දරුවාට බෝතලෙන් කිරි දීම නැවැත්විය යුත්තේ කොයි වයසේදීද? එය කරන්නේ කෙසේද?

පොඩ්ඩා කිරි බිව්වේ කිරි බෝතලයෙන් නම් වැඩේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. දරුවා පුරුදු අතහරින්න වැඩිය කැමති නැහැ. ළදරුවන් කිරි බෝතල්වලම රැඳී සිටීම ස්වාභාවික දෙයක් වුණත් ටිකෙන් ටික වැඩෙන කොට වයසට සරිලන කෝප්පයකට මාරු වෙන්න ඕනේ. ඉතිං අද baby and me අපි ඔයාට දරුවාට බෝතලෙන් කිරි දීම නැවැත්විය යුතු වයස ගැන තමයි කියන්න හිතුවේ.

 

කිරි බෝතල් කිරීම නැවැත්විය යුත්තේ ඇයි?

  • බෝතල් දීර්ඝ කාලයක් භාවිතා කිරීමෙන් දත් දිරායාමට හේතු වෙනවා.

කුඩා ළමුන් දිවා රෑ පුරාම බෝතලයෙන් අඛණ්ඩව කිරි පානය කිරීම දත් දිරායාමට තුඩු දෙනවා. ළදරුවා කිරි පානය කරන අතරතුරම නිදා ගන්නවා නම් මුඛයේ ඇති කිරි දත් එනමලය මත ආම්ලික ආවරණයක් නිර්මාණය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කුහර ඇති වෙනවා.

 

  • දන්ත සංවර්ධනයට බාධා ඇති කරනවා.

බෝතලේ සුප්පුවෙන් දිගින් දිගටම කිරි උරා බොන විට ඔවුන්ගේ දත් වල පිහිටීම සහ අනාගතයේදී මුහුණේ මාංශ පේශි වර්ධනයට බලපෑම් ඇති කරන්න පුළුවන්.

 

  • අධික ලෙස භාවිතා කිරීමෙන් ළමා තරබාරුකම ඇති වෙනවා.

බොහෝ කුඩා දරුවන්ට දිනකට කිරි කෝප්ප දෙකක් පමණ පානය කරනවා. කොහොම වුණත් බෝතලයෙන් පෝෂණය කිරීමෙන් කිරි වැඩි ප්‍රමාණයක් පානය කරනවා. ළදරුවා වැඩිපුර කිරි පානය කර නිසා තරබාරු වීමට වැඩි ඉඩක් තියෙනවා.

 

  • බෝතලයෙන් ආසාදන ඇති වෙනවා.

ළදරු බෝතලයේ පතුල බැක්ටීරියා බෝ කිරීම සඳහා නිජබිම බවට පත්වන අතර කිරි උරා බොන විට කණ හෝ උගුර ආසාදන වෙන්න පුළුවන්.

 

බෝතලයෙන් කිරි පානය කිරීම නැවැත්විය යුත්තේ කවදාද?

මාස 12-14 සිට බෝතලයෙන් කිරි වැරීම ආරම්භ කරන්න පුළුවන්. පළමු වසර අවසානයේදී, ඔයා ළදරුවාට කිරි බෝතල් දීම නැවැත්වීමට උත්සාහ කරන්න ඕනේ. දරුවට කුඩා කෝප්පයකින් කිරි පානය කිරීමට හැකි දැයි පරීක්ෂා කර බලන්න. සමහර දරුවන්ට බෝතල් පුරුද්දෙන් මිදීමට අපහසු වෙනවා. 

 

  1. දරුවා කෝප්පයකට මාරුවීමට සූදානම් වන්නේ කවදාදැයි දැන ගන්න.

බෝතලය අතහැර දැමීම කුඩා දරුවන්ට අභියෝගයක්. නමුත් දරුවාට වසරක් සම්පූර්ණ වන විට කෝප්පයකින් කිරි බොන්න පුළුවන්. බෝතලය වෙනුවට කිරි කෝප්පය ආදේශ කරන්න. දරුවන්  අලුත් දේවල් අත්හදා බැලීමට වඩාත් කැමතියි. 

 

  1. පෝෂණ කාලය අඩු කරන්න.

බෝතලයෙන් කිරි බීම බොහෝ විට කුඩා දරුවන්ගේ අවශ්‍යතාවයට වඩා පුරුද්දකි. ඒ නිසා ඝන ආහාර ද්‍රව්‍ය හඳුන්වා දීමෙන් බෝතලය භාවිතයෙන් පෝෂණය කරන කාලය අඩු කර ගන්න පුළුවන්. 

 

  1. සූප්පු කෝප්ප හඳුන්වා දෙන්න.

සූප්පු කෝප්ප කියන්නේ පෝෂණය කිරීම සඳහා විශිෂ්ට විකල්පයකි. ඒවා කරදරයකින් තොර, වැසීමට හැකියාව ඇති අතර ඒවා පුරුදු කිරීමට පහසුය. එසේම, බබාට අත් දෙකෙන්ම කෝප්පය හැසිරවීමට ඉගෙන ගන්නවා.

 

  1. කෝප්පයේ පෙනුමෙන් ආකර්ෂණී​ය බවක් ගෙන දෙන්න ඕනේ.

විවිධ සතුන්ගේ හැඩය ගත් සහ වර්ණවත් කෝප්ප දරුවන් වෙනුවෙන්ම නිපදවෙලා තියෙනව. ඒ වගේම විවිධ ශබ්ද නැගෙන ආකාරයේ කෝප්ප තියෙනව. දරුවාට ආස හිතෙන විදිහේ කෝප්පයක් උනාම දරුවා කෝප්පයට නිකම්ම හුරු වේවි. 

 

එක රැයකින් දරුවාගේ කැමැත්ත වෙනස් කරන්න බැහැ. එයට කාලය අවශ්‍ය නිසා ඔයා ඉවසිලිවන්ත කටයුතු කරන්න ඕනේ. එක දිගට උත්සහ කරන්නෙ නැතුව විටින් විට උත්සහය නතර කරන්න. බෝතලය ටිකෙන් ටික දරුවාගෙන් අයින් කරන්න.