Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

තම ස්වාමිපුරුෂයා භාර්යාව ගැන මේ දේවල් දැන සිටිනවා නම් කියා සිතන කරුණු

සාමාන්‍යයෙන් කාන්තාවගේ සිතේ සිතුවිලි දහසක් තිබුනත් එයින් ප්‍රකාශ කරන්නේ ඉතාම ස්වල්ප ප්‍රමානයක් පමණයි. විශේෂයෙන් බොහෝ ස්වාමි පුරුෂයන් හට තම බිරිඳ ඇත්තටම බලාපොරොත්තු වන්නේ කුමක්දැයි වටහා ගැනීමට ඇතැම් විට කිසිවිටක නොහැකි වන්න පුළුවන්.. එය ඇත්තටම අභිරහසක්.. ඔබගේ බිරිඳ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද.. එය ස්වාමි පුරුෂයකු ලෙස ඔබටත් ඇති ගැටළුවක් නේද..

එසේනම් මෙන්න ඔබගේ බිරිඳ ඔබ විසින් දැනසිටිය යුතුයැයු සිතන කාරණා තවදුරටත් ඔබට අභිරහසක් නොවේ.. ඔබගේ බිරිඳ ඔබ දැනසිටිය යුතු යැයි අපේක්ශා කරන කරුණු කිහිපයක් Baby and Me අපි ඔබ වෙත ගෙන එනවා..

ඔබ විසින් ඇයව අගය කරනවාට ඇය ආසයි

කිසිවිටකත් ඔබගේ භාර්යාව පිළිබඳව නොසලකා හරින්න එපා.. ආහාර සෑදීම, දරුවන්ගේ සහ නිවසේ කටයුතු ආදි දහසකුත් එකක් රාජකාරි සමග ඇයත් ඔබ මෙන්ම ඉතා කාර්‍යබහුල වන අතර ඔබට රැකියාවෙන් නිවාඩු ලබාගත හැකි වුවත් දරුවන්ගේ කටයුතු වලින් ඇයට නිවාඩු ලබාගන්න බැහැ. ඒ න් නිසා ඇය කරන කාර්‍යයන් සඳහා ඇයට ස්තුතු කිරීම ඔබ කළ යුතුයි. වචනයෙන් ප්‍රකාශ නොකලාට ඔබගේ බිරිඳ එය ඔබගෙන් අපේක්ශා කරනවා. කිසිවිටකත් ඇය පවසන දෙයට ඇහුම්කන් නොදී ඉන්න එපා.

අවධානය ලබාදෙනවාට ඇයට කැමැතියි

ඔබ රාජකාරි නිමවා පැමිණි වහාම රූපවාහිනිය හෝ ජංගම දුරකතනය අතට ගැනීමෙන් වැළකී, මොහොතක් ඔබගේ බිරිඳ සමග කාලය කරන්න. රැකියාව නිමවී ඔබ නිවසට එනතුරු දරුවන් මෙන්ම ඔබගේ බිරිඳද බලා සිටිනවා.. දරුවන්ට මෙන්ම ඇයටද ඔබගේ දසුන ප්‍රිය උපදවනවා. එමනිසා නිවසට පැමිණි පසු ඇයගේ දවස ගත වූ ආකාරය, දරුවන් ඇයට කරදර කලාද.. ආදි ලෙස විමසන්න.. ඔබේ සම්පූර්ණ අවධානය ඇයට ලබා දීමෙන්, ඔබ ඇයට සැබවින්ම ගරු කරන බව සහ සැලකිල්ල දක්වන බව ඇයට අවබෝධ කල හැකියි.

ඔබගේ සෙනෙහස ඇයට අවශ්‍යයි

විවාහ වී කොපමණ කලක් ගත වුවත් කාන්තාවන් සෙනෙහස දැක්වීම අපේක්ශා කරනවා. ඔබගේ අතින් අල්ලාගෙන පෙර ආදරවන්තයන්ව සිටි සමයේ වගේ සිටීමට, මෘදු ලෙස සිප ගැනීමට, වැළඳගැනීමට සහ ඔබ ඇයට ආදරෙයි කියනවාට ඇය කැමතියි සහ එය අපේක්ශා කරනවා. විවාහ වී කාලය කෙතරම් ගතවුනත් ඔබ තවමත් ඇය සමඟ ආදරයෙන් බැඳී සිටින වග එම හැසිරීම් මගින් සනාථ වනවා මෙන්ම එය ඇයට අවශ්‍ය වනවා.

බිරිඳ ඔබගේ ඉවසීමට කැමතියි

බිරිඳ සමග කටයුතු කිරීමේදි සහ ගැටලු වලදී සන්සුන්ව සහ ඉවසිලිවන්තව හැසිරෙනවා ඇතැයි බොහෝ භාර්‍යයාවන් අපේක්ෂා කරනවා. ඔබ නොඉවසිලිවන්තව, කෝපයෙන් හැසිරීම් ඔවුන්ගේ සිත් වේදනාවට පත් කරනවා. දෙදෙනා අතර මතභේදකාරි අවස්ථාවකදී පවා කෝපය නිවුන පසු ඇය සමග කතා කරන්න.. ඇයට නැවතත් පෙර පරිදි ආදරයෙන් කතා කරන්න..

ඔබ ඇයගෙ මිතුරා වනවාට ඇය කැමතියි


බිරිඳ ඔබගෙන් ස්වාමි පුරුෂයාගේ හෝ දරුවන්ගේ පියා යන භූමීකාවන් පමණක් අපේක්ෂා කරන්නේ නැහැ. ඇය ඔබගෙන් ඉන් එහා ගිය මිත්‍රත්වයක්ද බලාපොරොත්තු වනවා. ඇයට විනෝද වීමට, දුෂ්කරතා බෙදාහදා ගැනීමට, ඇයට ඇහුන්කම් දෙන, ඇයව සනසවන සහ උපකාර කරන යාලුවකු ඇයට අවශ්‍යයි.. එසේනම් ඉඳහිට ඔබත් බැරෑරුම් ස්වාමි පුරුෂයාගේ භූමිකාවෙන් මිදී සරළ මිතුරු භූමිකාවට පැමිණීමට උත්සාහ කිරීම වරදක් නොවේ. ඔබේ බිරිඳ එයට වඩාත් කැමති වේවි..

 

එසේ නම් ස්වාමිපුරුෂයනි ඔබගේ ආදරණීය බිරිඳ ඔබගෙන් අපේක්ෂා කරන්නේ මුදල් හෝ නිවසට බඩු භාණ්ඩ රැගෙන ඒම හෝ දරුවන්ගෙ පියාගේ භූමිකාව නිසි ආකාරයට ඉටු කිරීම පමණක් නොවන බව දැන් ඔබට වැටහෙනවා නේද.. ඔබගේ ජීවිතයේ ඇය කෙතරම් වැදගත් චරිතයක්ද යන්න, ඔබ කෙතරම් ඇයට ආදරය කරනවාද යන්න , ඇය සමග කාලය ගත කිරීමට ඔබ ප්‍රියකරන බව ඔබ ඇයට දැනවිය යුතුයි.. ඔබගේ ඒ එක් සරළ පියවරකින් ඔබට පෙර සිටියාටත් වඩා ආදරණීය ප්‍රීතිමත් බිරිඳක් ලැබෙන බව Baby & Me අපට හොඳටම විශ්වාසයි..

«

»