දරුවාට ජංගම දුරකථන භාවිතයට දීමේදී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න

දරුවාට ජංගම දුරකථනයක් සඳහා සුදුසු වයසක් නොමැති බව අපි පෙර ලිපියක කතා කළා මතක ඇති. දරුවෙකු සඳහා ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දෙන්නේ නම් අවම වයස අවුරුදු 10 – 12 ක් පමණ විය යුතු බවයි සමීක්ෂණ මගින් ඇස්තමේන්තු කර තියෙන්නේ. ළමයින් සඳහා අනාරක්‍ෂිත වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන, දරුවා සිටින ස්ථානය පහසුවෙන්ම දැන ගැනීමට ඇති එකම ක්‍රමය ජංගම දුරකථනයයි. නමුත් දෙමව්පියන් සෝදිසියෙන් නොඉන්නේ නම් හා පරිස්සම් නොවන්නේ නම් ජංගම දුරකථන ඔයාගේ දරුවන්ට යහපතට වඩා හානියක් කළ හැක. ජංගම දුරකථන වලින් ඔයාගේ දරුවා ආරක්ෂිතව තබා ගැනීමට උපදෙස් 6 ක් මෙන්න.

 

1. අනවශ්‍ය වෙලාවලදී මැසේජ් කරන්න එපා

 

රිය පැදවීමක් අතරතුරදී දුරකථනය භාවිතා කිරීම තහනම් කරන්න. කෙටි පණිවිඩ යැවීම හෝ කථා කිරීම (ළමයින් අවුරුදු 18+ නම්) අතරතුරදී රිය පැදවීම හෝ බයිසිකල් පැදීම පවා භයානකයි. එය මාරාන්තික විය හැකි බව ඔයාගේ දරුවාට දන්වන්න. ඒ වෙනුවට, ඇයට කෙටි පණිවිඩයක් යැවීමට හෝ ඇමතුමක් ගැනීමට අවශ්‍ය නම් රිය හෝ බයිසිකලය සුළු මොහොතකට පැදීම නතර කරන ලෙස තදින්ම අවවාද කරන්න. 

 

2. සීමිත දුරකථන වේලාව

දුරකථනය භාවිතා කරන කාලය සීමා කරන්න. ඔයා දරුවාට දුරකථනයක් ලබා දීමට පෙර, සෑම විටම දුරකථනය භාවිතා කිරීම සහ ළඟ තබා ගැනීම තහනම් බව ඇයට කියන්න. උදාහරණයක් විදිහට පවුලේ අය එකතු වෙන වෙලාවට, රාත්‍රී ආහාරය ගන්නා වේලාවට හෝ නිවසට අමුත්තන් සිටී නම් දුරකථනය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව පැහැදිලි කරන්න.

 

3. සයිබර් හිරිහැර කිරීම

 

යමෙකු අන්තර්ජාලය හරහා හෝ කෙටි පණිවිඩ මගින් ඇයට හිරිහැර කිරීමට උත්සාහ කරන්නේ නම් පවුලේ කෙනෙකු දැනුවත් කළ යුතු බව දරුවාට පවසන්න.  

 

4. පුද්ගලික තොරතුරු බෙදා ගැනීම

 

වර්තමානයේ සෑම කෙනෙකුම සමාජ මාධ්‍යවල සිටීම සාමාන්‍ය දෙයක්. කොහොම වුනත් ඇයගේ ලිපිනය, දුරකථන අංකය, පුද්ගලික ඡායාරූප යනාදිය වැනි පෞද්ගලික තොරතුරු ආගන්තුකයන්ට බෙදා ගැනීමට ඉඩ දෙන්න එපා. ඔවුන්ට අනතුරු අඟවන්න.

 

5. ඔන්ලයින් සාප්පු සවාරි

දරුවා අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම තහනම් කළ යුතුයි. අනවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ භාණ්ඩ මිලදී ගත හැකි අතර එය මුදල් නාස්තියක් විය හැක.

 

දරුවාට ජංගම දුරකථන ආරක්ෂිත කිරීමට හොඳම ක්‍රමය වන්නේ දෙමාපියන්ගේ මග පෙන්වීම සහ අවදියෙන් සිටීමයි. දෙමව්පියන් තම දරුවාගේ දුරකථන භාවිතය සහ අන්තර්ගතය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න ඕනේ.