දරුවාව අපහසුතාවයට පත් කරන මේ දේවල් ගැන දැනුවත් වෙන්න! (02)

ළදරුවන්ට කනස්සල්ල හෝ බිය ප්‍රකාශ කරන්න බැහැ. ඉතින්, අඬලා තමයි දරුවන්ගේ හැඟීම් අපිට කියන්නේ. මේ ගැන කරදර වෙන්න ඕනි නැහැ. මෙය දරුවාගේ වැඩෙන ක්‍රියාවලියේම කොටසක් වන අතර කාලයත් සමඟ තම දරුවාගේ අපහසුතාවයට හේතුව ඔයාට ඉබේටම තේරෙන්න පටන් ගන්නවා. දරුවා උස් මහත් වෙද්දී  ඔහු / ඇයගේ ගැටළු සන්නිවේදනය කිරීමේ වෙනත් ක්‍රම ඉගෙන ගන්නවා. අද baby and me අපි ඔයාට දරුවාව අපහසුතාවයට පත් කරන මේ දේවල් ගැනයි කියන්න හිතුවේ. අපි මේ ගැන මීට පෙර ලිපියේදිත් සාකච්ඡා කරා.

 

දත් කැක්කුම

පළමු දත කියන්නේ දරුවාගේ වර්ධනයේ සන්ධිස්ථානයකි. දරුවාගේ දත් එන්න පටන් ගත් විට, රතු ඉදිමුණු විදුරුමස් නිසා දරුවට විශාල වේදනාවක් ඇති වෙනවා. දරුවා ද කෝපයට පත් විය හැකි අතර ආහාර රුචිය නැති වෙලා යනවා. දරුවා මාස හයකට වඩා වැඩි නම්, වේදනාව සමනය කිරීම සඳහා දරුවාට සීතල යමක් ලබා දෙන්න. මෙය පීඩනය සමනය කර වේදනාව අඩු කරයි. වේදනාව අඩු කර ගැනීම සඳහා, මවුවරුන්ට ළදරුවාගේ විදුරුමස් පිරිසිදු ඇඟිල්ලකින් සම්බාහනය කරන්න.

 

කම්මැලිකම

කිසිවක් නොකර එක තැනක වාඩි වී සිටිමට ඔයා කැමතිද? නැහැනේ. ළදරුවන්ට විනෝද වීමට සහ දෙමව්පියන්ගේ අවධානය දිනා ගැනීමට කිසිවක් හෝ කරනවා. පොඩ්ඩා වැඩි කාලයක් තනිවම සිටියහොත් ද කම්මැලිකමක් ඇති වෙනවා. අඬමින් ඔවුන්ගේ අප්‍රසාදය පෙන්වනවා. දරුවාට යම් කාලයක් සෙල්ලම් බඩු සමග සෙල්ලම් ඉඩ දෙන්න. දරුවාගේ තොටිල්ල අලුත් ස්ථානයකට ගෙන යන්න. එමගින් ඔහුට නව දේවල් දැක ගන්න පුළුවන්. ළදරුවන්ටද සුදුසු සංගීතයක් දාන්න. 

 

කුසගින්න

දරුවාට අපහසුතාවයක් දැනීමට එක් ප්‍රධාන හේතුවක් තමයි කුසගින්න කියන්නේ. ළදරුවන්ට පොඩි බඩක් තමා තියෙන්නේ. ඉතිං වැඩිහිටියන් මෙන් එක වර වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න බැහැ. සෑම පැය තුන හතරකට වරක් දරුවන්ට බඩගිනි දැනෙනවා. වෛද්‍යවරුන් නිතරම මව්වරුන්ට උපදෙස් දෙන්නේ තම දරුවන් නියමිත වේලාවට පෝෂණය කරන කියලායි. සමහර ළදරුවන් තෘප්තිමත් වන තුරු මව් කිරි පානය කිරීමට කැමැත්තක් දක්වන අතර තවත් සමහරු ටිකෙන් ටික පානය කරන්න කැමතියි. දරුවන්ගේ බඩගින්න පිරී ගිය පසු, ඔවුන් සතුටින් හා ජවසම්පන්නව නිදා ගන්නවා.

 

නපුරු සිහින දැකීම 

සමහර අවස්ථාවලදී රාත්‍රියේදී දකින නරක සිහින නිසා ළදරුවන්ට අපහසුතාවයක් දැනෙනවා. රාත්‍රී සිහින දරුවාගේ නින්දට බාධා ඇති කර බිය උපදවන සිතුවිලි ඇති කරනවා. දරුවා කෙඳිරිගාමින්, මැසිවිලි නඟමින් හෝ මිනිත්තු කිහිපයක් එහාට මෙහාට වී නැවත නින්දට යනවා. නමුත් ළදරුවන්ට අවදි වන විට එය අමතක වෙලා. සමහර වේලාවන්ට නින්දේ අවසාන භාගයේදී බියකරු සිහින දකින අතර දරුවා අවදි වී කෑගසයි. නපුරු සිහින සාමාන්‍ය සිහිනයක් ලෙස ආරම්භ වන අතර නරක අතට සෙමින් වෙනස් වෙනවා. මේ සිහින දරුවන්ට දින කිහිපයක් මතකයේ රැඳෙනව.