විදුලියෙන් වෙන අනතුරු වලින් දරුවා රැකගන්නෙ කොහොමද?

අපි දෙමවුපියන් විදිහට නිතරම දරුවන්ගේ කායික සහ මානසික ආරක්ෂාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න උත්සහ කරනවා. දරුවන් එක්ක පිටතට ගියත් දරුවන් ගැනම ඇහැ ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ එයාලගේ හැසිරීම් ගැන අපිට ස්ථීර අදහසක් තියා ගන්න අමාරු නිසයි. එළියට ගියාම එහෙම වුණත් නිවස ඇතුළේදීම දරුවන්ට වෙන්න පුළුවන් අනතුරු ගැන ඔබ ඒ තරම් අවධානයක් දීලා ද තියෙන්නේ? විශේෂයෙන්ම විදුලියෙන් වෙන්න පුළුවන් අනතුරු ගැන? එහෙම අවධානය දෙන්න අමතක වුණා නම් අද ඉඳන් මේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න එක ඔබට වැදගත් වෙයි. මොකද මේ දවස් වල දරුවන් ගෙදර ඉන්න නිසාත් විදුලි අනතුරු වලින් දරුවන්ගේ ආරක්ෂාව සහතික කරගන්න ඔබට මේ ලිපිය වැදගත් වෙයි…

 

දරුවන්ට දෙන්න ඕනේ විදුලි ආරක්ෂණ උපදෙස්:

  • කිසිම වෙලාවක දරුවාගේ ඇඟිලි හෝ වෙනත් ද්‍රව්‍ය විදුලි පේනු තුළට දමන්න දෙන්න එපා.
  • ලෝහ වස්තූ උදාහරණෙට පිහි, හැඳි, ගෑරප්පු වැනි දේ ටෝස්ටර් එකට ඈතින් තියන්න.
  • ජලය සහිත දේවල් හා තැන් වටා වයර් කෝඩ් හෝ ප්ලග් භාවිතා කරන්න එපා.
  • වයර් එක මඟින් කිසි විටෙකත් ප්ලග් එකක් අදින්න දෙන්න එපා.
  • විදුලි රැහැන් වලින් දරුවා ඈත් කරලා තියන්න.
  • විදුලි කණු මතට නගින්න එපා.
  • දරුවන්ට විදුලි රැහැන් අසල සරුංගල් පියාසර කරන්න දෙන්න එපා.
  • කැඩුණු හෝ වැටී ඇති විදුලි රැහැන් වලින් ඈත් වෙලා ඉන්න දරුවන්ට කියා දෙන්න.
  • දරුවන්ට විදුලි රැහැන් අසල ඇති ගස් ස්පර්ශ කරන්න හෝ නඟින්න දෙන්න එපා.
  • අනතුරු ඇඟවීමේ සංඥා සහිත විශාල ලෝහ ට්‍රාන්ස්ෆෝමර් පෙට්ටි කිසි විටෙකත් ස්පර්ශ කරන්න දෙන්න එපා.
  • අනතුරු ඇඟවීමේ සලකුණු වලට කීකරු වෙන්න දරුවන්ට උගන්වන්න. ඒවායේ භයානකකම කියා දෙන්න. 

නිවස තුළදී දරුවාගේ ආරක්ෂාව සනාථ කරන විදිහ :

බාහිර වස්තු, විදුලි පේනු හෝ ප්ලග් වලට කුතුහලය සහිත දරුවන් ආකර්ෂණය වෙන්න පුළුවන් නිසා ඔවුන් ඒවා පරීක්ෂා කරන්න යන්න කලින් ආරක්ෂා කරන්න. 

 

භාවිතයට නොගත් බිත්ති විදුලි පේනු සුරක්ෂිත කරන්න ඕනේ. ප්ලාස්ටික් inserts භාවිතා කරන්න පුළුවන් වුණත් දරුවන් ඒවා ඉවතට අරන් මුඛයේ සිර කර ගන්න පුළුවන්. ඒ නිසා බාහිර වස්තූන් ඇතුළු වීම වළක්වන ආරක්ෂිත outlet භාවිතා කිරීම ගැන සලකා බලන්න. ගෘහ භාණ්ඩවල නිර්මාණාත්මක සැකසීම් හරහා ඔබට ඒ වගේ පේනු අවහිර කරන්න පුළුවන්.

 

ඔබ තාවකාලිකව දිගු විදුලි රැහැන් භාවිතා කරනවා නම් ඒවා ගෘහ භාණ්ඩ පිටුපස සඟවන්න. නැත්නම් සැඟවුණු රැහැන් උපාංගයක් භාවිතා කරන්න. භාවිතයට නොගන්න cord වල සිදුරු වහන්න electrical tape භාවිතා කරන්න.

 

ඩීවීඩී ප්ලේයර් වගේ විදුලි උපකරණ උස රාක්කයක හෝ බාධකයක් පිටුපස තබන්න.

 

කුතුහලය සහිත දරුවන්ට ළඟා වෙන්න බැරි විදිහට නානකාමරයේ සහ මුළුතැන්ගෙයි විදුලි උපකරණ, hair dryers සහ ටෝස්ටර් වගේ උපකරණ ගබඩා කරන්න.