ඔබේ සිඟිත්තා ඇඟිලි තුඩු වලින් ඇවිදිනවාද? එහෙනම් මේ ලිපිය ඔබටයි

ඇවිදීම ආරම්භ කරන සමයේ කුඩා බිළිඳුන් තම ඇඟිලි තුඩුවලින් ඇවිදිනවා ඔබ දැක තිබෙනවා නේද? එය කුඩා දරුවන් තුළ දැකිය හැකි සාමාන් තත්ත්වයක්. ඔවුන් තම සම්පූර්ණ පාදයම බිම නොතබා ඇඟිලි තුඩු වලින් පමණක් ඇවිදීම සිදුකරනවා. මෙය ඇඟිලි තුඩු වලින් ඇවිදීම නැතහොත් toe walking ලෙස හඳුන්වනු ලබනවා. වයස මාස 10ත් මාස 18ත් අතර බිළිඳු වියේ පසුවන්නන් තුළ මෙම තත්ත්වය දැකිය හැකි අතර ඔවුන් ක්රමයෙන් සමබරව ඇවිදීමට හුරුවූ පසු මෙම තත්ත්වය ක්රමයෙන් නිරාකරණය වෙනවා. 

 

නමුත් ඇතැම් දරුවන් වයස අවුරුදු 6ත් 7ත් සම්පූර්ණ වන තෙක්ම මෙසේ ඇඟිලි තුඩු වලින් ඇවිදීම දැකිය හැකියි. ඒ නිසා මවක් ලෙස ඔබ දරුවන් මෙසේ පාදයේ ඇඟිලි තුඩු වලින් ඇවිදීම සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් වෙනවා. 

 

දරුවන් ඇඟිලි තුඩු වලින් ඇවිදින්නේ ඇයි?

බොහෝ කුඩා දරුවන් මෙසේ ඇඟිලි තුඩු වලින් ඇවිදින්නේ ඇයිදැයි යන්නවිද්යානුකූල පැහැදිලි කිරීමක් නැහැ. ඔවුන් ඇවිදීමට හුරුවන්නේ යමක් අල්ලා නැඟිටීමට උත්සාහ කිරීමෙනුයි. එම ඉරියව්ව අනුව ඔවුන් මුලින් ඇඟිලි තුඩු වලින් ඇවිදින අතර පසුව සම්පූර්ණයෙන් විළුඹ දක්වා ඇවිදීමට හුරුවන තෙක් පුරුද්ද නිසා ඇඟිලි තුඩු වලින් ඇවිද යනවා විය හැකියි

 

නමුත් වෛද්යවරුන් පවසන ආකාරයට දරුවන් මෙසේ ඇඟිලි තුඩු වලින් ඇවිදයාමට පහත හේතූන්ද බලපෑමට ඉඩ තිබෙනවා

 

Short Achilles tendonමෙම තත්ත්වය පවතින දරුවන්ට විළුඹ බිම ස්පර්ශ වනසේ තබා ඇවිදීමට නොහැකි වෙනවා. ඒ නිසා එම දරුවන් ඇඟිලි තුඩු වලින් හෝ පාදයෙන් අඩක් පමණ බිම පතිත වන සේ ඇවිදිනවා

Low muscle toneමාංශ පේශින් එතරම් සවිමත් නොමැති එසේ නැතිනම් තානය අඩු කුඩා බිළිඳුන් බොහෝ විට සම්පූර්ණ පාදයම බිම නොතබා ඇඟිලි තුඩු වලින් ඇවිදීම ප්රියකරනවා

Cerebral palsyදරුවා වයස අවුරුදු 3 පමණ වන තෙක්ම ඇඟිලි තුඩු වලින් ඇවිදීම නතර කළේ නැතිනම් එය බොහෝ දුරට ස්පාස්ටික් හෝ හයිපර්ටොනික්  (spastic or hypertonic cerebral palsy) තත්ත්වය ලෙසට හඳුන්වනු ලබනවා

Muscle and nerve disordersමාංශ පේශි, ස්නායු හෝ සම්බන්ධක පටක වල ස්වරූපයට හා ක්රියාකාරිත්වයට බාධා එල්ලවීම හේතුවෙනුත් දරුවන් ඇඟිලි වලින් ඇවිදීම දකින්න ලැබෙනවා

Developmental abnormalityදරුවන්ගේ වර්ධනයේ වන අසමානතා හේතුවෙන්ද දරුවන් තුළ මෙම ඇඟිලි තුඩු වලින් ඇවිදීම දැකිය හැකිවනවා. විශේෂයෙන් ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් තුළද මෙම තත්ත්වය දැකිය හැකියි. නමුත් ඇගිළි තුඩු වලින් ඇවිදින සෑම දරුවලු තුළම ඔටිසම් රෝගයෙන් පෙලෙන්නේ නැති අතර වෛද්යවරුන් සම්බන්ධ පරීක්ෂණයන් සිදුකර එය පරීක්ෂා කරනවා

 

Idiopathic ඇඟිලි මතින් ඇවිදීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක්ද?

මෙම Idiopathic ඇඟිලි මතින් ඇවිදීම යනුවෙන් හැඳින්වෙන්නේ කුඩා බිළිඳුන් ඇවිදීම හුරුවන සමයේ ඇඟිලි වලින් ඇවිදින අතර පසුව ඔවුන් හොඳින් පාද තබා ඇවිදින සමයේදීත් ඔවුන් නොදැනුවත්වම හෝ පුරුද්දක් ලෙසට ඇඟිලි තුඩු වලින් ඇවිදින අතර එය අවුරුදු 3 පමණ වන විට මගහැරී යනවා. මෙයට බලපානු ලබන නිශ්චිත හේතුවක් නැහැ. බොහෝ විට දරුවා පාවහන් පළඳින විට මෙය මගහැරී යනවා

 

Idiopathic ඇඟිලි මතින් ඇවිදීමබලපානු ලබන හේතූන් 

මෙයට නිශ්චිත හේතුවක් නොමැති වුවත් එයට පහත සාධක හේතු විය හැකියි

 

ඇතැම් මතුපිට මගින් දරුවාගේ පාදයට එල්ලවන සංවේදනය වැඩිවීම නිසා

කකුල්වල සහ පාදවල මාංශ පේශීන් චලනය කිරීමට ප්රියකිරීම

ඇතැම් මතුපිටවල් තුළ සිරුර සමබර කිරීමට සහ ගමන පාලනය කිරීමේදි ඇඟිලි මතින් ඇවිදිය හැකියි

නිතර දරුවාට පෙනෙන සේ සහෝදරයකු හෝ සහෝදරියන් එසේ ඇවිදිනවා දැකීමෙන් එය දරුවාට පුරුද්දක් වීම

 

ඔබ දරුවා වෛද්යවරයකු වෙත යොමුකළ යුත්තේ කුමන අවස්ථාවේදීද?

කුඩා බිළිඳා තම පාදයේ ඇඟිලි වලින් ඇවිදීම සාමාන් වන අතර එයට වෛද් ප්රතිකාර අවශ් වන්නේ නැහැ. එය බොහෝ විට දරුවා වයසින් වැඩෙන ව්ට ක්රමයෙන් මගහැරී යනවා. නමුත් දරුවාගේ ඇවිදීම සම්බන්ධයෙන් පහත දැක්වෙන දේ නිරීක්ෂණය වුවහොත් වෛද් උපදෙස් ලබාගත යුතු වෙනවා

 

අවුරුදු 3 පසුවූ පසුවත් දරුවා දිගටම ඇඟිලි තුඩු වලින් ඇවිදිනවා නම්

දරුවාගේ පාදයේ , බෙල්ලේ හො ස්නායු ආශ්රිත යම් ආබාධයක් හෝ දුර්වලතාවයක් ඔබ දකිනවා නම්

යම් අසාමාන් චලනයන් නිරීක්ෂණය වෙනවා නම්

දරුවාගේ වයසට ප්රමාණවත් නොවන පෝෂණය සම්බන්ධ ගැටළු, ග්රහනය කර ගැනීමේ නොහැකියාව සහ වයසට සරිලන ආකාරයේ කථන හැකියාවක් නොමැති නම් ආදි ලක්ෂණ දරුවා තුළ දක්නට හැකිනම් වෛද් උපදෙස් ලබා ගැනීම වැදගත්වෙනවා. 

 

ප්රතිකාර අවශ්වෙනවා?

පා ඇඟිලි මතින් ඇවිදීම කුඩා දරුවාගේ සාමාන් භෞතික වර්ධනයේ කොටසක් නිස එයට ප්රතිකාර අවශ් නැහැ. නමුත් දරුවාගේ සෞඛ්යය සම්බන්ධයෙන් ගැටළුවක් නම් පහත ප්රතිකාර ලබාදීම කෙරෙහි වෛද්යවරුන් යොමුවිය හැකියි

 

  1. භෞතික චිකිත්සාව
  2. පාද යථා තත්ත්වයට පත් කිරීමඅච්චුවක් දැමීම
  3. පාදයේ යම් විකලාංගයක් වේ නම් වෛද්යවරුන් එයට යම් ලෝහ තහඩු ආශ්රයෙන් පාදය සමතලා කිරීමකටයුතු කිරීම
  4. දරුවා යම් මාංශ පේශීන් හා සම්බන්ධ ආබාධයකින් පෙළෙනවා නම් එයට එන්නත්කරණය මගින් යම් යම් ප්රතිකාරයන් කරනු ලබනවා
  5. දරුවාගේ පාදයන් හි උපතේ සිට පවතින යම් ආබාධයක් හෝ යම් අසමානතාවයක් තිබේනම් ඉහත ප්රතිකාර මගින් සුව කිරීමට නොහැකි නම් හෝ innate tissue deformity නමැති පටක සම්බන්ධ රෝග තත්ත්වයක් වේනම් හෝ short Achilles tendon නමැති රෝගයෙන් පෙළෙන්නේ නම් වෛද්යවරුන් සැත්කම් කිරීම තීරණය කරනු ලබනවා

 

ඇඟිලි වලින් ඇවිදින දරුවකුඔබ සහය විය යුත්තේ කෙසේද?

  • දරුවාට පාදය සම්පූර්ණයෙන් බිම තබා ඇවිදින ලෙසට නිතර නිතර උනන්දු කරන්න
  • දරුවාට සෙල්ලම් බඩු කූඩයක් වැනි දෙයක් ඉදිරියට තල්ලු කිරීම දෙන්න. එවිට දරුවා විළුඹ බිම තබා ඇවිදීමට උත්සාහ කරයි
  • එක් කකුළක් ඔසවාගෙන අනික් කකුලේ ඇඟිලි ආශ්රයෙන් යම් යම් කුඩා ද්රව් ඔසවා බඳුනකට දැමීමට ඉඩ හරින්න. එවිට දරුවා එක් පාදයක් ඔසවන විට අනෙක් පාදය විළුඹ සමගම බිම තබාගෙන සිරුර සමබර කරගැනීමට උත්සාහ කරයි
  • දරුවාට ආනතියක් සහිත බිමක හෝ දළ බෑවුමක් සහිත මතුපිටක ඇවිදීමට හෝ පැනීමට ඉඩහරින්න. එවිට දරුවා සම්පූර්ණ පාදයම බිම තැබීමට ක්රමයෙන් හුරු වේවි

 

බිළිඳු දරුවන් ඇවිදීමට ඉගෙන ගන්නා විට ඇඟිලි මතින් ඇවිදීම සාමාන් දෙයක් වන අතර ඔවුන් වයසෙන් වර්ධනය වන විට මෙය ක්රමයෙන් මගහැරෙන අතර එතෙක් ඔබ සම්බන්ධයෙන් අනවශ් ලෙස කලබල විය යුතු නැහැ. නමුත් යම් හෙයකින් දරුවා වයස අවුරුදු 3 පසු වීමෙන් අනතුරුව හෝ දරුවාගේ පාදවල යම් අසමානතාවක්, ආබාධයක් නිරීක්ෂණය වෙනවා නම් වෛද් උපදෙස් ලබාගත යුතුවෙනවා.