Search here...
TOP
දරුවන්ගේ සෞඛ්‍යය

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් තෝරාගැනීමේදි මේ දේවල් හිතන්න

දෙමවුපියන් සෑමවිටම තම දරුවන්ගේ සෞඛ්යය ගැන සෑමවිටම සිතන අතර දරුවා කුඩා අවධියේ සිට නව යොවුන් විය දක්වාම දරුවාගේ සෞඛ්යය සම්බන්ධ ගැටළු ඇතිවුවහොත් එයට උපදෙස් සහ ප්‍රතිකාර ගැනීමට අවශ් නිසා ළමා රෝග විශේෂඥ වෛද්යවරයකු තෝරා ගැනීමට කටයුතු කරනවා. නමුත් එය නිවැරදි තෝරා ගැනීමක් විය යුතු වෙනවා. නිවැරදිව ළමා රෝග විශේෂඥ වෛද්යවරයකු තෝරා ගන්නේ කෙසේද? සහ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණා මොනවාද? යන කරුණු මෙම ලිපිය මගින් ඔබට දැනගැනීමට හැකියි

 

ළමා රෝග විශේෂඥ වෛද්යවරයෙක් යනු කවරෙක්ද? ඔහු සාමාන් වෛද්යවරයකුගෙන් වෙනස් වෙන්නේ කෙසේද?

ළමා රෝග වෛද්යවරයෙක් යනු කුඩා දරුවන්, නව යොවුන් වියේ පසුවන දරුවන් සහ තරුණ දරුවන්ගේ සෞඛ්යය, යහපැවැත්ම සහ සංවර්ධනය කළමණාකරණය කිරීම සම්බන්ධව විශේෂයෙන් සුදුසුකම්ලත් වෛද්යවරයෙක්. කියවීම, පුහුණුව සහ දැනුම නිතිපතා ඇගයීම තුළින් පළපුරුද්ද ලබා ගැනීමෙන් ඔවුන් තම දැනුම නිරන්තරයෙන් වර්ධනය කරගනු ලබනවා

 

ඔබ ළමා රෝග විශේෂඥ වෛද්යවරයෙකු පිළිබදව සැලකිලිමත් විය යුත්තේ කවදා සිටද?

සාමාන්යයෙන් දෙමවුපියන් ගර්භණී සමයේ දෙවන ත්රෛමාසිකයේ සිට ළමා රෝග විශේෂඥ වෛද්යවරයකු සොයාගැනීම ගැන අවධානය යොමුකරන අතර ඔබට සරිලන ආකාරයේ වෛද්යවරයකු සොයාගැනීමට යම් කාලසීමාවක් ගතවනවා. වෛද්යවරුන් කිහිප දෙනෙකු හමුවීම, පෙර දෙමවුපියන් වූ අයගේ නිර්දේශ ලබාගැනීම වැනි ක්රමයන් ඔබට අත් හදා බැලීමට සිදුවනවා

 

ළමා රෝග විශේෂඥ වෛද්යවරයෙක් තෝරා ගැනීමේ අවධානය යොමු යුතු කාරණා

වෛද්‍යවරයා හමුවිය හමුවිය හැකි ස්ථානය

ඔබගේ නිවසට, සේවා ස්ථානයට හෝ දරුවාගේ අනාගත දිවා සුරැකුම් මධ්යස්ථානය හෝ පාසල අසල ළමා රෝග විශේෂඥ වෛද්යවරයකු තෝරා ගැනීම වඩාත් සුදුසු වෙනවා. දරුවා ඉපදී පළමු වසර තුළ නිතර නිතර එන්නත් ලබා ගැනීම සහ පරීක්ෂා කිරීම් ආදිය මෙන්ම දරුවාගේ හදිසි අසනීප තත්ත්වයට වෛද්යවරයා හමුවීමට සිදුවන බැවින් ඔබට සමීප ස්ථානයක සිටින වෛද්යවරයකු නම් වඩාත් සුදුසු වෙනවා. 

ප්‍රසව හා නාරිවෛද්‍යවරයේගේ නිර්දේශය

ළමා රෝග විශේෂඥ වෛද්යවරයකු හොයා ගැනීමඔබගේ ප්රසව හා නාරිවේද වෛද්යවරයාගේ නිර්දේශය ලබාගත හැකියි

මිතුරන් සහ පවුලේ වෙනත් සාමාජිකයන්ගේ නිර්දේශය

ඔබට පෙර දෙමවුපියන් වූ ඔබගේ පවුලේ සාමාජිකයකුගෙන් හෝ මිතුරන්ගෙන් ඔවුන්ගේ දරුවාතෝරාගත් ළමා රෝග වෛද් විශේෂඥවරයා ගැන නිර්දේශ ලබාගන්න. නමුත් ඔවුන්ගේ නිර්දේශ මත පමණක් එම වෛද්යවරයා තෝරාගැනීමෙන් වැළකිය යුතුයි. එම වෛද්යවරයා මුණ ගැසී ඔබගේම අදහසක් ලබාගැනීම වඩාත් සුදුසු වෙනවා. 

පෙර රෝගීන්ගේ සමාලෝචන ලබාගැනීම

වෛද්යවරයාගේ නිපුණතාවය, හැසිරීම් රටාව, සන්නිවේදන ක්රමය, හදිසි අවස්ථා වලදී ප්රවේශ වීමේ හැකියාව, විමසීම් හැසිරවීම ආදිය ගැන අනෙකුත් රෝගීන් දක්වා ඇති සමාලෝචන කියවා අදහසක් ලබාගැනීම

 ස්ත්‍රී පුරුෂභාවය

ඇතැම් විට දරුවා ඉතා කුඩා කාලයේදි ස්ත්රී පුරුෂභාවය ගැටළුවක් නොවුනත් දරුවා වයසින් වැඩෙත්ම ඇතිවන විවිධ ගැටළු ගැන සාකච්ඡාව පහසු බැවින් දරුවාට ගැලපෙන ස්ත්රී පුරුෂභාවය සහිත වෛද්යවරයකු ඔබට තෝරාගත හැකියි

දරුවාගේ පළමු පරීක්ෂාව

දරුවා ඉපදී පළමු පැය 24 තුළ දරුවා පරීක්ෂා කිරීමට ප්රසූතිය සිදුවන රෝහල වෙත පැමිණීමේ හැකියාව සහ රෝහල සමග සබඳතාවය ගැන අදහසක් තිබීම වැදගත් වෙනවා. එසේ නොමැතිනම් දරු ප්රසූතිය සිදුවන රෝහලේ සිටින ළමා රෝග විශේෂඥ වෛද්යවරයකු ඔබට තෝරාගත හැකියි

 වෛද්‍යවරයා හමුවිය හැකි වේලාවන් 

වෛද් හමුවීම් වලට වෛද්යවරයා පැමිණෙන වේලාවන් ඔබගේ කාල සටහන් සමග ගැලපෙනවාදැයි අවධානය යොමු කිරීමත් වැදගත් වෙනවා. සති අන්තයේ වෛද් හමුවීම් තිබෙනවාද? සතියේ දිනයන් හි වෛද්යවරයාගේ කාලසටහන ඔබගේ කාලවේලාවන් සමග ගැලපෙනවාද යන කරුණු මෙන්ම නිවාඩු දිනයන් හෝ හදිසි අවස්ථාවලදී වෛද්යවරයා සම්බන්ද කරගත හැකි ආකාර ගැන කරුණු විමසා දැනසිටිම වැදගත් වෙනවා. 

දුරකතන සහ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සේවා සැපයීම

ඇතැම් අවස්ථාවල ඔබට දරුවා රැගෙන වෛද්යවරයා හමුවීමට නොහැකිවන අවස්ථා තිබෙනවා. නමුත් වෛද් උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් නිසා එවැනි අවස්ථාවන්හිදී, ළමා රෝග විශේෂඥ වෛද්යවරයා දුරකථනයෙන් හෝ අන්තර්ජාලය හරහා උපදෙස් ලබා දෙන්නේ නම් එය ඉතා ප්රයෝජනවත්. එමනිසා ඔබ තෝරාගනු ලබන වෛද්යවරයා එවැනි පහසුකම් සැපයීම සිදුකරන්නේද යන්න ගැන සොයා බැලීම වැදගත් වෙනවා. 

 

ළමා රෝග විශේෂඥ වෛද්යවරයාගෙන් මූලිකව අපේක්ෂා කරනු ලබන කාරණා

දරුවා ඉපදී පළමු දින සහ දින දෙක තුළ දරුවා පරීක්ෂා කිරීම, එන්නත් ලබාදීම සහ දරුවාගේ පෝෂණයට අදාල උපදෙස් ලබාදීම

ඉපදී සති 2ත් 4ත් අතර නැවත දරුවා පරීක්ෂා කිරීම. යම් ගැටළු ඇත්නම් සොයාබැලීම. හිස, කන්, ඇස්, මුඛය, හෘදය, පෙනහළු, උදරය, ලිංගේන්ද්රිය, ඉණ සහ කකුල් වැනි විවිධ අවයව හා ශරීර කොටස් ගැන ශාරීරික පරීක්ෂණ සිදුකිරීම

දරුවාට මාස 6 සම්පූර්ණ වනතෙක් මසකට හෝ දෙකකට වරක් දරුවා පරීක්ෂා කර බැලීම. මාස 6 සිට අවුරුද්ද සම්පූර්ණ වන තුරු මාස දෙකකට හෝ තුනකට වරක් දරුවා පරීක්ෂා කර බැලීම සිදුකරනවා

දරුවාට නියමිත කාලසීමාවේදි එන්නත් ලබාදීම

හදිසි අසනීප අවස්ථාවලදී ප්‍රතිකාර ලබාදීම

 

වෛද්යවරයා සමග වඩා හොඳ සන්නිවේදනයක් පවත්වාගන්නේ කෙසේද?

දරුවාගේ අසනීප හෝ රෝගයට අදාල විස්තර සහ රෝග ලක්ෂණ ගැන සම්පුර්ණ වාර්තාවක් ඔබ සතුව තබාගන්න. වෛද් හමුවීමේදි එය පැහැදිලිව වෛද්යවරයාට දැනුම් දෙන්න

ඔබට දරුවාගේ රෝගය හෝ දරුවා සම්බන්ධව ඇති ගැටළු සියල්ල පැහැදිලිව වෛද්යවරයාට පවසා උපදෙස් ලබාගන්න

වෛද් උපදෙස් වෙත හොඳින් සවන් දෙන්න. නොපැහැදිලි කරුණු ගැන නැවත අසන්න

සෑමවිටම වෛද්යවරයාට අවංක වෙන්න. කරුණු සැඟවීමකින් තොරව ඉදිරිපත් කරන්න. ඕනෑම ගැටළුවක් ඍජුව ආචාරශීලිව ඉදිරිපත් කරන්න

 

ඔබගේ දරුවාගේ ජීවිතයේ ළමා වෛද්‍යවරයා යනු වසර 16ක් පමණ අඛණ්ඩව සේවා සපයන්නෙක්. ඒ නිසා වඩා සැලකිල්ලෙන් සහ විශ්වාසයෙන් යුතුව එම තෝරාගැනීම සිදුකළ යුතුයි. ඔබ තෝරාගත් වෛද්‍යවරයා සම්බන්ධ ගැටළුව තිබේ නම් වෙනත් වෛද්‍යවරයකු වෙත යොමුවීමට පසුබට නොවන්න. වඩාත් වැදගත් වෙන්නේ ඔබේ දරුවාගේ සෞඛ්‍යය ගැටලු ගැන සාකච්ඡා කළ හැකි විශ්වාසවන්ත විශේෂඥ වෛද්‍යවරයෙකු සිටීමයි. 

 

«

»