මේ දේවල් 7 දරුවන්ට කියන්න කලින් කීප වතාවක් සිතන්න

දෙමාපිය රැකවරණය ඉතා අමාරු කාර්යභාර්යයක් වන අතර හැම දෙමව්පියෙකුම එම අභියෝග අත්විදලා තියෙනවා. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දිවා රෑ නොබලා විශාල උත්සාහයක් දැරීමට අවශ්‍ය වෙනවා. සමහර අවස්ථා වලදී බොහෝ විට දෙමව්පියන්ට කලකිරීමට පත් වෙනවා. ළමයින්ගේ ජීවිත කාලය පුරාම කැළලක් ඇති කළ හැකි දේවල් කිහිපයක් ගැනයි කියන්න හිතුවේ. අනිත් දවසේ මේ දේවල් 7 දරුවන්ට කියන්න කලින් දෙවරක්වත් සිතන්න.

 

තවත් දරුවෙකු සමග සැසඳීම 

සැසඳීම කියන්නේ දරුවාට කළ හැකි නරකම දෙයයි. ‘ඔහු ඔයාට වඩා හොඳයි’ සහ ‘ඔයාගේ සහෝදරයා මෙන් වීමට උත්සාහ  නොකරන්නේ ඇයි’ වැනි වචන මගින් සිතාගත නොහැකි තරම් දරුවෙකුගේ සිත රිදවනවා. සෑම දරුවෙකුටම තමාගේම අනන්‍යතාවයක් ඇති අතර ඔහුට/ ඇයට වෙනස් වීමට අවශ්‍ය වෙනවා. ඔහුගේ ක්‍රියාවන් අන් අය සමඟ සංසන්දනය කිරීමෙන් දරුවා අධෛර්යමත් වන අතර දරුවන් වෙනත් කෙනෙකු ආදර්ශයට ගැනීමට පටන් ගන්නවා.

 

තාත්තට කියනවා

සමහර විට ළමයින් අතින් වැරදි සහ ඇතැම් හැසිරීම් ඔයාට තනිවම පාලනය කර ගන්න බැහැ. ඉතිං විසඳුමක් විදිහට ඔයා දරුවාව බය කරන්න භාවිතා කරන්නේ මේ උපක්‍රමයයි. ‘තාත්තා ගෙදර එන විට මම ඔහුට සියල්ලම කියනවා’ කියලා බය කරනවා. ඔහු ටික වේලාවක් නතර කළ හැකි නමුත් දඟ වැඩ නම් ඉවරයක් වෙන එකක් නැහැ. ඔයාගේ ඉල්ලීම පරිදි ඔහුට බැණ වදින්නේ නම්, දරුවා තාත්තා ළග සිටින විට සැමවිටම බියකින් යුතුව තමයි ජීවත් වෙන්නේ.

 

අඬන්න එපා

දරුවන්ට අඬන්න අවශ්‍යයි. වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ගේ හිත් මෘදු වන අතර සෙල්ලම් බඩුවක් කැඩුණු විට පවා ඕනෑම දෙයකට අඬන්න පටන් ගන්නවා. ඔයාගේ දරුවා අඬනවා දුටු විට, අඬන්න එපා කියලා ඉල්ලා සිටිනවාට වඩා, ඔහුව හුරතල් කිරීම සහ සැනසීම වඩා හොඳයි. 

 

ඔයා පරාජිතයෙක් 

ඔයා පරාජිතයෙක් වැනි වචන දරුවෙක් තම දෙමාපියන්ගෙන් ඇසීමට අකමැතියි. ළමයින් දේවල් කිරීමට කාලය අවශ්‍ය කරන අතර ඔවුන් ඒ සඳහා පරිපූර්ණ වන්නේ නැහැ. ඔවුන් කාලය ගෙන අඛණ්ඩ උත්සාහයෙන් ඉගෙන ගන්නවා. ඉක්මන් වීම මගින් ඔවුන්ගේ අභිප්‍රේරණයට බාධාවක් විය හැකි අතර ඔවුන් සදහටම තමන් කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගන්නවා. ඒ නිසා කාලයට ඉඩ දී බලාගෙන ඉන්න. 

 

මට කරදර කරන්න එපා

දෙමව්පියෙකු නිවසක් කළමනාකරණය කිරීම කිසි විටෙක පහසු කාර්යයක් නෙමෙයි. නිවස තුළ බොහෝ දේ කිරීමට ඇති බව අපි දන්නවා. නමුත් කොතරම් වැඩ තිබුණත් දරුවා නොසලකා හරින්න එපා. දරුවා ඔහු කරන සෑම දෙයක් සඳහාම ඔයා මත රඳා පවතී, එබැවින් ඔහුව ප්‍රතික්ෂේප කරන්න එපා.

 

මට කමක් නැහැ

ළමයින් තමන්ගේම ලෝකයේ ජීවත් වන අතර ඔවුන්ටද ගැටළු පවතිනවා. ඔවුන් එය ඔයා වෙත ගෙන එන විට, එය ගණන් නොගන්නා බව ඔවුන්ට පවසන්න එපා. ගැටළු විසඳා ගැනීමට කිසිවෙකු ඔවුන් සතුව නොමැති බව දැනෙන විට දරුවන්ගේ හදවත බිඳ වැටිය හැක. ඔවුන්ගේ කරදර ගැන ඔයා උනන්දු වන බව පෙන්වන්න.

 

නියම වැඩක්

සෑම දරුවෙකුම තම දෙමාපියන්ගෙන් ‘නියම වැඩක්’ කියලා ඇසීම සතුටට කරුණක් වුවද, එය සැමවිටම කියන්න හොඳ නැහැ.  ඔහු යම් දෙයක් ඉටු කරන සෑම අවස්ථාවකම එය අසන්නට ඇති අපේක්ෂාව වැඩි කරනවා. ඔහුගේ උත්සාහය අගය කිරීම වැදගත්වනවා.