සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීමක් සඳහා වටිනම උපදෙස්

ගර්භණී සමයේදී හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවාට ජීවිතයේ හොඳම ආරම්භය ලබා දෙන්න පුළුවන් වෙන විදිහට හැකි තරම් නිරෝගීව සිටීමට පෙළඹෙනවා. ඇත්තටම එක්තරා ආකාරයකට ගැබ් ගැනීම කියන්නේ ඔබ තුළ හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක්. ඔබේ ජීවිත කාලය පුරාම නිරෝගීව සිටීමට ඔබට මෙම පුරුදු භාවිතා ක‍රන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට අද කියා දෙන පහත දැක්වෙන ගර්භණී සමයේදී අනුගමනය කරන්න අවශ්‍ය යහපත් පුරුදු ඔබට ප්‍රයෝජනවත් වෙයි.

 

1. ඉගෙන ගන්න

ඔබේ ශරීරය වෙනස් වන පුදුමාකාර ක්‍රම සහ ඔබේ දරුවා වැඩෙන ආකාරය ගැන පුළුවන් තරම් ඉගෙන ගන්න. ගර්භණීභාවය, මහන්සිය සහ උපත පිළිබඳව ඔබේ මව, මිතුරන් සහ ඒ ගැන අත්දැකීම් ලබපු වෙනත් කාන්තාවන් සමඟ කතා කරන්න. ගර්භණීභාවය හා සම්බන්ධ පන්තිවලට සහභාගී වීම, අදාළ පොත් කියවීම සහ සාමාන්‍ය ගැබ් ගැනීම් සහ දරු උපත් පිළිබඳව නිතරම වීඩියෝ නරඹන්න.

 

2. සමබර ආහාර සහ ජල​ය

හැමදාම හොඳ සමබර ආහාර වේලක් ගන්න ගමන් වතුර ගොඩක් බොන්න.

 

3. අහිතකර පුරුදු ඉවත​ට

ඔබ මෙච්චර කල් සිගරට්, මධ්‍යසාර හෝ විවිධ භයානක ඖෂධ වර්ග අරගත්තා නම් සම්පූර්ණයෙන්ම ඒ පුරුදු ඉවත් කරන්න ඕනේ. මොකද ඔබේ ආදරණීය දරුවා වෙනුවෙන්. විශේෂයෙන්ම ඔබේ වෛද්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන මිසක් කිසිම ඖෂධයක් ගන්න එපා.

 

4. ක්‍රියාශීලීව සිටින්න

ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශයන්ට අනුව ඔබ ගැබ් ගැනීමට පෙර ඔබ අනුගමනය කරපු ව්‍යායාම වැඩසටහන් අතාරින්නේ නැතුව කරන් යන්න. ඔබ ගැබ් ගැනීමට පෙර කිසිසේත් ව්‍යායාම කළේ නැත්නම්, ඇවිදීම හෝ පිහිනීම වැනි ව්‍යායාම ගැන සලකා බලන්න. කෙටි කාලීන ව්‍යායාම වලින් ආරම්භ කරලා ක්‍රමයෙන් ටිකෙන් ටික ව්‍යායාම කරන කාලය වැඩි කරන්න.

 

5. ඕනෑ තරම් විවේක ගන්න

දිවා කාලයේදී ඔබට කෙටි විවේකයක් අවශ්‍යද යන්න තීරණය කරන්න වගේම රාත්‍රියේදී කොච්චර කාලයක් නින්ද අවශ්‍යද කියලා තීරණය කරන්න නම් ඔබේ ශරීරයට සවන් දෙන්න.

 

6. කුසයේ සිටින දරුවා සමඟ බැඳෙන්​න

ඔබේ කුසයේ ඉන්න දරුවා සමඟ ඔබ තනියෙන් ඉන්න වෙලාවට කතා කරන්න. ආදරණීයව කතා කරන ගමන් දරුවා සමඟ වැඩෙන බැඳීම භුක්ති විඳින්න පුරුදු වෙන්න. කළලයට සති දහයක් තරම් කාලයක් පිරුණට පස්සේ ළදරුවාට ඔබේ ස්පර්ශයන් වලට, කටහඬට ප්‍රතිචාර දක්වන්න පුළුවන් කියලා පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. ඊටත් ටික කාලයකට පස්සේ ඔවුන්ට ආලෝකය, ඔබේ කටහඬ, සංගීතය සහ වෙනත් ශබ්ද වලට ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්.

 

7. ව්‍යායා​ම

මන්දගාමී හා ගැඹුරු හුස්ම ගැනීම් සහිත ව්‍යායාම, යෝගා වැනි ආතති‍ය කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කරන එකෙන් ඔබේ මානසික ආතතිය පාලනය කර ගන්න උත්සාහ කරන්න.

 

8. හදවතින්ම විඳින්​න

ඔබේ ජීවිතයේ මෙම විශේෂ කාලය හදවතින්ම භුක්ති විඳින්න! මෙම පුදුමාකාර සංක්‍රාන්ති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබේ සැමියාගේ සහ ඔබේ පවුලේ අයගේ සහ මිතුරන්ගේ උදව් අනිවර්‍යෙන්ම ලබා ගන්න. ඇත්තටම ඕනෑ තරම් කාන්තාවන් සියවස් ගණනාවක් තිස්සේ ඔබ ඔය ඉන්න අත්දැකීම විඳලා තිබෙනවා, ඒ නිසා දරුවාට වැඩීමට, පෝෂණය කිරීමට සහ බිහි කිරීමට ඔබේ ශරීරයට ඇති හැකියාව ගැන විශ්වාසයක් තබා ගන්න.