වයස අවුරුද්දක දෙකක මුණුබුරන් එක්ක දවස ගෙවන ආච්චි සීයලාට විශේෂයි

ඔබේ මුණුබුරාගේ පෝෂණය හා සංවර්ධනය සඳහා ඔබ දෙපළටත් ක්‍රියාකාරී කාර්යභාරයක් තියෙනව. ආච්චි සීයලා ලෙස ඔබ ඔබේ නිවස නැවතත් ළදරුවන්ට ආරක්‍ෂිත ස්ථානයක් බවට පත් කර ගන්න වෙනවා. මුණුබුරු මිණිබිරියන්ට ආච්චිලා සීයලා සමඟ කළ හැකි අපූරු දේවල් බොහොමයක් තියෙන බවත් අමතක කරන්න එපා.

 

ඔබටත් සහභාගී විය හැකි ක්‍රියාකාරකම් කිහිපයක් සහ මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙන්න:

 

පුහුණු කිරීමේ කුසලතාව

දරුවාගේ සාර්ථකත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔබට උදව් උපකාර කළ හැකි නිවස වටා ශාරීරික ක්‍රියාකාරකම් වලට (උදා: අතු ගෑම, ආහාර පිළියෙළ කිරීම හෝ භාණ්ඩ පිළිවෙලකට තැබීමට දරුවන්  සම්බන්ධ කර ගන්න.)

ඔබ දෙදෙනාට සහ දරුවාට එකට භුක්ති විඳිය හැකි එළිමහන් ක්‍රීඩා සහ අභ්‍යාස සැලසුම් කර ආරම්භ කරන්න.

 

මුණුබුරන්ගේ මානසික වර්ධනය

දරුවන්ට විශේෂිත පොත් කියවන්න.

දරුවන් සමඟ සංගීතය වාදනය කරන්න, ගීත ගායනා කරන්න.

දරුවන් සංඛ්‍යා ගණන් කිරීමට ඉගෙන ගන්නා විට ඔවුන්ට සහාය වන්න.

hide-and-seek සහ peekaboo වැනි සැඟවීමේ ක්‍රීඩා කරන්න.

මනඃකල්පිත සෙල්ලම් සැබෑ සෙල්ලම් සමඟ මිශ්‍ර කරන්න.

 

සමාජ සංවර්ධනය

ඔබේ මුණුබුරන්ට ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ කටයුතු කිරීමට ධෛර්යමත් කරන්න, නමුත් මෙම වයසට වඩා ආත්මාර්ථකාමී හැසිරීම සාමාන්‍ය දෙයක් බව මතක තබා ගන්න.

ආත්මාර්ථකාමීත්වය ගැන සහ අන් අයගේ හැඟීම් නොසලකා හැරීම ගැන අනවශ්‍ය ලෙස ප්‍රතිචාර දක්වන්න එපා. ඔහු අනෙක් දරුවන්ගේ හැඟීම් කෙරෙහි සංවේදී විය යුතු බව පමණක් දරුවාට ඒත්තු ගන්වන්න.

මෝටර් මගින් ක්‍රියාත්මක වන පැදිය හැකි බයිසිකල් සහ කාර් වැනි සෙල්ලම් බඩු ලබාදෙන්න එපා.

දරුවන්ට කුඩා කොටස් වලට ගැලවිය හැකි හෝ තියුණු දාර සහිත සෙල්ලම් බඩු දෙන්න එපා.

 

ජල ආරක්ෂාව

අධීක්ෂණයකින් තොරව මුණුබුරා, තත්පර කිහිපයක්වත් ජලය ආශ්‍රිත ස්ථානයක තබන්න එපා. මෙයට නාන තටාකයක්, වැසිකිළියක්, පිහිනුම් තටාකයක්, මාළු පොකුණක්, hot tub, වතුර බේසමක්, වැවක් හෝ මුහුද ඇතුළත් වෙනවා.

 

වාහන ආරක්ෂාව

කාර් එකක ඕනම දරුවෙක්ට ඉඳගන්න ආරක්ෂිතම ස්ථානය පිටුපස අසුනයි.

මෝටර් රථය ගමන් කරන අතරතුර කුඩා දරුවාට ඔහුගේ අසුනෙන් නැඟිටීමට ඉඩදෙන්න එපා.

 

චිත්තවේගීය සංවර්ධනය

ඔබේ මුණුබුරා ඔබට කෙතරම් විශේෂදැයි නැවත නැවතත් කියන්න. දරුවා සමග ගත කරන කාලය ඔබට කොතරම් වැදගත්දැයි කියන්න.

දරුවගේ මනෝභාවයන් ගැන ඕනෑවට වඩා ප්‍රතික්‍රියා දක්වන්න එපා.

දරුවා ආක්‍රමණශීලී වුවහොත් සීමාවන් නියම කරන්න. නමුත් ඔහුට ශාරීරිකව බාධා කිරීම හෝ දඬුවම් කිරීම කරන්න එපා. 

ඔහුගේ සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකි ක්‍රියාකාරකම් හෝ ක්ෂේත්‍ර පිළිබඳව ඔබේම අදහස් අනුගමනය කරන්න.