ඔබට ගැළපෙනම මාතෘ ඇඳුම් මිලදී ගැනීම සඳහා උපදෙස්

ගැබ් ගැනීම කියන්නේ කාන්තා ඔබේ ජීවිතයේදී විඳින්න ලැබෙන සුන්දරම අත්දැකීමක්. නමුත් අම්මා කෙනෙක්ට ඒ කාලයේදී ප්‍රායෝගිකව මුහුණ දෙන්න වෙන ගැටලුත් තියනවා. බර වැඩිවීම, ස්ථුල වීම, ඉදිමීම සහ නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ආදී තත්ත්වයන් මේ කාලයේදී හට ගන්න නිසා ඔබේ සමස්ත ඇඳුම් ආයිත්තම් පෙළම වෙනස් කරන්න වෙනවා. ඒ වගේම ඔබේ මුළු මාස නවයම පහසුවෙන් ගත කිරීමට ඔබට උපකාර කර ගැනීම සඳහා සුදුසු මාතෘ ඇඳුම් මිලදී ගැනීම අනිවාර්‍යෙන්ම කරන්න ඕනේ. ඒ නිසා ගර්භණී කාලයට සුදුසු ඇඳුම් තෝර ගන්න කලින් සළකලා බලන්න ඕනේ උපදෙස් කිහිපයක් මෙන්න.

 

පිළිසිඳීමේ සිට උපත දක්වා සුදුසු මාතෘ ඇඳුම් ගන්න

මේ විදියට ඇඳුම් තේරීමේදී ඔබේ වැඩෙන බඩ සඳහා වෙනස් කරන්න පුළුවන් හා ඉලාස්ටික් ඉණ පටියක් සහිත කලිසම්, කොට කලිසම් හෝ සායවල් ඇතුළත් වෙනවා. ටොප්ස් මිලදී ගනිද්දී දරු ප්‍රසූතියේ දිනය දක්වාම ඔබට පළඳින්න පහසු maternity tops ගැන සොයා බලන්න. අපි මීට කලින් ලියූ මේ ලිපියෙනුත් අදහසක් ගන්න පුළුවන්. ටොප්ස් මිලදී ගනිද්දී ඒවායේ දිග ප්‍රමාණය ගැන ද සලකා බලන්න. ඔබට නිවුන් දරුවන් හෝ තුන් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්නවා නම් ඔබේ Baby bump එක හොඳින් ආවරණය වීමට තරම් ඒවා දිගු වෙන්න ඕනේ.

 

මව්කිරි දීමට පහසු ඇඳුම් ගැන සොයා බලන්න

ඔබ අලුත් ඇඳුම් මිලදී ගැනීමට යනවා නම්, ඔබට පුළුවන් තරම් කල් ඒවායින් ප්‍රයෝජන ගැනීමට පුළුවන් වෙන්න ඕනේ. දරුවා පැමිණීමට පෙර සහ පසුව ද ඔබ මිලදී ගත්ත ඇඳුම් අයිතම භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ටොප්ස් මිලදී ගැනීමේදී කිරි දෙන්න පහසු, ඉදිරිපස බොත්තම් සහිත ටොප්ස් ගැන සොයා බලන්න. සාමාන්‍යයෙන් Maternity’s nursing tops නිර්මාණය කර ඇත්තේ දරුවන්ව කිරි වලින් පෝෂණය කරන්න ගැළපෙන සුවපහසුම හා නුවණක්කාරම විදිහටයි. ඔබට මේ විශේෂිත ටොප්ස් මිලදී ගැනීමට අවශ්‍ය නැතිනම්, පහසුවෙන් ගලවන්න ලේසි පටි,පළල් කරක් ඇති හෝ පැත්තෙන් ඕපන් කරන්න හැකියාව ඇති ඇඳුම් අයිතම මිලදී ගන්න.

 

nursing singlets හෝ tanks මිල දී ගන්න 

ඒ හරහා ඔබට මව්කිරි දීමට පහසු නැති ඔබේ ප්‍රියතම ටොප්ස් සියල්ලම අඳින්න පුළුවන්. ඔබේ singlet එක හෝ tank එක යටින් අඳින්න. උඩින් ඔබ කැමති ඔබේ ප්‍රියතම ටීශර්ට් හෝ ටොප් එක අඳින්න.  ඔබේ බඩ ආවරණය වෙලා තියනවා වගේම ඔබට බබා ලැබුණම පහසුවෙන් දරුවාට කිරි පොවන්නත් පුළුවන්. 

 

අත්‍යාවශ්‍ය දේ සඳහා ආයෝජනය කරන්න

අනිවාර්යයෙන්ම ඔබේ මුදල් වෙන් කරන්න ඕනේ එක දෙයක් තමයි හොඳ maternity jeans යුගලයන්. ඒවා එක්ක ඔබට පුංචි හීල් එකක්, අලංකාර ටොප් එකක්, ෆ්ලැට් පාවහන් යුගළයක් හෝ ටී ශර්ට් එකකින් සැරසෙන්නත් පුළුවන්. ගුණාත්මක back pants යුගලයක් මිල දී ගැනීම ද හොඳ අදහසක්. විශේෂයෙන් ඔබ ගර්භණී කාලය පුරාම වැඩ කරන මවක් නම්. ඒ වගේම මංගල උත්සව හෝ සාද වගේ ඕනෑම විශේෂ අවස්ථාවක් හරහා හොඳ තත්ත්වයේ ඇඳුමකින් අනිත් අයට ඔබව දකින්න පුළුවන් වෙනවා. ඔබ ඇඳුම සාපේක්ෂව සරල ලෙස තබා ගන්නවා නම්, ඔබට විවිධ ආභරණ සහ පාවහන් සමඟ පෙනුම වෙනස් කර ගන්නත් පුළුවන්.

 

ඔබේ ප්‍රමාණයට මිලදී ගන්න

මේක සරල දෙයක් වගෙයි පේන්නේ. නමුත් බොහෝ කාන්තාවන් විශාල ප්‍රමාණයේ මාතෘ ඇඳුම් මිලදී ගන්නට උත්සහ කරන්නේ ඔවුන්ට අමතර ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා සිතමිනුයි. ඒක කරන්න එපා. මොකද, නැත්නම් ඔබේ ගර්භණී පෙනුමට නොගැළපෙන ඇඳුම් ටිකක් තමයි අවසානයේදී ඔබට ඉතුරු වෙන්නේ. ඒ නිසා ඔබ මිල දී ගන්න මාතෘ ඇඳුම් ඔබේ සාමාන්‍ය ප්‍රමාණයට ගැළපෙන ප්‍රමාණයෙන් මිලදී ගන්න. ඒවායේ ඉණ වර්ධනය වෙන ඔබේ බඩ සමග ඇදෙන හෝ සකසාගන්න පහසු පටි හෝ ඉලාස්ටික් වීම පමණක් ප්‍රමාණවත්.

 

සිසිල්ව ඉන්න

මේ කාලයේදී ඔබේ ශරීරය පුරා අමතර රුධිරය පොම්ප කිරීම සිද්ධ වෙන නිසා ඔබ ගර්භණීව සිටින කාලයේදී ඔබට සීතල දැනෙන්නේ අඩුවෙන්. ගර්භණී කාන්තාවකගේ මූලික ශරීර උෂ්ණත්වය බොහෝ විට වෙනදාට වඩා අංශක කිහිපයකින් උණුසුම් වෙනවා – සාමාන්‍යයෙන් තියන 37. C අගය ගර්භණී කාලයේදී 37.8 C පමණ ප්‍රමාණයට ඉහළ යන්න පුළුවන්. ඒ නිසා ඔබව සිසිල්ව තබා ගැනීමට අත් නැති ටොප්ස් සහ ගෙදරදී කොට කලිසම් අඳින්න උත්සහ කරන්න.

 

කපු තමයි සුදුසුම

ඔබේ ශරීරයෙන් ඇති කරවන අමතර තාපය සමඟ කටයුතු කරන්න වෙන නිසා කපු වගේ පහසුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න ලේසි රෙදි අමුද්‍රව්‍යයකින් වලින් ඇඳුම් මිලදී ගන්න උත්සහ කරන්න. ඒ එක්කම ඔබට හොඳින් ඇදෙන ඇඳුම් ද අවශ්‍ය වෙයි. ඒ නිසා spandex අඩංගු ඇඳුම් අයිතම මිල දී ගන්න. පොලියෙස්ටර් පාදක කරගෙන තිබෙන රෙදිපිළි වල රැළි ඇති වීම අඩුයි සහ වැඩි කල් පවතින බවක් සහිතයි. නමුත් දහඩිය සලකුණු වළක්වා ගැනීම සඳහා විශේෂ අවස්ථා හෝ සිසිල් දිනයන් සඳහා ඒ වගේ ඇඳුම් තබා ගැනීම වඩාත් සුදුසු වෙයි.