Search here...
TOP
දරුවන්ගේ සෞඛ්‍යය

බබා නිදි කරවගන්න පහසු වෙන්න අපෙන් ටිප්ස් ටිකක්

ඔබේ දරුවා නිදාගෙන සිටින විට ඔබේ හදවත ආදරයෙන් පිරෙනවා ඇති. මොකද පුංචි දරුවන් අහිංසකයි. කෙසේවෙතත්, දරුවට මුළු රාත්‍රිය පුරාම නිදා ගැනීමට නොහැකි වූ විට හෝ ඔබට අවශ්‍ය විටෙක දරුවා නිදා නොගත් විට ඔබට එය ආතතියක් වෙන්න පුළුවන්. ඔබට ඔබේ මානසික ආතතිය ලිහිල් කළ හැකි‍යි. ඔබේ දරුවාගේ නින්ද කාලසටහනකට අනුව සකසන්න. දරුවා වඩා හොඳින් ඊට සූදානම් විය හැකියි.

 

ඔබේ දරුවාගේ නින්දේ අවශ්‍යතා තේරුම් ගන්න

පළමු මාස දෙක තුළ ඔබේ අලුත උපන් බිළිඳාට කිරි බීමේ අවශ්‍යතාවය නිදා ගැනීමට ඇති අවශ්‍යතාව ඉක්මවා යනවා. ඔබ මව්කිරි දෙනවා නම් ඇය සෑම පැය 2 කටම වරක් මවුකිරි වලින් පෝෂණය කරන්න. ඔබ බෝතලෙන් කිරි පොවනවා නම් කාල පරතරය අඩු කරන්න.

ඔබේ දරුවා දිනකට පැය 10 සිට 18 දක්වා, සමහර විට වරකට පැය 3 සිට 4 දක්වා නිදා ගන්න පුළුවන්. නමුත් ළදරුවන් දිවා රෑ අතර වෙනස දන්නේ නෑ. ඒ නිසා ඔවුන් නිදාගන්නේ කුමන වේලාවටද යන්න නොසලකන්න. ඒ කියන්නේ ඔබේ දරුවාගේ අවදි කාලය අළුයම 1 සිට අළුයම 5 දක්වා විය හැකියි.

මාස 3 සිට 6 දක්වා බොහෝ ළදරුවන්ට පැය 6 ක කාලයක් නිදා ගැනීමට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මාස 6 ත් 9 ත් අතර දී ඔබේ දරුවා හොඳ නිදි පුරුද්දකට පිවිසෙනු ඇතැයි ඔබ සිතනවා වෙන්න පුළුවන්. නමුත් ඔබේ ඇසුරට හුරු වීමත් එක්ක ඔවුන් ඔබ ලඟ නැති වුණාම අඬන්න පටන් ගන්නවා.

 

නිදාගැනීමේ පුරුද්දක් සකසන්න

මාස 7 ත් මාස 36 ත් අතර ළදරුවන් සිටින මව්වරුන් 405 දෙනෙකුගෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ රාත්‍රී නින්දට යාමේදී එකම වෙලාවකට හුරු කරවීමේ පුරුද්දක් අනුගමනය කළ ළදරුවන් පහසුවෙන් නිදා ගැනීමට සහ හොඳින් නිදා ගැනීමට පෙළඹුන අතර මැදියමේ ඇහැරී ඇඬීම අඩු බවයි.

 

දරුවන් සාර්ථක නින්දකට දමන්න නම්

දිවා කාලයේදී ක්‍රියාකාරී ක්‍රීඩා සහ සවස් වරුවේ නිහඬ ක්‍රීඩා කරන්න. මෙය ඔබේ දරුවා දවස අවසානයේ ප්‍රබෝධමත් වීම වළකන අතර දරුවා සන්සුන් කරවයි. දවස පුරා ක්‍රියාකාරකම් වලින් දවස අවසානයේ දරුවා වෙහෙසට පත් කරවයි. එය දරුවාට සුව නින්දකට මග කියනව.

බොහෝ ළදරුවන් නින්දට පෙර ස්නානය කිරීමෙන් සතුටක් ලබන අතර එය ඔවුන්ව සන්සුන් කරයි.

ඔබේ දරුවාගේ ප්‍රියතම ක්‍රියාකාරකම් දවසේ අන්තිමට කරන්න. එය දරුවාගේ නිදන කාමරයේ දී කරන්න. මෙය  නින්දට යාමට බලා සිටීමට සහ ඇගේ නින්දේ අවකාශය ඇය කිරීමට කැමති දේ සමඟ සම්බන්ධ කිරීමට උපකාරී වෙනවා.

ඔබේ දරුවාගේ නිදන කාමරයේ රාත්‍රී කාලයේ දී පවතින ආකාරය වෙනස් කරන්න එපා. දරුවා මධ්‍යම රාත්‍රියේ අවදි වුවහොත්, කාමරයේ ඇති ශබ්ද සහ විදුලි පහන් දරුවා නින්දට වැටුණු වේලාවේ තිබ්බා වගේම සමාන තිබිය යුතුයි. එමගින් අවදි වූ පසු දරුවාගේ අවධානය වෙනස්කම් වලට යොමු වීමෙන් වැලකී නැවත ඉක්මණින් නින්දට වැටෙනව.

«

»