මේ පුරුදු 10 තියනවානම් ඔබත් හොඳ මවක්/පියෙක්

දෙමාපියභාවය කියන්නේ  ප්‍රීතිමත් කාලයක්. ඔයා පළමු වරට දරුවාව ඔයාගේ අත්වල තබාගෙන සිටින විට, මොනතරම් සුන්දර හැඟීමක් දැනුනාද? දරුවන් මීට පෙර කවදාවත් නොකළ දෙවල් කිරීමට උත්සහ කරනවා. ඉතිං කාලයත් සමඟම දරුවා වැඩෙන විට ඔවුන්ගේ කාර්යභාරය සහ වගකීම් ද වැඩි වෙනවා. පළමු වරට මවක් වෙන්න සුදානම් වන ඕනෑම අම්මා කෙනෙක් බොහෝ විට අනෙක් අයගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. අත්දැකීම් ලබා ගෙන සහ ඉවසීමෙන් කටයුතු කිරීමෙන් යහපත් දෙමාපියෙකු වෙන්න පුළුවන්. ඔයාගේ පහසුව වෙනුවෙන් හොඳ ගුණාත්මක කාලයක් ඉතිරි කර ගැනීමට සහ හොඳ මවක් වීමට මේ පුරුදු පිළිපදින්න.

 

1. දරුවන් සමඟ සිනාසෙන්න

ළමයින් සමග සිනාසීම වැදගත්. ඔයාලා දෙදෙනා මුහුණට මුහුණ බලා සිනාසීමෙන් ශාරීරිකව මෙන්ම මානසිකව සුවපත් වෙනවා. ඔයා දරුවන් සමඟ සිනාසීමේදී ඔවුන්ට ආරක්ෂිත බවක් ඇති කරනවා. දිනකට දෙවරක් හෝ තුන් වරක් සිනාසෙන්න. එය ඔයාලා දෙදෙනාටම හොඳයි!

 

2. වැඩිහිටියන් ලෙස ඔවුන්ට සලකන්න එපා

ළමයින් යම් යම් හේතු නිසා ඔවුන් වැඩිහිටියන් මෙන් හැසිරෙනවා. ඒ වගේම ඔවුන් දේවල් ඉගෙන ගැනීමට සහ තේරුම් ගැනීමට කාලය අවශ්‍ය වෙනවා. ඔවුන් සමඟ ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඉක්මන් වෙන්න එපා.

 

3. සරල නීති සාදන්න

එය ආහාර, ක්‍රීඩා සඳහා කාලය හෝ වෙනත් ඕනෑම දෙයක් වේවා, සෑම විටම ළමයින් සඳහා සරල නීති රීති සකසන්න, ඔවුන් එය පිළිපදිනවා දැයි සොයා බලන්න. නීති සරල කරන්න, නීති රීති මගින් ඔවුන්ගේ හැසිරීම පාලනය කර යහපත් දරුවෙක් කරනවා.

 

4. අඩුවෙන් කතා කරන්න, වැඩිපුර ක්‍රියා කරන්න

සමහර අවස්ථා වලදී ඔයා පැවසීම නතර කර ක්‍රියා කිරීමට පටන් ගන්න ඕනේ. විශේෂයෙන්ම ළමයා නොකළ යුතු දෙයක් හෝ නොසැලකිලිමත් දෙයක් කරන විට ඔයාගේ වචන වලට වඩා ක්‍රියාවන් භාවිතා කර ඔහුට පාඩමක් උගන්වන්න. සුළු දඬුවමක් මගින් දරුවාගේ ක්‍රියාකාරකම්වල ධනාත්මක වෙනසක් ඇති කළ හැක.

 

5. දඬුවමට වඩා තෑග්ගක් දෙන්න

දරුවාගේ යහපත් හැසිරීම නොසලකා හරින්න එපා. සෑම විටම මතක තබා ගෙන තෑග්ගක් අරන් දෙන්න. එබැවින් ඔයා ඔහුට එක් වරක් දඬුවම් කළහොත්, ඔහුට තෑගි තුනක්වත් දීමට වග බලා ගන්න. නිතර නිතර තෑගි දීමෙන් ඔහු තුළ යහපත්කමේ හැඟීමක් ඇති කරනවා.

 

6. ඔවුන්ට ක්‍රියාවෙන් කර පෙන්වන්න

ළමයින් නිතරම ඔයා කියන හැම වෙලාවේම අහන්නේ නැහැ. නමුත් ඔයා එය ක්‍රියාවෙන් කරනවා ඔවුන් දකින විට, ඔවුන් එය බොහෝ විට අනුගමනය කරනවා. ඔයාගේ දරුවන්ට ආදර්ශමත් චරිතය වීමට ඔයාට අවශ්‍ය නම්,  වචනවලට වඩා ක්‍රියාව බලවත් බව මතක තබා ගන්න.

 

7. ඔවුන්ට අඩුවෙන් බාධා කරන්න

ළමයින් ඔවුන්ගේ ප්‍රියතම ක්‍රියාකාරකම් කරන විට කරදර කරනවට කැමති නැහැ. ඔයා ඔවුන්ට බාධා කළහොත්, ඔවුන් අමනාප වී රළු වචන භාවිතා කළ හැක. දුර සිට ඔහුව නිරීක්ෂණය කර අඩුවෙන් බාධා කිරීම සැමවිටම හොඳයි.

 

8. බලෙන් පෝෂණය කරන්න එපා

ළමයින් කන්නේ බඩගිනි වූ විට පමණයි. ඔයා දරුවන්ට බලහත්කාරයෙන් පෝෂණය කිරීමට උත්සාහ කළහොත්, ඔවුන් ආක්‍රමණශීලී වීමට හෝ ආහාර ඉවත දැමීමට ඉඩ තියෙනවා. දරුවට කුසගිනි ඇති වූ විට ඔහුම ඉල්ලාගෙන ආහාර ගනී.

 

9. සෑම විටම ලොක්කා වෙන්න එපා

ළමයින් නිදහසේ සිටීමට කැමතියි. ඔවුන් සඳහා නීති රීති සැකසීම හොඳ වුවත්, ඔවුන් කරන ඕනෑම දෙයක් කරන්න එපා කියලා බල කරන්න එපා. ඔවුන්ට අවශ්‍ය දේ කිරීමට ඔවුන්ව නිදහස් කිරීම මගින් ඔවුන්ට තනිවම ඉගෙන ගැනීමටද වැදගත් වෙනවා.

 

10. ඔවුන්ට නින්දට යන විට කතාවක් කියවන්න

ළමයින් ඔවුන්ගේ ප්‍රියතම කතන්දරය අසා නිදා ගැනීමට කැමතියි. එමගින් දෙමව්පියන්-ළමයින් අතර ඇති බැඳීම ශක්තිමත් කරනවා පමණක් නොව, ධනාත්මක මනසකින් නිදා ගැනීමටද උපකාරී වෙනවා.