Search here...
TOP
එදිනෙදා ජීවිත​ය මව සහ ගර්භනී සම​ය

ඔබව අපහසුතාවයන්ට පත් කරවන ගර්භණී ලක්ෂණ 7ක්

ගැබ් ගැනීම ඔබේ ජීවිතය සහ ඔබේ ශරීරය වෙනස් කරනවා. ඔබේ උදරය පුළුල් වෙද්දී ඒ බව ඔබ දැන සිටියත් වෙනදාට වඩා ඔබට මහන්සියක් ද දැනෙන්න පුළුවන්.  කාන්තාවක් ගැබ් ගත් විට ඇගේ ශරීරයට බොහෝ දේ සිදු වන අතර බොහෝ ඒවා කම්පනයට පත් කරයි. ඔබේ උදරයේ හිසකෙස් වර්ධනය, මල බද්ධය, යෝනි ශ්‍රාවය වැඩි වීම වැනි තත්ත්වයන් මෙහිදී උදාහරණයට ගන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් කාන්තාවන් කතා කරන දේවල් නොවේ. මෙවැනි අවස්ථවන් වලදී ලැජ්ජා නොවීම වඩාත් වැදගත්. ඔබේ ගැබ් ගැනීම නිසි පරිදි සිදුවෙමින් පවතින බව තහවුරු කර ගැනීම සඳහා ඔබ තුළ සිදුවන්නේ කුමක්ද යන්න ඔබේ වෛද්‍යවරයා දැනගෙන ඉන්න ඕනේ. 

 

නමුත් ගර්භණීභාවය නිසා ඔබ බලාපොරොත්තු නොවූ භෞතික වෙනස්කම් කිහිපයක් ද ඔබට හිමි වෙනවා. ඒ ගැන ඔබට ගෙනෙන තොරතුරු කීපයක් මේ.

 

වාත පිටවීම

සෑම ගර්භණී කාන්තාවකටම වාත පිටවීම වෙනදාට වඩා වැඩියෙන් වෙන්න පුළුවන්. මොකද ගර්භණීභාවය මගින් ඔබේ ආමාශයේ ආන්ත්‍රයික වේගය මන්දගාමී කළ හැකි හෝමෝන වැඩිවීමක් ඇති කරනවා. ගර්භණී සමයේදී ඔබේ මාංශ පේශි තුළ ඒකාකාරී පාලනයක් නොමැති නිසා ඔබට ඔබට වාත පිටවීම වළක්වා ගන්නට හැම විටම හැකියාවක් ලැබෙන්නෙ නෑ. ඔබට මෙම ගැටළුව සම්පූර්ණයෙන්ම මකා දැමිය නොහැකි වුවත් ව්‍යායාම සහ ආහාර වේලෙහි පෝෂණීය වෙනස්කම් කළ හැකි නම් උදරයේ ගෑස් ඇති වීම කෙරෙහි ඇති ප්‍රවණතාව අඩු කර ගත හැකියි. ලැක්ටෝස් රහිත කිරි හෝ වෙනත් කැල්සියම් බහුල ආහාර ගැනීමට උත්සාහ කරන්න. 

 

මුත්‍රා අපහසුතා

ගර්භණී කාන්තාවන් සිටගෙන සිටියදී කිවිසුම් යාම නිසා හෝ අහම්බෙන් මුත්‍රාශය හිස් වීම  පිළිබඳ කථා ඔබ අසා ඇති. මානසික ආතතියෙන් පෙළෙන බොහෝ ගර්භණී කාන්තාවන්ට කැස්ස, කිවිසුම් යාම හෝ සිනාසීම නිසා අනවශ්‍ය ලෙස මුත්‍රා කාන්දු වීම සිදු වෙන්න පුළුවන්. එහි විශාල ගැටළුවක් නෑ. නමුත් එය ඔබට අපහසුතාවයක් විය හැකියි. බොහෝ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ගර්භණී සමයේ අවසාන මාස කිහිපය තුළ කාන්තා ආතතිය ඇතිවීමේ අවදානම වැඩි වන විට කාන්දු වීමට මුහුණ දීම සඳහා කාන්තාවන් panty liners පැළඳිය යුතු බවයි. 

 

මුහුණේ රෝම

ගර්භණී සමයේදී සිදු වන හෝමෝන වෙනස්කම් අනවශ්‍ය ස්ථානවල රෝම වැඩීමට හේතු වෙනවා. ගර්භණී සමයේදී රෝම ඉවත් කිරීම සඳහා ආරක්ෂිතම ක්‍රමය වැක්ස් කිරීම හෝ tweez කිරීමයි. ගර්භණී සමයේදී මුහුණේ රෝම සඳහා ලේසර් ප්‍රතිකාර කිරීම මගින් සමේ වර්ණකයට බලපෑම් ඇති විය හැකි අතර එයින් කැළැල් ද ඇති විය හැකියි. 

 

දුර්ගන්ධය 

ගර්භණී සමයේදී ඇතැම් කාන්තාවන්ට ගඳ සුවඳ දැනීමේ හැකියාව තීව්‍ර වෙන්න පුළුවන්. මේනිසා සමහර මාංශමය ආහාර සහ මුහ්දු ආහාර වලට පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. සමහරුන්ට තමන්ගෙම සුවඳ පිළිකුල් සහගත වෙන්න පුළුවන්.

ගර්භණී කාලයේ අවසන් කාල සීමාවේදී සමහර විට ඔබට යෝනි මාර්ගයෙන් ගන්ධයක් දැනිය හැකියි. එසේ වන්නේ ඔබට වැඩි යෝනි ශ්ලේෂ්මල ප්‍රමාණයක් ඇති නිසා විය හැකියි. සමහර අය ගන්ධය ගැන කණස්සල්ලට පත්වන අතර ඔවුන් යන ඕනෑම තැනක wet wipes අරගෙන යනවා. නමුත් එම දුගන්ධ වෙන කිසිවෙකුට දැනෙන්නෙ නෑ. ඔබේ ගඳ සුවඳ දැනීමේ හැකියාව වැඩි වෙලා මිස ඔබ ලඟ ගන්ධය වැඩි වීමක් වෙලා නෑ. ගර්භණී සමයේදී ඇති වෙන මේ තත්ත්වයට දිලීර නාශක සමඟ ආරක්ෂිතව ප්‍රතිකාර කළ හැකි ක්‍රමයක් සොයා ගැනීම සඳහා ඔබේ යෝනි ගන්ධයන් ගැන ඔබේ වෛද්‍යවරයාට කියන්න.

 

අර්ෂස්

 

ඒවා බොහෝ විට ඇති වන්නේ මළබද්ධය හා බඩවැල් ආශ්‍රිත ගැටළුකාරී තත්ත්වයන් නිසා‍යි. තවද ගර්භණී සමයේදී බහුලව දක්නට ලැබෙන පැමිණිලි වලින් එකක් වන්නේ මළබද්ධයයි. මළබද්ධය වළක්වා ගැනීමෙන් අර්ෂස් වලට ගොදුරු වීමේ අවදානම අඩු කරන්න ඔබට පුළුවන්. හොඳින් පිරිසිදු වතුර බොන්න. වැඩිපුර කෙඳි සහිත ආහාර අනුභව කරන්න. 

 

කුරුළෑ

විශේෂයෙන් පළමු ත්‍රෛමාසික කාලය තුළ ඔබේ පද්ධති හරහා ගමන් කරන අතිරේක හෝමෝන නිසා කුරුළෑ ඇති විය හැකියි. කුරුළෑ සඳහා ඕනෑම නිෂ්පාදනයක් භාවිතා කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න. කුරුළෑ බලපෑමට ලක් වූ ප්‍රදේශවල පමණක් කුරුළෑ ඖෂධ අරපිරිමැස්මෙන් භාවිතා කරන්න. 

 

ලිංගිකත්ව ගැටළු

සිරුරේ බර වැඩිවීම සහ වෙනත් භෞතික වෙනස්කම් නිසා ඔබව සැමියාට ආකර්ශණීය නොවෙන බවක් ඔබට දැනෙන්නට ඉඩ තියෙනව. නමුත් ඔබ දෙපළ අතර සන්නිවේදනය හා සමීප සම්බන්ධතාව නැති වීමට එම සිතුවිල්ලට ඉඩ දෙන්න එපා. ඔබේ සැමියා සමඟ ශාරීරිකව සමීපව සිටින්න. සමහර අය ශාරීරිකව සමීපව සිටීම ගැන ලැජ්ජාවට පත් වෙනවා. නමුත් ගැබිණි සමයේදී ඔබේ මානසික සෞඛ්‍යය රැක ගැනීමට ඔහුගේ සහය අත්‍යවශයි. මෙම මාතෘකාව හැදෑරීමේදී ඔබට ගැටළුවක් තිබේ නම් ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට ඔබේ සැමියා සමඟ වෙලාව වෙන්කරගන්න.

«

»