ ආන්ත්රයික ප්රතික්රියාවන් නිසි පරිදි පාලනයහේතුවන prostaglandins සමබර ලෙස පවත්වාගෙන යාමට උපකාරි වෙනවා. 

 

ගර්භණී සමයේදී ඔමෙගා – 3 මේද අම්ල ලබාගැනීමෙන් අත්වන ප්රතිලාභ

කළල රූපයේ ස්නායු වර්ධනය සදහා මෙන්ම මුල් ගර්භණී අවධියේදී කළලයේ, මොළයේ සහ දෘශ් වර්ධනයට DHA සහ EPA අත්ය්වශ් වෙනවා. විශේෂයෙන් ගර්භණී සමය තුළ මවගේ ශරීරයට අත්යවශ් වන ඔමෙගා – 3 ප්රමාණය පාලනයබොහෝ විට වෛද්යවරුන් අතිරේක මාත්රාවක් ලෙස ඔමෙගා – 3 ලබා ගැනීම නිර්දේශ කරනු ලබනවා. එමෙන්ම දරු ප්රසූතියෙන් පසුව මවුකිරි නිපදවීමේදි ඔමෙගා – 3 මේද අම්ල බෙහෙවින් ප්රයෝජනවත් වෙනවා. 

සාමාන්යයෙන් ගැබ් ගැනීමෙන් මවගේ සිරුරේ ඔමෙගා – 3 ප්රමාණය ක්රමයෙන් අඩුවීම සාමාන් තත්ත්වයක්. එමනිසා කුස තුළ සිටින දරුවාගේ සමබර සංජාන වර්ධනයනිතිපතා ආහාර වේලට ඔමෙගා – 3 මේද අම්ල එක්කර ගත යුතු වෙනවා. 

 

ගර්භණී සමයේදි ඔබට ඔමෙගා – 3 ලබාගත හැකි ප්රභවයන්

සැමන්, හුරුල්ලන්, සාලයන් වැනි මුහුදු මාලු ආහාරයට එක් කරගත යුතු අතර ඔමෙගා – 3 එක්කර ඇති කිරි, සෝයා, බිත්තර, ධාන්ය වර්ග, පාන්, යුෂ සහ යෝගට් වැනි දේ ආහාරයට ගැනීම සුදුසු වෙනවා. විශේෂයෙන් ඇසුරුමෙහි DHA සහ EPA අම්ලයන් අඩංගු වෙනවා කියා ලේබලය පරීක්ෂා කර බැලීම කළ යුතුයි

 

ඔමෙගා – 3 මත්ස් තෙල් වල ගුණාත්මකභාවය

  • ගර්භණී සමයේදි ඔබ ගුණාත්මකභාවයෙන් යුතු මත්ස් තෙල් සෑමවිටම ලබාගත යුතු වෙනවා. 
  • නැවුම් මාලු ආහාරයට ගැනීමට ඇතැම් කාන්තාවන් ප්රිය වුනත් එමගින් සිරුරේ රසදිය ප්රමාණය වැඩිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් වෙනවා. 
  • බොහෝ මත්ස් තෙල් නිෂ්පාදකයින් ඒවා නිෂ්පාදනය අතරතුර රසදිය පිරිපහදුකර ඉවත් කරන බැවින් සෑමවිටම ඔමෙගා – 3 මේද අම්ල ලබාගැනීමට ආහාර අතිරේකයක් (supplement) ලබාගැනීම සුදුසු වෙනවා. 

 

ඔබ ගර්භණීභාවය අපේක්ෂාවෙන් පසුවනවා නම් හෝ ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තාවක් නම් සෑම විටම පෝෂණ උපදෙස් පිළිපැදිය යුතු වෙනවා. සුළු හෝ අතහසුවීමකින් හෝ ඔබගේ නොසැලකිලිමත් වීමෙන් කළලයට අවශ් පෝෂණය නොලැබී යාමට ඉඩ තිබෙනවාඑමනිසා සෑමවිට සැලකිලිමත් වීමෙන් නීරෝගි සහ ප්රීතිමත් ගර්භණී සමයක් ගත කිරීමටත් නිරෝගි දරුවකු මෙලොවට බිහි කිරීමටත් ඔබටත් හැකි වෙනවා.