චූටි දුවගෙ කන් විදින්න කලින් මේ ලිපිය කියවල ඉන්න (2 කොට​ස)

දියණියගේ කන් විදින්න කාලය හරි කියලා ඔබ තීරණය කරලා තියනවා නම්, ඔබ සලකා බලන්න ඔනේ පළමු හා ප්‍රධානතම කාරණය තමයි ඔබේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය. විශේෂයෙන්ම කන් විදින්න කාලය හරි වුණත් ඔබේ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයක නැත්නම් ඒක කරන්න එපා. ඒ ගැන ගැටලුවක් තියනවා නම් කන් විදින්න තීරණය කරන්න කලින් ඔබේ වෛද්‍යවරයාගෙන් අවසරයක් ලබා ගන්න. දරුවන්ගේ කන් විදීමේදී ඔබ දැනුම්වත් වෙන්න ඕනේ දේවල් ගැන මීට කලින් ලිපියේදීත් අපි ඔබට බොහෝ තොරතුරු අරන් ආවා. මේ එම ලිපියේ දෙවෙනි කොටසයි…

චූටි දුවගෙ කන් විදින්න කලින් මේ ලිපිය කියවල ඉන්න (1 කොට​ස)

කන් විදීම සඳහා ඔබේ දරුවාව සූදානම් කරන්නේ කොහොමද ?

මුලින්ම අපි කලින් සඳහන් කළා වගේ දරුවා හොඳ සෞඛ්‍ය සම්පන්න බවකින් ඉන්න එක අත්‍යවශ්‍යයි. ඔබේ දරුවාගේ වෛද්‍යවරයා හමු වෙලා උපදෙස් ගත්තාට පස්සේ අවශ්‍ය වුණොත් ඔහු විසින් බොහෝ විට ළදරුවාගේ කන් පෙති වටා ආලේප කරන්න යම් ආලේපනයක් ලබා දෙයි. ඊට අමතරව දරුවාගේ වේදනාව සමනය කිරීම සඳහා වේදනා නාශක කිහිපයක් ද නියම කරන්න පුළුවන්.

කන් විදින්න යන්න කලින් ඔබේ දරුවාට සුව පහසු ඇඳුමක් අන්ඳවන්න. බොත්තම් සහිත ඇඳුමක් අන්ඳවන එක වඩා සුදුසුයි. මොකද කන් විද්දාට පස්සේ දරුවාගේ කන් වලට රිදවීමක් කරන්නේ නැතුව ඇඳුම මාරු කරන්න එතකොට පහසු වෙනවා. දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා එයාගේ ප්‍රියතම සෙල්ලම් බඩු ද රැගෙන යන්න. ඔබේ දරුවා ඝන ආහාර ගන්නවා නම්, කන් සිදුරු කළාට පස්සේ ඇයව සැනසීම සඳහා ඇගේ ප්‍රියතම ආහාර වර්ග ද රැගෙන යන්න.

 

කන් විදීම සිදු කරන්නේ කොහොමද? එය වේදනාකාරීද?

 

අතීතයේ ඉඳන්ම කන් විදින්න ගන්න සාම්ප්‍රදායික ක්‍රමයක් වන්නේ ඉඳිකටුවක් භාවිතා කරන එකයි. අද කාලයේ දරුවන්ගේ කන් සිදුරු කරන නවීන ක්‍රමය තමයි පියර්සින් ගන් එක. නමුත් වඩාත්ම වැදගත්ම දේ තමයි ඒ සඳහා අරගන්න උපකරණ හොඳින් විෂබීජහරණය කර පිරිසිදු කරලා තිබීම. උපකරණ විෂබීජහරණය කිරීමෙන් ඔබේ දරුවාගේ කන්වල ආසාදන ඇතිවීමේ හැකියාව අඩු වෙනවා.

 

සිදුරු කිරීම කරන පුද්ගලයා දරුවාගේ කන් පෙති මත විදින්න ඕනේ ස්ථානය හඳුනාගෙන පෑනක් හෝ සලකුණක් භාවිතා කරමින් එතන සලකුණු කරනවා. ස්ථානය සලකුණු කිරීම හරහා සිදුරු කිරීම පහසු කරනවා විතරක් නෙමෙයි, නිරවද්‍යතාවය ලබා ගැනීමට ද ඒක උපකාරී වෙනවා. මෙම අවස්ථාවෙදී ඔබේ දරුවාගේ සමට ආසාදනයක් ඇති වෙන්න පුළුවන් නිසා සලකුණු කිරීම සඳහා සායම් භාවිතා කිරීමෙන් වළකින්න. ශල්‍ය අත්වැසුම් පැළඳීමෙන් පස්සේ විදීම කරන විශේෂඥයා විෂබීජ නාශක දියරයක් භාවිතා කරමින් ඔබේ දරුවාගේ කන් පෙති පිරිසිදු කරයි. මෙම ක්‍රියාවලිය අතරතුරදී ඔබේ දරුවාගේ හිස තදින් අල්ලා ගැනීමට ඔබේ සහාය ඔහුට අවශ්‍ය වෙනවා. එතකොට දරුවා ඒ තරම් චලනය වෙන්නේ නෑ. සිදුරු කිරීමට වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. නමුත් ඔබේ දරුවා සනසන්න නම් ඔබට ටික වේලාවක් ගත වෙයි. අනෙක් කන් පෙත්ත සිදුරු කරන්න කලින් පෙර ඔබේ දරුවාව සන්සුන් කිරීමට උත්සාහ කරන්න.

 

දරුවෙක්ට කණ විදීම කියන්නේ වේදනාකාරී අත්දැකීමක් ; ඒ නිසා මෙම කාලය තුළදී ඔබේ දරුවා වෙහෙසට පත් වෙන්න පුළුවන්. නිසි මට්ටමට සුව වෙනකල් වේදනාව දින කිහිපයක් පවතියි. සමහර ක්‍රීම් සහ ස්ප්‍රේ වර්ග කන් පෙති හිරිවැටීම සඳහා භාවිතා කරන්න පුළුවන් වුණත්, කිසිම වේදනාවක් නොමැතිව ළදරුවන්ගේ කණ විදින වෙන ක්‍රමයක් ගැන සහතික කරන්න බැහැ.

 

සංකූලතා

 

කන් විදීම නිසා ඇති වෙන්න පුළුවන් සංකූලතා කිහිපයක් පහත දැක්වෙනවා :

 

ආසාදන : සිදුරු කරන උපකරණ විෂබීජහරණය කරලා නැත්නම්, කරාබුවේ කොක්ක කොටස ඉතා තදින් තිබෙනවා නම් හෝ කරාබු අපිරිසිදු නම් ඔබේ දරුවාට සිදුරු කිරීමේදී ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ඔබේ දරුවාගේ කන් පෙති රතු වී, ඉදිමී හෝ දරුවාට උණ වැළඳී ඇත්නම් ඔබේ වෛද්‍යවරයාව හමු වෙන්න.

 

කෙලොයිඩ් සෑදීම: ඔබේ දරුවාගේ ශරීරය කණ සිදුරු කිරීමේ කම්පනයෙන් ටිකෙන් ටික සුවය ලබා ගනියි. නමුත් සමහර විට ශරීරය අධික උණුසුම් වීමකට නැඹුරු වන අතර ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන substantial scar tissues හැඳින්වෙන්නේ කෙලොයිඩ් ලෙසයි. කෙලොයිඩ් වලට බොහෝ විට වෛද්‍ය හෝ ශල්‍යමය මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා.

 

අසාත්මිකතා : ඔබේ දරුවාට දාන කරාබු හදන්න භාවිතා කරන ලෝහයෙන් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවාට තෝර ගන්න කරාබු වලට රන්, රිදී හෝ surgical steel ලෝහ භාවිතා කරන්න. නිකල් වගේ වෙනත් ලෝහ වලින් සාදන ලද කරාබු ආසාදන  වීම් වලට හේතු වෙන්න පුළුවන්.

 

උගුරේ සිරකරගැනීම : කරාබු තෝර ගනිද්දී පහසුවෙන් ගැලවෙන ඒවා තෝරා නොගැනීම අත්‍යවශ්‍යයි. මොකද ලිහිල් කරාබු ඔබේ දරුවා උගුරේ සිරකරගැනීමේ අවදානම ඇති වෙනවා. කරාබු වල කුඩා කොටස් ඔබේ දරුවාගේ කන් තුළට වැටිලා සංකූලතා ඇති වෙන්නත් පුළුවන්.

 

කන් පෙත්ත ඉරීම: ඔබේ දරුවාට රවුම් හෝ එල්ලෙන අලංකාර කරාබු දැම්මොත්, දරුවා ඒක පිටතට ඇද ගැනීමට හෝ දරුවා සෙල්ලම් කරන දෙයකට පැටලෙන්න, ඇලෙන්න ඉඩ තියනවා. මෙම තත්ත්වය ඔබේ දරුවාගේ කන් පෙති ඉරෙන්න හේතු වෙන්න පුළුවන්.

 

කන් විදීම ඉතා වේදනාකාරීද?

ඔව්, කන් විදීම ඔබේ දරුවාට වේදනාකාරී වෙනවා. ඔබේ දරුවාගේ කන් විදීම සඳහා ඔබට piercing gun එකක් හෝ ඉඳිකටුවක් තෝරා ගන්න පුළුවන්. නමුත් මෙම ක්‍රම දෙකෙන්ම ඔබේ දරුවාට වේදනාවක් ගෙන දෙනවා. ඉඳිකටුවෙන් ඇති වන වේදනාව එන්නත් කටුවක් ඇතුළත් කිරීමේදී ලැබෙන වේදනාව හා සමාන වන අතර සිදුරු කරන තුවක්කුවෙන් ලැබෙන වේදනාව සම හරහා ගමන් කරන ස්ටේප්ලර් පින් එකක් වගේ දැනෙන්න පුළුවන්.

 

ළදරුවන්ගේ කණ සිදුරු කිරීමෙන් පස්සේ සංකූලතා වළක්වා ගන්නේ කොහොමද ?

 

සිදුරු කිරීමෙන් පස්සේ ඔබේ දරුවාගේ කන් වල රතු වීම, ඉදිමීම හා දැවිල්ල ඇති වෙන්න පුළුවන්. ඔබේ දරුවාගේ කන් විදීමෙන් පස්සේ ඇතිවන සංකූලතා වලක්වා ගැනීම සඳහා ඔබට පහත සඳහන් දේවල් කරන්න පුළුවන් :

 

විෂබීජ නාශක දියර හෝ ප්‍රතිජීවක දියර සමඟ දිනකට දෙවරක් ඔබේ දරුවාගේ කන් පෙති පිරිසිදු කරන්න. ඊට පස්සේ ඔබට ඔබේ දරුවාගේ කරාබු මෘදු විදිහට කරකවන්න පුළුවන්.

 

කණ සිදුරු කිරීමේ ක්‍රියා පටිපාටියෙන් පස්සේ අවම වශයෙන් සති හයක්වත් ඔබේ දරුවාගේ කරාබු වෙනස් කිරීම හෝ ඉවත් නොකිරීමට උපදෙස් ලැබෙයි.

 

දරුවාගේ කන් වල සැරව, ඉදිමීම හෝ ඇඟේ රස්නයක් ඇති බව ඔබ නිරීක්ෂණය කළොත්, ඒකට හේතුව ආසාදනයක් වෙන්න පුළුවන් නිසා වහාම වෛද්‍ය උපකාර ලබා ගන්න ඕනේ.

 

ඔබේ දරුවාගේ කන් විදීමෙන් පස්සේ පිහිනුම් තටාක, ගංඟා හෝ වෙනත් ජලය සහිත ස්ථන වලට යන එකෙන් වළකින්න. ඒ වගේ ස්ථාන වල තියන ජලයේ අපිරිසිදුකම නිසා ඔබේ දරුවාගේ කන් පෙති ආසාදනය වෙන්න හේතු වෙන්න පුළුවන්.

 

ඔබේ දරුවාගේ කනේ සිදුරු ස්පර්ශ කරන්න කලින් සෑම විටම ඔබේ දෑත් සබන් හා උණුසුම් ජලයෙන් සෝදගෙන ඉන්න.

 

ඔබේ දරුවාගේ කන් විදීම ගැන ඔබට තීරණය කරන්න පුළුවන්. නමුත් සිදුරු කිරීමේ ක්‍රියාවලියට කලින් සහ පස්සේ දරුවාගෙ කන් දෙක ප්‍රවේශම් කිරීම ඉතා වැදගත්. ආසාදනයක සලකුණක් දැක්කොත් ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ.