ගර්භණී කාලයේ ආරම්භ වෙන ස්ට්‍රෙච් මාර්ක්ස්, කුෂ්ඨ හා කැසීම් වලදී මේ විදිහට සූදානම් වෙන්න

බොහෝ ගර්භණී කාන්තාවන්ට පීඩා කරන මේ සම සම්බන්ධ ගැටළු වළක්වා ගැනීම හා අවම කිරීම කරන්න පුළුවන් ඔබේ සම කල්තියාම හොඳින් රැකබලා ගන්නවා නම්. ඉතින් ඔබේ ගැබ් ගැනීමත් සුන්දර අවස්ථාවක් බවට පත් කර ගැනීම සඳහා මේ ලිපිය ඔබට වැදගත් වෙයි.

 

සමේ ඇදීම් ලකුණු හෙවත් ස්ට්‍රෙච් මාර්ක්ස්

ගර්භණී සමයේදී කාන්තාවන් 75 ත් 90% ත් අතර ප්‍රමාණයකට ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙනවා. ඔබේ ශරීරය හදිසියේම බර වැඩි වෙමින් වේගවත් වෙනස්කම් වලට භාජනය වන නිසා ඔබේ උදරය, කකුල්, කලවා සහ ඉණ ආශ්‍රිත සම මත රෝස, දම් හෝ රතු පැහැති ඉරි සහිත ලකුණු හට ගන්නවා. ස්ට්‍රෙච් මාර්ක්ස් නැත්නම් Striae Gravidarum හැදෙන්නෙ “ඩර්මිස්” කියන සමේ මැද ස්ථරයේ. හැමෝම කියන විදියට ඔබේ සම “ඇදෙන” නිසාම නෙවෙයි ස්ට්‍රෙච් මාර්ක්ස් ශරීරයේ ඇති වෙන්නේ. ශරීරයේ වේගවත් බර වැඩිවීමක් සිද්ධ වෙන එක තමයි ස්ට්‍රෙච් මාර්ක්ස් සඳහා ප්‍රධාන හේතුවක් වෙන්නේ. ඒකට මූලික හේතුව වෙන්නේ ගර්භණී සමයේදී කෝටිසෝන් නම් හෝමෝනය අධික ලෙස නිපදවීමයි. අපේ සමට සමේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය ප්‍රෝටීන අතිරේකයක් වන කොලජන් අවශ්‍ය වෙනවා. කෝටිසෝන් වලින් ඔබේ සමේ ඇති කොලජන් ප්‍රමාණය අඩු කරනවා. උදරය, කලවා වගේ සම වියළී ඇති ප්‍රදේශවල සාමාන්‍යයෙන් ස්ට්‍රෙච් මාර්ක්ස් වැඩියෙන් දකින්න පුළුවන්.

ඔබේ ආහාර වේල තුළ පෝෂ්‍යදායී වෙනස්කම් කිරීමෙන්, නිසි සම රැකවරණ ක්‍රමයක් අනුගමනය කිරීමෙන් සහ දරු ප්‍රසූතියෙන් පස්සේ වුණත් ඒ පිළිවෙත් නිවැරදිව පවත්වා ගැනීමෙන් ඔබට ස්ට්‍රෙච් මාර්ක්ස් නිසා ඇති වෙන ගැටලු ගොඩක් වළක්වා ගන්න පුළුවන්. ඔබේ අත් සහ මුහුණ පමණක් නෙමෙයි, ඔබේ මුළු ශරීරයම මොයිස්චරයිසින් කිරීම ගර්භණී සමයේදී ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවීම වැළැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් වෙනවා.

 

ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වීම පිළිබඳ පවුල් ඉතිහාසයක්

කෙසේ වෙතත් ඔබට ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වීම පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබෙනවා නම්, ඔබේ තුන්වන ත්‍රෛමාසිකය වෙනකොට ඔබට අවම වශයෙන් ස්ට්‍රෙච් මාර්ක්ස් කිහිපයක්වත් ඇති වෙන්න ඉඩ තියනවා. උදරය පුළුල් වෙනකොට ඔබේ සමේ වර්ණය මත පදනම් වෙමින් ඔබේ උදරයේ රතු, රෝස හෝ දම් පැහැයෙන් ඇති වෙන තුනී රේඛා විදිහට ඒ ස්ට්‍රෙච් මාර්ක්ස් ආරම්භ වෙනවා. කාලයාගේ ඇවෑමෙන් ඒවා අළු පාට බවට පත් වෙන්නත් පුළුවන්. ඒ, ඒවා මෘදු වෙනකල් හෝ මැකී යනකල් විතරයි.

ඔබේ ගර්භණී කාලයේ මුල් අවධියේදීම පියවර ගන්නවා නම් ගර්භණී සමයේදී ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවීම හා ඒවායේ පෙනුම අඩු කර ගන්න පුළුවන්. මේ සඳහා තියන පිළියම් අතර ග්ලයිකෝලික් අම්ලය අඩංගු ලවණ හෝ රෙටිනොයිඩ් අඩංගු ඖෂධ භාවිතා කිරීම ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් ඔබ ක්‍රීම් භාවිතා කිරීමට අකමැති නම් ලෙමන් යුෂ, පිරිසිදු පොල්තෙල් හෝ කිරි මේදය එක්ක ස්ට්‍රෙච් මාර්ක්ස් අඩු කිරීම සඳහා ඔබට බොහෝ නිවෙසේදීම පිළියම් උත්සාහ කරන්න පුළුවන්. මෙම පිළියම් වලින් ස්ට්‍රෙච් මාර්ක්ස් සම්පූර්ණයෙන්ම ඉවත් නොකළත්, ඒවායේ පෙනුම අඩු කිරීමට උපකාරී කරනවා. 

 

ක්‍රීම් හෝ තෙල් වලින් සම්බාහනය ක‍රන්න කලින් ඔබේ සම මෘදු ලෙස ඇදීමට මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල භාවිතා කරන්න. ස්ට්‍රෙච් මාර්ක්ස් වල ප්‍රමාණය මත පදනම් වෙමින් ඔබේ චර්ම රෝග විශේෂඥයා විසින් ප්‍රසූතියෙන් පසු ස්ට්‍රෙච් මාර්ක්ස් සඳහා ඖෂධීය ක්‍රීම් එකක් භාවිතා කරන්න දෙයි. නැත්නම් අවසාන වශයෙන් ලේසර් ප්‍රතිකාර හෝ microdermabrasion ප්‍රතිකාර භාවිතා කිරීමට ඔබට යෝජනා කරයි.

 

ගර්භණී සමයේදී කුෂ්ඨ

Pruritic Urticarial Papules and Plaques of Pregnancy (PUPPP)

PUPPP කියන්නේ ගර්භණී කාන්තාවන් 160 දෙනෙකුගෙන් එක් අයෙක්ට ගර්භණී සමයේ පළමු ත්‍රෛමාසිකයේදී පමණක් බලපාන පොදු කැසීම් තත්ත්වයක්. මෙම කැසීම උදරය මත ඇති වන අතර සම ඇදීමට ලක් වීමේ ප්‍රතිලයක් කියලාත් කියවෙනවා. මේ කුෂ්ඨ සඳහා වෛද්‍යවරු ආලේපන නියම කරනව. මෙම කුෂ්ඨ හරහා අතිශය කැසීම් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් දරුවාට හානියක් වෙන්නේ නෑ. දරු ප්‍රසූතියෙන් පස්සේ සති කිහිපයක් ඇතුළත සාමාන්‍ය විදිහට පහ වෙලා යයි.

 

Prurigo of Pregnancy

ගර්භණී කාන්තාවන්ගේ Prurigo කියන්නේ ගර්භණී කාන්තාවන් 300-1ක ඉඳන් 450-1 අතර ප්‍රමාණයකට බලපාන කැසීම් තත්ත්වයක්. මෙහිදී ඇති වෙන කැක්කුම අත් සහ කකුල් දිගේ හා සමහර විට උදරයේ ගැටිති මගින් ලක්ෂණ පෙන්නන්න පුළුවන්. ප්‍රසූතිය අවසන් වෙනකල්ම මෙම කැසීම දිගටම පවතින අතර ඖෂධීය ආලේපන සහ මොයිස්චරයිසර් ආධාරයෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. මෙම කැසීම් නිසා කළලයට කිසිදු හානියක් සිදු නොවන අතර අනාගත ගැබ්ගැනීම් වලදී ද ඒක ඇති වෙන්න පුළුවන්.

 

Cholestasis of Pregnancy

මේ තත්ත්වය සාමාන්‍යයෙන් අවසාන ත්‍රෛමාසිකයේ දී ගර්භණී කාන්තාවන් 1000 න් 1 කට බලපාන දරුණු කැසීම් තත්ත්වයක්. ඒකෙන් කුෂ්ඨ ඇති නොකරන අතර, සමේ කහ පැහැයට හේතු වෙන්න පුළුවන් (සමේ සෙංගමාලය). සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පස්සේ මේ තත්ත්වය පහ වෙලා යනවා. Cholestasis of Pregnancy තත්ත්වය නිසා භෲණය පීඩාවට පත්වෙන්නත්, නොමේරූ දරු ප්‍රසූති හෝ මළ දරු උපතකට පවා හේතු වෙන්න පුළුවන් නිසා foetal heart monitoring සම්බන්ධ Bi-weekly non stress පරීක්ෂණ සිදු කර ගන්න ඕනේ.

 

ගර්භණී සමයේදී කැසීම් වලින් සහනයක් ලබා ගන්නේ කොහොමද?

ඔබේ ගර්භණීභාවය අඛණ්ඩව වැඩෙනකොට සම ඇදෙන නිසා ඔබේ සමේ වියළි බව හා කැසීම් දැනෙන්නට පටන් ගනියි. ඒ කැසීම යම් බරපතල  තත්ත්වයක ලක්ෂණයක් නොවන බව තහවුරු කර ගැනීම සඳහා ඔබ ඔබේ වෛද්‍යවරයා හමු වෙන්න. ඊට පස්සේ ඔබේ කැසීම් සමනය කිරීම සඳහා පහත සඳහන් මූලික පියවර ද භාවිතා කරන්න පුළුවන් :

 

  • ඔබේ සම වියළීමට හා කැසීම උග්‍ර කිරීමට හේතු වන අධික උණුසුම් වතුරෙන් නෑම වළකින්න.
  • මෘදු, මොයිස්චරයිසින් සහිත, සුවඳ නැති සබන් භාවිතා කරන්න. හොඳින් සෝදන්න සහ මෘදු තුවායක් භාවිතා කරන්න.
  • ශීත කළ කොකෝවා බටර්, ශියා බටර් හෝ වෙනත් මෘදු, සුවඳක් නැති මොයිස්චරයිසර් එකක් අරගෙන අවම වශයෙන් දිනකට දෙවරක්වත් භාවිතා කරන්න. නාලා සම තෙත මාත්තු කළාට පස්සේ ඒවා ආලේප කරන එක වඩාත් සුදුසුයි.
  • ඇල්කොහොල් අඩංගු සමේ ආලේපන වලින් වළකින්න.
  • සාන්ද්‍රිත ක්ලෝරීන් පිරුණු ජලය භාවිතා කිරීම වළක්වා ගන්න.
  • ලිහිල් කපු ඇඳුම් අඳින්න, ඉර එළිය දරුණු වෙලාවට පිටතට යන්න එපා.
  • නිතරම කසන්න උත්සහ කරන එකෙන් වළකින්න. ඒකෙන් කැසීම තීව්‍ර වෙන්න පුළුවන්. කසන වෙලාවට සම මෘදුව පිරිමදින්න. ඒ අතරතුර ගැඹුරු සීරීම් වළක්වා ගැනීම සඳහා ඔබේ නියපොතු කපන්න.
  • ඔබේ සමේ කසන කොටස් සමනය කිරීම සඳහා සීතල හෝ තෙත් රෙද්දක් භාවිතා කරන්න.

 

කෙසේ වෙතත්, මෙම නිවෙස් පිළියම් කිසිවකින් ඔබේ කැසීම සමනය කිරීමට උදව් වුණේ නැත්නම්, කැසීම් සහ කැසීම් වල බරපතලකම අනුව ඖෂධයක් යෝජනා කරන්න කියලා ඔබේ වෛද්‍යවරයා හමු වෙලා ඉල්ලීමක් කරන්න.