Search here...
TOP
එදිනෙදා ජීවිත​ය දරුවන්ගේ සෞඛ්‍යය පෝෂණ​ය

ඔබේ දරුවාත් එළවළු ආහාරයට ගැනීමට අකමැතිද?

එළවළු යනු පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි සහ දිගුකාලීන සෞඛය සදහා වැදගත්වන ආහාරයක්. කෙසේ නමුත් ඔබ කුඩා දරුවලු සිටින මවක් නම් දරුවාට එළවළු ලබාදීම සම්බන්ධව ඔබටත් ගැටළු ඇති. මන්ද බහුතරයක් කුඩා දරුවන් එළවළු ආහාරයට ගැනීමට රුචිකත්වයක් නොදක්වන අතර මවුවරු සෑමවිටම සම්බන්ධයෙන් මැසිවිලි නගනවා

ඒ නිසා මෙම ලිපිය මගින් කුඩා දරුවන්ගේ එළවළු ආහාරයට ගැනීමට පෙළඹවිය හැකි සරල උපදෙස් කිහිපයක් ලබාදෙනවා.  

 

දරුවෙකු දිනකට එළවළු කොපමණ ප්රමාණයක් ආහාරයට ගත යුතුද?

 

විශේෂඥයන් නිර්දේශ කරන ආකාරයට දරුවකුට දිනකට එළවළු වර්ග එකත් තුනත් අතර ප්රමාණයක් ලබාදිය යුතුයි. 

අවුරුදු 2 ත් 4 ත් අතර දරුවකුඑළවළු කෝප්ප 1 සිට 2 දක්වාඅවුරුදු 5 සිට 8 දක්වා එළවළු කෝප්පත්ත් අතර ප්රමාණයක් ලබා දිය යුතුයි.

සාමාන්යෙන් දරුවකුට දිනකට එළවළු කෝප්ප එකක් හෝ දෙකක් ලබාදීම පහසු කාර්යයක් නෙවෙයි. වේල් කිහිපයකදී කුඩා ප්රමාණ වශයෙන් ලබාදිය යුතුයි

 

දරුවන්ට එළවළු ලබාදීම අත්යවශ් වන්නේ ඇයි?

දරුවාගේ දෛනික කැලරි ප්රමාණය තුලනය කිරීම.

දරුවාගේ වර්ධනයට අවශ් ක්ෂුද් පෝෂක ලබාදීම. විශේෂයෙන් ෆෝලේට්, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ, සහ විටමින් A, C, සහ E වැනි පෝෂ්‍ය පදාර්ථ ලබාදෙනවා. ඒ නිසා විවිධ වර්ගයන්ගෙන් සහ සහ රසයෙන් යුතු එළවළු වර්ග දරුවාගේ ආහාරවේලට එක්කළ යුතුයි

ආහාර ජීර්ණයට අවශ් වන තන්තු බහුල වන අතර මළබද්ධය වැලැක්වීමට උපකාරී වෙනවා. ඊට අමතරව බඩවැල්වල ක්ෂුද් ජීවින් පෝෂණය කරන ප්රිබයොටික් ලෙසද ක්රියා කරනවා

දරුවාට අවශ් ජෛව ක්රියාකාරී සංයෝග ලබාදීම. තක්කාලිවල අඩංගු Lycopene , වට්ටක්කා වල අඩංගු anthocyanins, කැරට්වල අඩංගු beta-carotene, ලීක්ස් සහ ළූණු වල අඩංගු allium යහපත් ඔක්සිකාරක ක්රියාකාරිත්වයක් සහිත ජෛව ක්රියාකාරී සංඝටක කිහිපයක්. 

 

දරුවාඑළවළු ආහාරයට ගැනීමේ රුචිකත්වයක් ඇතිකළ හැකි පහසු පියවර කිහිපයක්

  • දරුවා ඉතා කුඩා කල සිටම එළවළු ආහාරයට හඳුන්වා දෙන්න එවිට ආහාරවල රසයට සහ දිරවීමේ හැකියාවට හැඩගැසීමට ඔවුන්ට පහසුවෙන් හැකියාව ලැබෙනවා
  • මවක ලෙස ඉවසිලිවන්තව සිටින්න. ඔබට එකවර ඔබේ දරුවා සියළුම එළවළු මහත් රුචියකින් යුතුව ආහාරයට ගනීයැයි බලාපොරොත්තු විය නොහැකියි. ඒ නිසා වරකට එක එළවළුව බැගින් ප්රමාණවත් කාලයක් ලබාදෙන්න
  • දරුවාට ආදර්ශමත් වන්න. පවුලේ සියලු දෙනා ආහාර ගන්නා වේලාවට දරුවාද එක්කර ගන්න. දරුවා ඉදිරියේ එළවළු වලට ඔබගේ ඇති අකමැත්ත පෙන්නීමෙන් වළකින්න
  • ආහාර වේල සැලසුම් කිරීමට හා සකස් කිරීමට දරුවා එක්කර ගන්න
  • එළවළු වල විවිධ වර්ණ සහ හැඩයන් දැකීමට සහ ඒවායේ පෝෂණය ගැන දැනුවත් කිරීමට එළවළු මිලදී ගැනීමට යාමේදි දරුවාද එක්කර ගන්න
  • එළවළු වගා කරන ආකාරය සහ අස්වැන්න නෙළන ආකාරය බැලීමට දරුවා එළවළු ගොවිපලකට රැගෙන යන්න
  • දරුවන්ට දිනකට ප්රධාන ආහාර වේල් තුනක් සහ කෙටි ආහාර වේල් දෙකක් ලබාදෙන බැවින් එයට එළවළු එක්කිරීම
  • එළවළු එක්කරන ලද ආහාර වර්ග දෙකක් සකසා දරුවා වඩාත් ප්රියකරන බඳුන තෝරා ගැනීමට ඉඩ දෙන්න
  • එළවළු විවිධ ආකාරවලට සකසා ලබාදෙන්න. උදාහරණ ලෙස ව්යංජන ලෙස, තම්බා, ග්රිල් කර, බැද හෝ පිරවුමක් ලෙස සකසා ආදි ව්විධ ක්රමවලට සකසා දෙන්න
  • ඒකාකාරී නොවන ආකාරයට විවිධ හැඩයන්ගෙන් යුතුව ආහාර සකසන්න
  • දරුවාට ආහාර කවන විට මුලින් එළවළු කවන්න උත්සාහ කරන්න. දරුවා කුසගින්නේ සිටින බැවින් ඔබට මුලින් එළවළු කැවීමට උත්සාහ කළ හැකියි
  • එළවළු ආශ්රයෙන් සකසන කෙටි කෑම වර්ග සැකසීමට උත්සාහ කරන්න. කුඩා එළවළු සැන්ඩ්විච් සහ බර්ගර්, එළවළු රෝල්ස්, පැටිස් ආදි විවිධ වර්ග උත්සාහ කළ හැකියි
  • විවිධ එළවළු වර්ග යොදා ආකර්ෂණීය සහ වර්ණවත් ලෙස සලාද සකස් කර එක් වේලකට සලාද එක්කරන්න
  • දරුවා යම් එළවළුවක් ප්රතික්ශේප කරනවා නම් වෙනුවට විකල්පයක් සකසා නොදී දැඩිව සිටින්න. පවුලේ සියල්ලන්ටම සකස් කළ නිසා අනිවාර්යයෙන් ආහාරයට ගත යුතුයැයි පවසන්න
  • ඔබේ දරුවා එළවළු ආහාරයට ගත් විට ප්රශංසා කරන්න
  • ඇවිදින අතර ආහාර ගැනීමට ඉඩ දීමෙන් වැළකී හොඳින් වාඩිවී ආහාර ගන්නා ලෙස පවසන්න
  • දරුවාට බලහත්කාරයෙන් ආහාර කැවීමට උත්සාහ නොකළ යුතුයි. එමගින් දරුවාආහාර සම්බන්ධයෙන් බිය සහ කාංසාව ස්වභාවයක් ඇතිවිය හැකියි
  • ආහාර ලබාගැනීම සම්බන්ධව දඬුවම් දීමෙන් සහ අල්ලස් ලබාදීමෙන් වළකින්න. වෙනුවට ඔහුට හෝ ඇයට ඇති ගැටළුව කුමක්දැයි දරුවා සමග සාකච්ඡා කරන්න. විශේෂයෙන් දරුවා යම් එළවළුවක් සකසන ආකාරයට අකමැතිනම් එය වෙනත් ක්රමයකට සකසා දීමට උත්සාහ කරන්න
  • මස් වර්ග සමග එක්කර එළවළු වර්ග ලබාදීමට උත්සාහ කරන්න
  • වෙළඳපොලේ ඇති කෘත්රිම රසකාරක සහ අධික මේදය සහිත එළවළු සහිත කෙටි කෑම ලබාදීමෙන් වළකින්න. එමගින් දරුවාට පෝෂණයක් ලැබෙන්නේ නැහැ.  

 

«

»