Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

ගැබ් ගැනීමක් අපේක්ෂාවෙන් සිටින ඔබ අනුගමනය ක​ළ යුතු පියවර

ගැබ් ගැනීමකට සූදානම් වීම පහසු කාරණයක් නොවේ. කාන්තාවක් ලෙස ඔබ එයට ශාරීරිකවත් මානසිකවත් සූදානම් විය යුතුයි. සෞඛ්, ආහාර, ඖෂධ, ව්යායාම, දරු ප්රසූතිය සහ දරුවා මෙලොව එළිය ලැබූ පසු පැවරෙන වගකීම් ආදිය සම්බන්ධයෙන් ඇතැම් කාන්තාවන් බියකින් පසුවනවා

නමුත් එය බියවිය යුතු කාරණාවක් නොවන අතර ඔබ කළ යුත්තේ නිසි පරිදි දැනුවත් වීමත්, එයට සුදුසු පරිදි ශාරීරික සහ මානසික යෝග්යතාව පවත්වාගැනීමත්ය

 

ගැබ් ගැනීමක් අපේක්ෂාවෙන් සිටින ඔබ අනුගමනය කළ යුතු දේවල් 18ක් ගැනයි Baby and Me අපි අද මේ කියන්න හදන්නෙ.

 

1. ගර්භණී වීමට පෙර ප්රසව හා නාරි වෛද්යවරයකු මුණ ගැසෙන්න

 

 ඔබ ගැබ් ගැනීමක් අපේක්ෂාවෙන් සිටිනවා නම් පළමුවෙන් ප්රසව හා නාරිවේද වෛද්යවරයකු මුණ ගැසිය යුතුයි. එවිට හෝ ඇය ඔබගේ සෞඛ්යය තත්ත්වය, රෝගයන් පවතීද සහ පවුලේ ඉතිහාසය සහ ඔබ ලබාගන්නා සහ ඉදිරියේදි ලබාගත යුතු ඖෂධ ආදිය ගැනත් ව්යායාම් අනුගමනය සහ ආහාර රටාව ආදිය ගැනක උපදෙස් ලබාදීම සිදුකරනවා

 

2. ජානමය පසුබිම ගැන පූර්ව පරීක්ෂාව

ඔබ හෝ ඔබගේ සහකරුට යම් ප්රවේණිගත ආබාධයන් තිබේ නම් හෝ එවැනි දෙයක් ගැන සැකයක් පවතී නම් ඔබට වෛද්යවරයකු හමුවී genetic carrier screening පරීක්ෂාවක් සිදුකරගත හැකියි

 

3. මත්පැන්, මත්ද්රව් සහ ඇල්කොහොල් නතර කරන්න

දුම්කොළ සහ මත්ද්රව් නොමේරූ දරු උපත්, ගබ්සාවීම් සහ ළදරුවන්ගේ අඩු බර උපත් වලට හේතුවන බැවින් ඔබ යම් මත්ද්රව්යක් හෝ මත් පැන් භාවිතය සිදුකරනවා නම් ගැබ් ගැනිමක් ගැන සැලසුම් කරන කාලසීමාවේදි ඒවා නතර කළ යුතුයි

 

4. ආසාදන වලින් ආරක්ෂාවීමට පියවර ගන්න

 

ආහාර පිලියෙල කිරීමට පෙර දෑත් පිරිසිදු කරගන්න

අමු හෝ නොපිසූ කුකුල් මස් සහ මාළු, පැස්ටරීකරණය නොකළ චීස්,කිරි වැනි ආහාර පරිභෝජයෙන් වළකින්න. ඒවායෙ මළ දරු උපත් සහ ගබ්සා වීමේ අවධානම වැඩිකළ හැකි හානිකර බැක්ටීරියා අඩංගුවිය හැකියි

පැස්ටරීකරණය නොකළ යුෂ වල E. coli හෝ salmonella වැනි බැක්ටීරියා අඩංගු වන බැවින් සැලකිලිමත් විය යුතුයි.

ගර්භණී වීමට පෙර ලබාගත යුතු එන්නත් ගැන සැලකිලිමත් වන්න

 

5. කැෆේන් අඩංගු පානයන් සීමා කරන්න

 

කැෆීන් පානයන් දිනකට කෝප්ප එකක් හෝ 200mlක් පමණ සුදුසුයි. 

 

6. අවදානම් රහිත පරිසරයක සිටීද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි

 

විශේෂයෙන් ඔබේ රැකියාවේදී හෝ වෙනත් ස්ථානයක විකිරණ හෝ රසායනික ද්රව්යවලට නිරාවරණය වෙන්නේ නම්, එය ඔබේ පිළිසිඳ ගැනීමේ හැකියාව කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කළ හැකියි. පිරිසිදු කිරීමේ නිෂ්පාදන, පළිබෝධනාශක, ඩිටර්ජන්ට් යනාදිය භාවිතයේදි සැලකිලිමත් විය යුතුයි

 

7. මානසික සෞඛ්යය රැකගන්න

 

යහපත් මානසික තත්ත්වයකින් පසුවීම ගැබ් ගැනීමක් කෙරෙහි ඉතාමත් වැදගත්. කණස්සල්ලට, දුකට, ආතතියට හෝ මානසික අවපීඩනයට පත් වීම සිදුවනවා නම් ගැන ඔබගේ සහකරු, මව හෝ මිතුරියක් සමග කතා කරන්න. නැතිනම් වෘත්තීය උපකාර ලබා ගැනීමට හෝ යොමුවිය හැකියි. සෑමවිටම මනස සැහැල්ලු වන යෝග, භාවනා කිරීම වැනි දේ හි නිරත වන්න

 

8. දන්ත සෞඛ්යය ගැන සැලකිලිමත් වන්න

 

ගැබ් ගැනීමට පෙර ඔබේ මුඛ සෞඛ්යය ගැන සැලකිලිමත් වීම වැදගත් අතර ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවෙන් විවිධ දන්ත ගැටළු ඇතිවිය හැකියි. ඉහළ ප්රොජෙස්ටරෝන් සහ එස්ටජන් හෝමෝන මට්ටම විදුරුමස් රෝග ඇතිකරන බැවින් ඔබ ගැබ් ගැනීමට පෙර දන්ත වෛද්යවරයකු අනිවාර්යෙන් මුණ ගැසීම වැදගත්

 

9. ව්යායාම් රටාවක් අනුගමනය කරන්න

 

ශාරීරික යෝග්යතාවය නිරෝගී ගැබ්ගැනීමකට වැදගත් වන බැවින් සිරුරේ නම්යශීලී බව වැඩි කරන යෝග, aerobics හෝ පිහිනීම වැනි ව්යායාම්හි නිරත වීම වඩාත් සුදුසුවනවා. නැතිනම් සෑම දිනකම අවම වශයෙන් විනාඩි 30 ක් ඇවිදීම හෝ කළ යුතුයි

 

10. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය අගය (BMI) ගැන සැලකිලිමත් වන්න

ඉහළ BMI අගයක් සහිත කාන්තාවන් ගර්භණී සමයේදී හෝ දරු ප්රසූතියේදී සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර අඩු BMI අගයක් සහිත කාන්තාවන්ද එම ගැටළුවලට මුහුණ දෙනවා. ඒ නිසා ඔබගේ උසට සරිලන බර ගැන දැනුවත් වීමත් නියමිත අගයේ එය පවත්වා ගැනීමත් ඔබ කළ යුතුයි

 

11. මාළු වර්ග තෝරාගැනීමේදි සැලකිලිමත් වන්න

 

මාළු වල ඔමේගා-3 මේද අම්ල (දරුවාගේ මොළය සහ ඇස් වර්ධනය සඳහා අත්යවශ්), ප්රෝටීන් සහ අනෙකුත් පෝෂ් පදාර්ථ අඩංගු වුවත් ඇතැම් මාළු වර්ගවල රසදිය අඩංගු විය හැකියි. sharks, king mackerel, swordfish, tilefish වැනි මාළු වර්ග ආහාරයට එක්කර ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසු වනවා

 

12. ඔබගේ මුදල් තත්ත්වය

 

දරුවකු ලැබිම යනු ඔබගේ ආර්ථිකයට බලපෑම් ඇතිකරන්නක් වන බැවින් පිළිසිඳ ගැනීමට පෙර මුදල්, රක්ෂණය සහ පූර්ව ප්රසව සැලසුම් ගැන මෙන්ම ඔබගේ රක්ෂණ සැලසුමෙන් ආවරණය වන දේ ගැනත් සැලකිලිමත් විය යුතුයි

 

13. උපත් පාලන පෙති ගැනිම නතර කළ යුතුයි

 

ඔබ ඉදිරියේදි ගැබ්ගැනීමක් අපේක්ෂා කරනවා නම් උපත් පාලන පෙති ගැනීම නතර කළ යුතුයි. සාමාන්යෙන් ඔබ උපත් පාලන පෙති නතරකර දින කිහිපයකින් ඔසප් සිදුවන අතර ඩිම්බ මෝචනය සාමාන් තත්ත්වයට පත්වන්නේ නිසි පරිදි ඔසප් සිදුවන විට පමණි

 

14. ඔබගේ ඩිම්බ නිකුත්වන දිනය ගැන අවධානයෙන් සිටින්න

 

ඇතැම් කාන්තාවන් උපත්පාලන පෙති පාලනය නතර කළ විගස ගැබ් ගන්නා අතර ඇතැමුන් සරු දිනයන් ගැන ගණනය කර ගැබ් ගැනීම් සැලසුම් කරනවා. ඔබ දෙවෙනි ක්රමය අනුගමනය කරන්නේ නම් එය නිසි පරිදි සිදුකර යුතුයි. බාසල් ශරීර උෂ්ණත්වය සහ ගැබ්ගෙල ශ්ලේෂ්මල වෙනස්වීම් ගැන අවධානයෙන් සිටීම හෝ වෙළදපොලේ ඇති ovulation predictor kits භාවිතය මගින්ද ඩිම්බය නිකුත්වීම ගැන දැනගත හැකියි

 

15. පෝෂණය ගැන සැලකිලිමත් වන්න

ඔබ සහ ඔබේ සහකරු සඳහා සෞඛ් සම්පන්න සහ සමබර ආහාර වේලක් තෝරාගැනීම ඔබගේ ගැබ් ගැනීමේ අවස්ථාව වැඩිකර දෙනු ලබනවා. නැවුම් පලතුරු, එළවළු සහ ධාන්ය වර්ග , යෝගට්, පූර්ණ කිරි වැනි දේ ඔබගේ දෛනික ආහාරවේලට එක්කර ගන්න. සීනි සහ සකස් කරන ලද ආහාර, කෝපි වැනි දේ සීමා කල යුතුයි

 

16. ෆෝලික් අම්ල​ය ගැනීම

 

ගැබ් ගැනීමට මාස 3කට පමණ පෙර සිට ෆෝලික් අම්ලය ගත යුතු බවට වෛද්යවරුන් නිර්දේශ කරන අතර එමගින් දරුවාට ශක්තිමත් කොඳු ඇට පෙළක් ලබාදීම සහ spina bifida වැනි රෝග තත්ත්ව ඇතිවීම පාලනය කරනු ලබනවා. දෛනිකව ෆෝලික් අම්ලය 400mcg ක් පමණ ගැනීම වෛද් නිර්දේශය වනවා

 

17. ඔබගේ සහ ඔබේ සහකරුගේ පවුල් ඉතිහාසය

 

ඔබගේ හෝ ඔබගේ සහකරුගේ පවුල් පසුබිම ගැන අවධානය මගින් ජානමය ආබාධ හෝ සෞඛ් ගැටලු ඇතිනම් කල්තබා ඒවා හඳුනාගත හැකි වනවා

 

18. ඔබ දරුවකුසූදානම් දැයි සිතන්න

 

 වඩාත් වැදගත් වෙන්නේ මෙයයිගැබ් ගැනීමට පෙර ඔබ සහ ඔබගේ සහකරු දරුවකු වෙනුවෙන් සූදානම්ද යන්න වටහා ගත යුතුයි. එයට පහත සරල ප්රශ්ණ ඔබගෙන් ඇසිය හැකියි

 

  • දරුවෙකු ලැබීමට සහ දරුවා සදහා ඔබ දෙදෙනාම එකසේ කැපවී සිටිනවාද? සූදානම්ද?
  • දරුවාගේ විශේෂ අවශ්යතා වලට සූදානම්ද?
  • පවුල සහ රැකියාව සමබරව කරගෙන යමින් දරුවාගේ වගකීම් ඉටු කිරීමට ඔබ සූදානම්ද?
  • පවුල තුල ආගමික මතයන් ගැන මතවාදයන් තිබේ නම් ඒවායේ බලපෑමින් තොරව දරුවා දැඩිකළ හැකිද?

 

ගැබ් ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් ඇති ඉහත සරල පියවරයන් අනුගමනය ඉතා පහසුවන අතර ඔබ කළ යුත්තේ මදක් ඒ ගැන සැලකිලිමත් වීම පමණයි. එසේනම් ඔබටත් ගැබ් ගැනීමේ බලාපොරොත්තුවක් තිබේ නම් නිරෝගි ගැබ් ගැනීමකට Baby & Me  අපි සුභ පැතුම් එක්කරනවා!!

 

 

«

»