කුඩා බිළිඳුන්ගේ නාසය හිරවීමට බලපාන හේතු

බොහෝ කුඩා දරුවන් බිළිඳු හා ළමා කාලය තුල නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව රෝගයට ගොදුරු වනවා. හොටු දියර ගැලීම, නාසය හිරවීම, කැස්ස සහ කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ බහුලව දැකිය හැකි අතර ඒවා ක්රමයෙන් අඩු වුවත් නාසය හිරවීම නිසා දරුවන් දැඩි අපහසුතාවයට පත්වනවා

 

නාසයේ ඇති සෙම හිරවීමෙන් නාස් කුහරය අවහිර වීම නාසය හිරවීමේ තත්ත්වය ඇතිවීමට බලපාන අතර එවිට දරුවන් හට සාමාන් පරිදි හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ. ඒ නිසා මවක් ලෙස ඔබ මෙම තත්ත්වය, එයට බලපාන හේතු සහ ගතහැකි පිළියම් ගැන දැනුවත් වීම වැදගත් වනවා

 

කුඩා දරුවන්ගේ නාසය හිරවීමට බලපාන හේතු

  1. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව

කුඩා දරුවන්ගේ සහ බිළිඳු වියේ පසුවන දරුවන්ගේ නාසය හිරවීමබලපාන ප්රධානතම හේතුව වන්නේ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමයි. විශේෂයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම නිසා ඇතිවන සොටු සහ සෙම් මගින් නාස් කුහර අවහිර වීම හේතුවෙන් දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවනවා

 

  1. කුහර ආසාදනය (සයිනස් ආසාදන)

මුහුණේ ඇති කුහරයන් තුළට සෙම ඇතුලු වී ආසාදනය වීමෙන් නාස් කුහර අවහිරවීම සයිනස් ආසාදන ලෙස හඳුන්වනු ලබන අතර එමගින් නාසය අවහිර වීම සිදුවනවා

 

  1. රයිනිට්ස් – Rhinitis

සතුන්ගේ ලෝම, දූවිලි, දුම් වැනි දෑ හේතුවෙන් කුඩා දරුවන් තුළ රයිනිට්ස් තත්ත්වය ඇතිවනවා. විශේෂයෙන් ඇදුම වැනි රෝග තත්ත්වයන් ඇති දරුවන්මෙමගින් වැඩි බලපෑමක් එල්ලවනවා

 

  1. නාසික අස්ථි ඉදිමීම

යම් යම් ආසාදන සහ ආසාත්මිකතා හේතුවෙන් නාසික අස්ථි ඉදිමීම හේතුවෙන්ද කුඩා දරුවන්ගේ නාසය අවහිර වීම් සිදුවනවා

 

  1. නාසය තුළ බාහිර දෙයක් හිරවීම

කුඩා දරුවන් බොත්තම්, රටකජු වැනි ද්‍රෙ නාසයට දමන අතර එවැනි දේ හේතුවෙන්ද නාසයේ ආසාදන සහ නාසය අවහිර වීම් සිදුවනවා

 

  1. නාසයේ පිටුපස ඇති ඇඩිනොයිඩ් පටක ඉදිමීම හේතුවෙන් ඇතිවන සෙම හේතුවෙන් නාසය අවහිර වීම

 

  1. අපගමනය වූ නාසික සෙප්ටම් හේතුවෙන්

 

 

කුඩා දරුවන්ගේ නාසය හිරවීමේ ලක්ෂණ

  • නාසයෙන් සොටු දියර ගැලීම
  • ආශ්වාස ප්රාශ්වාස කිරීමේදි ශබ්දයක් ඇසීම
  • කිවිසුම් යාම
  • නින්දෙන් ගෙරවීම
  • සෙම සහිත හෝ රහිත කැස්ස
  • නොසන්සුන් හැසිරීම
  • යම් ආසාදන තත්ත්වයකදී නම් දරුවාට උණ ඇතිවීම

 

කුඩා දරුවන්ගේ නාසය අවහිර වීම සදහා ඔබට නිවසේදි කළහැකි ප්රතිකාර

  1. වාෂ්ප ආඝ්‍රාණය

දරුවාට කිරි දීමට හෝ නින්දට යාමට පෙට උණුසුම් වාශ්ප ආඝ්‍රාණයට ඉඩ සැලසීමෙන් හුස්ම ගැනීමේ අපහසුවෙන් මිදීමට හැකියාව ලැබෙනවා

 

  1. සේලයින් බිංදුවක් දැමීම

දරුවාගේ නාසය හිරවීමඉක්මන් විසඳුමක් ලෙස ඖෂධ අලෙවි සැලකින් ලබාගත හැකි නාසයට දමන සේලයින් බිංදු හෝ නේසල් ස්ප්රේ භාවිතා කිරීමයි. දරුවා නින්දට යාමට පෙර නාසයට සේලයින් බිංදු 1ක් හෝ 2ක් දමන්න

 

  1. දරුවා පසෙකට හරවා නිදිකිරීම

උඩු අතට නිදි කිරීමෙන් නාසය හිරවීම නිසා හුස්ම ගැනීමෙ අපහසුතා ඇතිවන අතර දරුවා පසෙකට හරවා නිදි කිරීමෙන් හෝ ඔලුව මදක් ඉහළට ඔසවා නිදි කිරීමෙන් දරුවාට හුස්ම ගැනීම පහසු කළ හැකියි

 

  1. ආර්ද්රකාරකයක් භාවිතය – Humidifier

නාසය තුළ තදින් සෙම අවහිර වී ඇති අවස්ථාවන් වලදී ඔබට Humidifier භාවිතයෙන් දරුවාගේ නාසය තදවීම පාලනය කරගත හැකියි

 

  1. සුප් ලබාදීම

නිවසේ දී සකසන ලද උණුසුම්, රසවත් හා සෞඛ් සම්පන්න සුප් වර්ග ලබා දීමෙන් ඔබේ දරුවාගේ නාසයේ තදබදය සමනය කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා, විශේෂයෙන් කුකුළු මස් සුප් මගින් නාසයේ අවහිරවීම් සුවකරගත හැකියි

 

  1. ප්රමාණවත් විවේකය සහ නිතර ජලය පානය කිරීමට ලබාදීම

 

වෛද්යවරයා හමුවිය යුත්තේ කවදාද?

 

දරුවන්ගේ නාසය හිරවීම් තත්ත්වය බොහෝවිට ඉහත ක්රමයන් මගින් සතියක පමණ කාලයක් තුළ සුව වනවා. නමුත් පහත රෝග ලක්ෂණ තිබේ නම් වෛද් උපදෙස් ලබාගත යුතුයි

මුහුණ සහ ඇස් ඉදිමීම

උගුරේ වේදනාව

සෙම කහ හෝ කොළ පැහැවීම

නාසයේ ඇති සෙම මතින් ගන්ධයක් පිටවීම

සෙම සමග රුධිරය පිටවීම

දින 10 පමණ පවතින කැස්ස

හුස්ම ගැනීම වේගවත් වීම

මුත්රා පිටවීම අඩුවීම

නිතර නිදිමත ස්වභාවය

 

කුඩා දරුවන් නාසය අවහිර වීම වලින් ආරක්ෂා කරගන්නා ආකාර

ඔබේ දරුවා සෙම්ප්රතිශ්යාව සහ උණ ආසාදනය වී ඇති පුද්ගලයන්ගෙන් ඈත් කිරීම

නිතර දෙඅත් පිරිසිදු කිරීමට දරුවා හුරු කිරීමෙන් වෛරස් ආසාදන පාලනය කිරීම

පරිහරණය කරන සෙල්ලම් බඩු හොඳින් පිරිසිදුව තබා ගැනීම

දරුවා නිතර නිතර නාසය අවහිර වීම් වලින් පීඩා විඳිනවා නම් වෛද් ප්රතිකාර ලබාගැනීම

ඇදුම වැනි රෝග තත්ත්වයන් තිබේ නම් දරුවාවිධිමත්ව ඖෂධ ලබාදීම

දරුවානිසි පරිදි ප්රතිශක්තිකරණ එන්නත් ලබාදීම

 

කුඩා දරුවන් නිතර උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයන්ට ගොදුරුවන නිසා ඔවුන් නාසය හිරවීම් තත්ත්වයෙන් පීඩාවට පත් වීම බොහෝ විට දැකගත හැකියි. දරුවාට ඉක්මන් සහනයක් ලබාදීමට ඔබට ඉහත අප ඉදිරිපත් කළ පියවරයන් මගින් හැකියාව ලැබේවි. නමුත් දිගින් දිගටම දරුවා නාසය අවහිර වීමෙන් පීඩා විඳිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වනවා.