මුණුබුරන් පෝෂණය කරන ආච්චිලා සීයලාට පුංචි අදහස් කීපයක්

වර්තමානයේ මවුවරුන්ට ඇති ප්රධානම ගැටළුවක් වන්නේ තම කුඩා දරුවාට ප්රමාණවත් පරිදි ආහාර ලබාදීමේ නොහැකියාවයි. කොපමණ රසට හැදුවත් දරුවා කෑම නොකන බවට බොහෝමයක් මවුවරුන් මැසිවිලි නගනවා. නමුත් ඇතැම් දරුවන් මව කවන විට ප්රතික්ශේප කළත් තම ආච්චි හෝ සීයා කවන විට ආහාර ගැනීමට වැඩි ප්රියතාවයක් දක්වනවා. වැඩෙන දරුවාගේ පෝෂණ අවශ්යතාවයට හානියක් නොවන ආකාරයට තම මුණුපුරා හෝ මිණිපිරියට ආහාර ලබාදිය හැකි සරල පියවර කිහිපයක් තමා අපි අරන් ආවෙ. 

 

ආච්චි අම්මලා තම මුණුපුරු මිණිපිරියන්ට ආහාර සැකසීමේදී ඉතාමත් උද්යෝගිමත්. ඔවුන්ට අවශ් වන්නේ තම මුණුපුරා හෝ මිණිපිරියට හොඳම දේ ලබාදීමටයි. දරුවන් තම ආච්චිලා සීයලාගේ නිවසේ ආහාර ගැනීමට වඩාත් ප්රියකරනවා. එය ඔවුන්ට කුඩා සාදයක් වෙනවා. නමුත් දරුවන්ගේ ආහාර සකස් කිරීමේදි, ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය වර්ධනය වෙමින් පවතින බැවින් සහ දරුවාට දෛනිකව අවශ් පෝෂණ මට්ටම් පවත්වා ගැනීමට අවශ් වන වැදගත් කරුණු කිහිපයක් මතක තබාගත යුතුයි

 

ආසාත්මිකතා – Allergies

 

දරුවන්ට ආහාර සකස්කිරීමේදි සැලකිලිමත් විය යුතු වැදගත්ම කාරණය මෙයයි. ඇතැම් ආහාරපාන දරුවන්ට ආසාත්මිකතා ඇතිකරන අතර එවැනි ආහාර වර්ග ගැන සැලකිලිමත් විය යුතුයි. ආහාර ජීර්ණ ගැටළු, සමේ ආසාදන, ඇදුම වැනි රෝග ඇතිවිය හැකියි. උදාහරණ ලෙස රටකජු බොහෝ දරුවන්ට ආසාත්මිකතා ඇති කරනවා. ඇතැම් විට රටකජු දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති කරනවා. ඒ නිසා ආහාර හා සම්බන්ධ ගැටළු වලට ළමා රෝග විශේෂඥ වෛද්යවරයෙකුගේ මගපෙන්වීම ඉතා වැදගත් වෙනවා. 

 

තම මුණුබුරන් පෝෂණය කිරීමේදී අනුගමනය කළ හැකි සරල පියවර කිහිපයක්

 

උදෑසන ආහාරයට- පෑන් කේක්, සැන්ඩ්විච්

 පෑන් කේක්වල කිරි, බිත්තර සහ පිටි අඩංගු වීම නිසා නිසි පෝෂණයක් දරුවාට ලබාදෙන අතර සරල සහ පහසුවෙන් සකස්කරගත හැකි ආහාරයක්. එමෙන්ම සැන්ඩ්විච් ඔබට විවිධ ආකාරයට සකස් කළ හැකියි. එළවළු, මස් හෝ මාළු, බිත්තර වැනි පිරවුම් එයට එක්කරගත හැකියි. එමෙන්ම දරුවන් ප්රියකරන නොයෙක් හැඩතල වලින් සකසා සංග්රහ කළ හැකියි

 

දිවා ආහාරයසුප් සහ බත්

ආච්චි අම්මාගේ විශේෂ සුප් ගැන සෑම දරුවකුටම රසවත් මතකයක් තියෙනවා. එළවළු නොකන දරුවන්ට පහසුවෙන් ආච්චි අම්මා සකස් කරන ක්රීමි එළවළු සුප් සමග බත් අඩංගු රසවත් දිවා ආහාරයක් සකස් කර දිය හැකියි

 

රාත්රි ආහාරයපැස්ටා

කුඩා දරුවන් විවිධ රසයෙන් සකස් කරන පැස්ටා ආහාරයට ගැනීමට ඉතාමත් ප්රිය කරනවා. ඔවුන්ට නොදැනුවත්ම පෝෂණය ලබාදිය හැකි ආකාරයට එළවළු, මස් හෝ මාලු වර්ග එයට එක්කළ හැකියි. පැස්ටා වලට අමතරව රසවත් සුදුළූණු පාන් වැනි දේ බටර් සමග රාත්රි ආහාරයට ලබාදිය හැකියි