බබාට කෑම කවන කොට මේ වැරදි ඔබත් කරනවද?

දරුවන්ට කෑම කවනවා කියන්නේ දෙමවුපියන් වුණාට පස්සේ අම්මලා තාත්තලා මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක්. කොටින්ම වෙනම මහන්සියක් ඒ සඳහාම දරන්න වෙනවානේ. ඒත් ඔබ මෙච්චර කල් කරපු පොදු වැරදි වලින් ඈත් වෙලා අද අපි මේ කියන නිවැරදි කිරීම් කරගත්තොත් දරුවාට කෑම කවන එක පහසු කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා කියවලා බලන්න…

 

1. බලහත්කාරයෙන් පෝෂණය කිරීම

ඔබේ දරුවාට අවශ්‍ය නොවන ආහාර කන්න කියලා බල කිරීම හොඳ අදහසක් කියලා ඔබ සිතනවා නම් නැවත සිතන්න. ඒක නිසා ඔබ සහ ඔබේ කුඩා දරුවා කලබලයට හා ව්‍යාකූලත්වයට පත් වෙනවා. මේ නිසා දරුවාට ආහාර ගැනීම සහ ආහාර වේල යන දෙකටම අකමැති වෙනවා.

 

ඒ වෙනුවට: දරුවා ආහාර ප්‍රතික්ෂේප කරනකොට කරදර කරලා කවන්න එපා. ඔබ දැන් කරන බල කිරීම් අඩු කරන තරමට, ඊළඟ වතාවේ දරුවාට කෑම කවද්දී ඔබට ඇති වන කලබලකාරී බව අඩු වෙනවා. ටිකක් ඉවසන් ඉන්න, ප්‍රීතිමත්, ධනාත්මක ආකල්පයකින් නැවත කවන්න උත්සාහ කරන්න.

 

2. කෙටි කාලීන් ආහාර පිසීම්

බොහෝ දෙමව්පියන් කෙටි කාලීන ආහාර පිසීමේ උගුලට හසු වෙලා ඉන්නවා. තම දරුවන් කුසගින්නේ සිටීම පිළිබඳ සැලකිලිමත් වෙද්දී සහ දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනය අඩාල වීම ගැන දෙමවුපියන් කණස්සලු වෙද්දී දරුවන්ට අවශ්‍ය ආහාර ලබා දෙන්න දෙමවුපියන් පෙළඹෙනවා. නමුත් දරුවන්ගේ ඉල්ලුමට අනුව ආහාර පිසීම වැරදියි.

 

ඒ වෙනුවට: දරුවා භුක්ති විඳින බව ඔබ දන්නා අවම වශයෙන් එක් දෙයක් සමඟ ආහාර කැවීම සැලසුම් කරන්න. ඒක සැලසුම් කිරීමට හෝ පිළියෙළ කිරීමට දරුවා උදව් කළොත් ආහාර හොඳින් අරගන්න වැඩි ඉඩක් තියනවා. නිදසුනක් වශයෙන් ඔබේ දරුවා මැක් ඇන්ඩ් චීස් වලට කැමති නමුත් හරිත එළවලු වලට අකමැති නම්, බ්රොකොලි මැක් සහ චීස් කෑමක් සාදා සතුටින් කන්න දෙන්න.

 

3. ඔවුන්ගේ පිඟාන අවසන් කිරීමට බල කිරීම

දෙමව්පියන් සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල කොටස් කෑම කද්දී ලබා දෙන්න පුරුදු වෙලා ඉන්නවා. නැත්නම් ප්‍රධාන ආහාර කෑම වේලට ආසන්නව ස්නැක්ස් (විශේෂයෙන් ජූස්) ආහාර දෙන්න පුරුදු වෙලා ඉන්නවා.

 

ඒ වෙනුවට: දරුවාගේ වයස අනුව පිඟානට ආහාර මේස හැන්ද බැගින් එක් කරන්න. (අවුරුදු 2යි නම් මේස හැඳි 2ක් පමණ). ඒ නිසා අවුරුදු 2 ක දරුවෙකුට කැරට්, සහල් සහ මස් කෑම වලින් එක් එක් ආහාරයෙන් හැඳි 2 බැගින් කන්න පුරුදු කරවන්න. එසේම ස්නැක්ස් දෙන්න ඕනේ ප්‍රධාන ආහාර වේලාවට පැය 1½ සිට 2 දක්වා වත් කලිනුයි. පිඟාන හිස් කරන්න අවධානය යොමු කරනවා වෙනුවට, දරුවාගේ බඩ පිරෙනකල් ආහාර ගැනීමට දිරිමත් කරන්න.

 

4. කැමති ආහාර නොසලකා හැරීම

කුඩා දරුවන්ට වැඩිහිටියන්ට වඩා බොහෝ රස අංකුර තියනවා (වයසටයත්ම අපට ඒවා අහිමි වෙනවා). ඔබ කුළුබඩු හෝ ලුණු රහිත ආහාර ඔබේ දරුවාට ඕනෑවට වඩා දෙනවා වෙන්න පුළුවන්. නිවිති සහ බ්රොකොලි වගේ රසවත් මදි ආහාරද පමණට වඩා දෙනවා ඇති.

 

ඒ වෙනුවට: ඔවුන් කෑමට කැමති නැති බව දරුවන් ඔබට කිව්වම ඔවුන්ගේ අදහස් ගැනත් සැලකිලිමත් වෙන්න. එසේම ළමුන් සඳහා ආහාර පිසීමේදී රසයන් එක් කිරීම පිළිබඳව අවධානය යොමු කරන්න.

 

5. ඉක්මණින් අත්හැරීම

දරුවා ආහාරයක් වරක් ප්‍රතික්ෂේප කළොත් ආයි කිසිම දිනෙක ඒවා කන්න කැමති වෙන එකක් නෑ කියලා හිතන්න එපා. ඔබ දෙන ආහාර පිළිගැනීමට දරුවාට 20 පාරක් වත් කල් ගත වෙයි. ඒ නිසා එතරම් පහසුවෙන් අත් නොහරින්න. දරුවාගේ ආහාරයෙන් ප්‍රතික්ෂේප කරන ආහාර ඉක්මණින් ඉවත් කරන්න එපා.

 

ඒ වෙනුවට: අදාල ආහාරය නිතරම දෙමින් දරුවාට ඒවා සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න. ආහාර ස්පර්ශ කිරීමට දීම සහ කටේ තබා එය කෙළ ගසන්නට ඉඩ දීම ආදී හැසිරීම් වුණත් කරන්න දෙන්න. කාලයත් සමඟ ඔවුන් එය පිළිගනියි.

 

6. නුසුදුසු සුලු ආහාර (ස්නැක්ස්) සැපයීම

නිසි වර්ධනය හා සංවර්ධනය සඳහා අවශ්‍ය පෝෂණය ස්නැක්ස් වල අඩංගු වෙන්න පුළුවන් නමුත්, කුකීස් සහ කැන්ඩි බාර් වගේ ස්නැක්ස් වර්ග දිනපතා ලබා දීමෙන් අධික මේද හා අධික කැලරි සහිත ආහාර අනුභව කිරීමට ඔවුන් පුරුදු වෙන්න පුළුවන්.

 

ඒ වෙනුවට: පළතුරු, එළවළු, ප්‍රෝටීන්, ධාන්‍ය වර්ග හෝ කිරි නිෂ්පාදන ඇතුළත් සමබර කෑම වර්ග සැලසුම් කරන්න.

 

7. ත්‍යාගයක් ලෙස ආහාර භාවිතා කිරීම

මෙම ක්‍රමයේදී සාමාන්‍යයෙන් වෙන්නේ අධික මේද, සීනි සහිත ආහාර වර්ග භාවිතා කරමින් දරුවන්ට තෑගි ලබා දීමයි. ඒක දැන් ඇති පහසුම ක්‍රමයක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් එය එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුද්දක් වනවා වගේම දරුවන්ගේ ආහාර රටාව වැරදි මාවතකට යන්න පුළුවන්. එසේම රසකැවිලි ත්‍යාගයක් ලෙස භාවිතා කිරීමෙන් දරුවා මිහිරි ආහාර සුදුසු යැයි යන අදහස ලබා ගන්න පුළුවන්.

 

ඒ වෙනුවට: ඔබේ දරුවාට හොඳ ආහාර හැසිරීමක් සඳහා (එළවළු ආහාරයට ගැනීම සඳහා) උද්‍යානයට සංචාරයක් හෝ අමතර ක්‍රීඩා කාලයක් වගේ ආහාර නොවන දේවල් හරහා ත්‍යාග දෙන්න උත්සහ කරන්න.

 

8. සීනි සහිත පාන නියාමනය නොකිරීම

කුඩා ළමුන් දිනකට උපරිම වශයෙන් 100% ක ජූස් කෝප්ප භාගයක් දෙන්න ඕනේ කියලා රෙකමදාරු කෙරෙනවා. කෝප්ප භාගයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීමෙන් වැඩි සීනි ප්‍රමාණයක් ඒ හරහා දරුවාට එකතු වෙන අතර ඔබේ දරුවාට නියමිත ප්‍රධාන ආහාර වෙලාවට කුසගිනි නොදැනෙන්නත් පුළුවන් 

 

ඒ වෙනුවට: වතුර බොන්න පුරුදු කරවන්න. නැත්නම් සියලුම ජුස් වර්ග හදද්දී යුෂ භාගයකට හරි යන්න වතුර භාගයක් මිශ්‍ර කරන්න සලකා බලන්න.