Search here...
TOP
දරුවන්ගේ සෞඛ්‍යය

මෙනින්ජයිටිස් එන්නත ගැන මවක ලෙස ඔබ දැනුවත් විය යුතු කාරණා

මෙනින්ජයිටීස් බැක්ටීරියාව සරලවම කිවහොත් ඝාතකයෙක්. එයට ගොදුරුවන්නන්ගෙන් සියයට 20ක් පමණ මරණයට පත්වන අතර රෝගයට ගොදුරු වන්නන්ගෙන් සියයට 20ක් පමණ මොළයට හානි වීම, ශ්‍රවණාබාධ හෝ අතපය අහිමි වීම වැනි සදාකාලික දුබලතාවලට ගොදුරු වෙනවා. බොහෝ විට කුඩා දරුවන් මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි අතර නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසු වන්නන්ද මෙම රෝගයට බොහෝවිට ගොදුරු වෙනවා.

ඔබේ දරුවාට මෙනින්ජයිටිස් එන්නත අවශ්‍ය වන්නේ ඇයි?

මෙනින්ජයිටිස් එන්නත මගින් බැක්ටීරියා ආසාදනයක් වන meningococcal නමැති රෝගය වළක්වනු ලබනවා. මෙම බැක්ටීරියාව ආසාදනය වන්නන්ගෙන් අඩකට මෙනින්ජයිටිස් සහ සියයට 15 කට පමණ නියුමෝනියා තත්ත්වය ඇතිකරන අතර ඇතැමුන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.

රෝග ලක්ෂණ
– බෙල්ල තද ස්වභාවයක් ගැනීම
– ඔක්කාරය
– වමනය
– ආලෝකයට සංවේදීතාව
– ව්‍යාකූලත්වය

එන්නත ලබාදිය යුතු වයස් සීමාව

වයස අවුරුදු 11-12 අතර දරුවන්ට සහ වයස අවුරුදු 16-18 යෞවනයන් සඳහා එන්නත් ලබාදෙනු ලබනවා. ප්‍රධාන මෙනින්ජයිටිස් එන්නත් වර්ග දෙකක් තිබෙනවා.

– Meningococcal conjugate එන්නත (MenACWY)
– Meningococcal B vaccine (MenB)

මෙනින්ජයිටිස් එන්නත ලබාගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

– එන්නත් කරන ස්ථානයේ වේදනාව සහ රත් පැහැ ගැනීම
– තෙහෙට්ටුව
– හිසරදය
– මාංශ පේශි කැක්කුම සහ සන්ධි වේදනාව
– ඔක්කාරය
– සීතල
– කරකැවිලි ස්වභාවය
– කලාතුරකින් තදබල ආසාත්මිකතා හෝ මරණය සිදුවීම

යම්කිසි ඖෂධයක් දරුවාට ආසාත්මිකතා ඇතිකරනවා නම් එන්නත ලබාදීමට පෙර වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි.

එසේම මෙනින්ජයිටිස් රෝගය ඇතිවීමේ අවස්ථා අඩු බැවින් බොහෝ දෙනා එම රෝගය වැළැක්වීමේ එන්නත් ලබාගැනීමට එතරම් උනන්දු වන්නේ නැහැ. නමුත් එන්නතට ස්තුතිවන්ත වන්න රෝගය පාලනය වී තිබෙනවා. ඒ නිසා එන්නත යනු ජීවිතයට ආරක්ෂාවක්. මන්ද දුර්ලභ වුවත් මෙනින්ජයිටිස් බැක්ටීරියාව මාරාන්තිකයි. බොහෝ විට රෝගය ආසාදනය වන්නන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් තිබෙන බැවින් එන්නත ලබාගැනීමට අවධානය යොමු කරන්න. එය අතිශයින්ම ආරක්ෂිත වන අතර දරුණු සංකූලතා ඇතිවීම පාලනය වෙනවා.

«