දරුවන්ගේ ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් දෙමාපියන් කරන ප්‍රධාන වැරදි 10ක්

දරුවන්ගේ බර සම්බන්ධයෙන් ඕනෑම බවක් අධික ලෙස සිතනවා. දරුවා බරින් වැඩි වුවත් බරින් අඩු වුවත් ඔවුන් සම්බන්ධයෙන් කරදර වෙනවා. එය බොහෝසාමාන් තත්ත්වයක්. විශේෂයෙන් දරුවන්ගේ ආහාර රුචිකත්වය ගැන සෑම මවකටම ඇත්තේ ගැටළුවක්. නමුත් ඔබ දන්නවාද ඇතැම් විට දරුවාගේ ආහාර පුරුදු වැඩි දියුණු කිරීමඔබ විසින් අනුගමනය කරන ඇතැම් පුරුදු පමණ ඉක්මවා යෑමක් බව. සෞඛ් හා පෝෂණ අධ්යාපනය නිසි ලෙස හඳුන්වා නොදීම සෞඛ් සම්පන්න ආහාර වේලක් ගැනීමට බලපානු ලබන බව බොහෝ දෙනෙකු වටහා නොගන්නා කාරණයක්. එය පෝෂණ ආහාර කෙරෙහි දරුවාගේ උනන්දුව අඩුවීමටද හේතු විය හැකියි

 

වයසින් වැඩි දරුවන්ට ආහාර කැවීම

බොහෝ මවුවරුන් සිතන්නේ තම අතින් දරුවාට ආහාර කැවීම සිදු නොකළහොත් දරුවා නියමිත ප්රමාණයට ආහාර නොගන්නවා කියායි. නමුත් දරුවන් ක්රමයෙන් වැඩෙන විට තනිව ආහාර ගැනිමට පුරුදුකළ යුතුයි. එය දරුවාට විවිධ ආහාර ලබා ගැනීමට දිරිගන්වන අතර ආහාර ලබා ගන්නා ආකාරය ඉගෙන ගැනීමටද උපකාරී වෙනවා. ඔබ නිවැරදිව කියා දෙනවා නම් දරුවකුට වයස අවුරුදු 2 වීමට පෙර සිටම තනිව ආහාර ගත හැකියි

 

පවුලේ ආහාර වේලදරුවා සම්බන්ධ කර නොගැනීම

 

බොහෝ මවුවරුන් දරුවන්ට වෙනම ආහාර ලබාදීමටත් වෙනම ආහාර සැකසීමටත් හුරුවී සිටිනවා. නමුත් කුඩා දරුවන් අන් අය අනුගමනය කිරීමට ප්රිය කරන බැවින් දරුවෙකුට අවුරුද්දක් පිරෙන විට පවුලේ ආහාර වේල හඳුන්වා දීමත් පවුලේ සියලුදෙනා ආහාර ගන්නා විට ඔහු හෝ ඇයව සම්බන්ධ කරගැනීමත් කළ හැකියි. නමුත් ආහාරවල අධික තෙල් හෝ කුළුබඩු සහිත නොවීය යුතුයි

 

ආහාර වේල් අතර දියර ආහාර ලබාදීම 

දරුවන්ගෙ උදරය ඉතා කුඩා බැවින් ආහාර වේල් අතර තුර කිරි හෝ වෙනත් යුෂ වර්ග ලබාදුන් විට ඔවුන්ගේ උදරය පිරී පවතිනවා. ඒ නිසා දිනකට ප්රධාන ආහාර වේල් 3 ක් සහ කෙටි ආහාර 2-3 ක් ලබා දීමත් සුදුසුයි. දරුවාට ආහාර හඳුන්වාදීමෙන් පසු කිරි සහ වෙනත් යුෂ වර්ග දිනකට කෝප්ප දෙකක් පමණ ලබාදීම ප්රමාණවත්

 

ඔබ ලබාදෙන ආහාර සියල්ල කෑමදරුවාට බල කිරීම

 

ඔබ දරුවාට ආහාරයට ලබාදෙන සියල්ල අවසන් වන තුරු ආහාරයට ගැනීමට දරුවාට බල කිරීම සුදුසු නොවේ. දරුවාගේ ආහාර වේල් අධ්යනය කර ඔහුට හෝ ඇයට ප්රමාණවත් තරමට ආහාර ලබාදෙන්න. බල කිරීමෙන් වළකින්න

 

ක්ෂණික ආහාර තහනම් කිරීම

 

චිප්ස්, ෆ්රයිස්, රසකැවිලි වැනි ආහාර සෞඛ්යයට අහිතකර ආහාර ලෙස සැලකුවත් කුඩා දරුවන් ඒවාට අසීමිත ලෙස ප්රිය කරනවා. ඒ නිසා බොහෝ මවුවරුන් එවැණි ආහාර සම්පූර්ණයෙන්ම ආහාර වේලෙන් ඉවත් කරන අතර දරුවන් ගැන කණස්සල්ලෙන් පසුවනවා. නමුත් එවැනි දරුවන් ප්රියකරන ආහාර වර්ගයක් සතියකට වරක් හෝ මාසික නිවාඩු දිනකදී ලබාදීම වැනි ක්රමයක් අනුගමනය කරන්න. නමුත් දිනපතා ලබාදීමෙන් වළකින්න

 

ක්ෂණික ආහාර, රසකැවිලි වැනි දේ මුළුතැන්ගෙයෙහි පිරී තිබීම

 

ක්ෂණික ආහාර, රසකැවිලි වැනි දේ නිතර දරුවාගේ ඇස ගැටෙන පරිදි මුළුතැන්ගෙයෙහි තිබීම නිතර ඒවා රස බැලීමට දරුවා පොළඹවනවා. ඒ නිසා එවැනි ආහාර දරුවාට නොපෙනෙන පරිදි ගබඩා කිරීමත් දරුවාට දෛනික ආහාර සැලැස්මක් සකස් කරගැනීමත් වැදගත්

 

ඉක්මණින් අත් හැරීම

 

සාමාන්යයෙන් දෙමාපියන් ඉක්මණින් හා පහසුවෙන් දේවල් අත් හරිනවා. වෙනුවට දරුවාට සමබර ආහාර වේලක ඇති වැදගත්කමත් පෝෂණයේ වැදගත්කමත් ඉගැන්වීම ඔබ කළ යුතුයි

 

කෑම තීරණය කිරීමට දරුවාට ඉඩදීම

මෙය බොහෝ දෙමවුපියන් සිදුකරන වරදක්. දරුවාට ආහාර ගන්නේ කවදාද, මොනවාද සහ කොපමණ ප්රමාණයක්ද යන්න තීරණය කිරීමට ඉඩ දීමෙන් ඔවුන්ට දිනකට අවශ් පෝෂණය නොලැබී යාමට ඉඩ තිබෙනවා. ඒ නිසා සතියකට හෝ ගැලපෙන පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වලින් යුතු ආහාර සැලැස්මක් සකසා ගැන දරුවා සමග සාකච්ඡා කර දරුවාට එහි වැදගත්කම වටහා දෙන්න

 

සෞඛ්යයට අහිතකර ආහාර පුරුදු 

 

බොහෝ දෙමවුපියන් තම දරුවන්ගේ පෝෂණය ගැන පමණ ඉක්මවා කරදර වුවත් තමාගේ පෝෂණය ගැන අමතක කරනවා. බොහෝ ආහාර වේල් කාර්ය්බහුලත්වය හේතුවෙන් මගහරිනවා. නමුත් දරුවන් ඔබ දෙස බලාගෙනයි සිටින්නේ. ඒ නිසා ඔවුන්ට ආදර්ශයක් වන පරිදි ඔබත් සෞඛ් සම්පන්න ආහාර රටාවක් අනුගමනය කළ යුතුයි

 

ආහාර වේල් සැලසුම් නොකිරීම

 

බොහෝ මවුවරුන් රාත්රී කෑම ගැන සිතන්නේ එයට ආසන්න වූ විටයි. නමුත් ආහාර වේල් කල්වේලා ඇතිව සැලසුම් කර තිබීමෙන් ආහාර රටාවල ඇති ඒකාකාරී බව පාලනය කර විවිධත්වයක් එක්කර හැකියි. දරුවන්ට සහ පවුලේ සියලු දෙනාට එකසේ රස බැලිය හැකි ආහාර සැලැස්මක් සකස් කර ගැනීමට පවුලෙ සියලු දෙනාගේ සහය ලබාගැනීමට ඔබට පුළුවන්