කුඩා දරුවන්ට ඇතිවන මුත්‍රා ආසාදන තත්ත්වයන්

මුත්රා ආසාදනයක් ලෙස හඳුන්වනු ලබන්නේ මුත්රකය, මුත්රා මාර්ගය, මුත්රාශය සහ වකුගඩු අශ්රිතව මුත්රා පද්ධතියේ ඕනෑම කොටසක් ආශ්රිතව ඇතිවන ආසාදන තත්ත්වයක්. වැඩිහිටි පුද්ගලයන්ට මුත්රා ආසාදන (UTI) ඇතිවන බව ඔබ අසා තිබුනත් කුඩා දරුවන්ටද විශේෂයෙන් ඉතා කුඩා බිළිඳුන් හටද මෙම තත්ත්වය ඇතිවිය හැකි බව ඔබ දැන සිටීම වැදගත් වනවා

මෙම මුත්රා ආසාදන තත්ත්වයන් සුවවීමවෛද් ප්රතිකාර සහ ඖෂධ අවශ් වන අතර සාමාන්යයෙන් නිසි ප්‍රතිකාර මගින් ඉක්මණින් සුවය ලබාගත හැකියි. නමුත් නිසි ප්‍රතිකාර සිදු නොකිරීමෙන් මෙම මුත්රා ආසාදන තත්ත්වයන් බරපතල විය හැකි අතර එමගින් දරුවාගේ වකුගඩු වලට හානි සිදුවිය හැකියි

 

කුඩා දරුවන්මුත්රා ආසාදන ඇතිවීමට හේතු

මුත්රා ආසාදන වලට බොහෝවිට හේතුවන්නේ බඩවැල් හි ඇති බැක්ටීරියා මගින් එල්ලවන බලපෑමයි. මුත්රා මාර්ගයට ඇතුළු වන ඕනෑම බැක්ටීරියාවක් සමග මුත්‍රා මාර්ගය සටන් කිරීම හේතුවෙන් මෙම ආසාදාන තත්ත්වයන් ඇතිවනවා. බිළිඳුවියේ පසුවන දරුවන් සහ කුඩා දරුවන් හට ඩයපර් ඇන්දවීම, දරුවාගේ මුත්රා මාර්ගය ආශ්රිත ප්රදේශය නිසි පරිදි පිරිසුදු නොවීම හේතුවෙන් මළපහ වල ඇති බැක්ටීරියා වර්ග මුත්රා මාර්ගයට ඇතුළු වීමෙන් මෙම ආකාරයේ මුත්රා ආසාදන ඇතිවීමේ අවදානම ඇති කරන අතර ඊට අමතරව මුත්රා ආසාදන සම්බන්ධව පවුලේ ඉතිහාසයක් තිබේ නම් එයද මුත්රා ආසාදන වලට දරුවන් ගොදුරු වීමට හේතු වනවා

 

මුත්රා ආසාදන ඇතිවීමේ සලකුණු සහ රෝග ලක්ෂණ

ළදරුවන් තුළ මුත්රා ආසාදන ඇතිවීමේ දි ඇතිවන රෝග ලක්ෂණ වැඩිහිටියන්ට වඩා වෙනස් වන අතර විශේෂයෙන් අවුරුදු 2 අඩු දරුවන්ට තම රෝග ලක්ෂණ ප්රකාශ කිරීමට නොහැකියි. බොහෝ විට ඔවුන් තුළ කිසිදු රෝග ලක්ෂණයක් දැකිය නොහැකි වන අතර බොහෝ විට උණ ඇතිවීම දැකිය හැකියි. ඊට අමතරව කුඩා දරුවන් තුළ පහත ලක්ෂණ දැකිය හැකිවනවා

 

  • මුත්රා සමග රුධිරය පිටවීම හෝ අවපැහැ මුත්රා පිටවීම
  • පාචනය හෝ වමනය
  • ආහාර අරුචිය
  • යටිබඩ ආශ්රිත වේදනාව
  • මුත්රා කිරීම අතරතුර වේදනාව හෝ දැවිල්ල

 

ගැහැණු දරුවන්ගේ මුත්රා මාර්ගය කෙටි සහ ගුද මාර්ගයට සමීප වීම හේතුවෙන් සාමාන්යයෙන් පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් මුත්රා ආසාදන වලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා

 

රෝගය හඳුනා ගන්නේ කෙසේද?

ඔබගේ දරුවා තුළත් ඉහත ලක්ෂණ පවතින්නේ නම් හෝ මුත්රා පිටකරන අතරතුර දරුවා හඬනවා නම් හෝ වෙනත් ලක්ෂණයන් දැකිය හැකිනම් වහාම දරුවා වෛද්යවරයකු කරා යොමු කළ යුතුයි. එමගින් තත්ත්වය වඩාත් බරපතල නොවී ප්රතිකාර මගින් සුව කළ හැකියි

වෛද්යවරයා දරුවා පරීක්ෂා කර බලා මුත්රා පරීක්ෂණයක් (urine culture) කිරීමට නියම කරනු ඇති අතර එමගින් රෝගය හඳුනා ගැනීමට ඔවුන්ට හැකිවනවා

 

 මුත්රා ආසාදන වලට ප්‍රතිකාර

මුත්රා ආසාදන වලට ඇති ප්රධානම ප්‍රතිකාරය වන්නේ ආසාදනය ඇති කරන බැක්ටීරියා නැසීමලබාදෙන ප්රතිජීවක ඖෂධයි (antibiotics). එම ඖෂධ වෛද්යවරයා නියම කරනු ලබන කාලසීමාවඅඛණ්ඩව ලබාදීම ඉතා වැදගත්

ඖෂධ ලබාදෙන කාලසීමාව තුළ දරුවාට වැඩිපුර දියර වර්ග පානයලබාදිය යුතු අතර් කැෆේන් අඩංගු පානයන් ලබාදීමෙන් වළකින්න

මුත්රා ආසාදන තත්ත්වය දරුණු වූ විට මාස 6 අඩු දරුවන් විශේෂයෙන් දරුවා විජලනය වී ඇතිනම් රෝහල් ගත කිරීමට අවශ් විය හැකියි

දරුවාගේ වකුගඩු දක්වා ආසාදනය පැතිර ඇත්නම් හෝ වෙනත් බරපතල තත්ත්වයන් තුළදී සමීපව නිරීක්ෂණයට සහ වැඩිදුර ප්‍රතිකාර වලට රෝහල්ගත කිරීම වඩාත් සුදුසුයි. 

 

මුත්රා ආසාදනවලින් වැළකිය හැකි ආකාර

නිතර ඩයපර් මාරු කිරීම

දරුවන්කපු යට ඇඳුම් ඇන්දවීම

මුත්රා මාර්ගය ආශ්රිතව පෙදෙස පිරිසිදුව තබාගැනීම

මුත්රාශය දිගු වේලාවක් පිරී පැවතීම බැක්ටිරියා ක්රියා කිරීමට හේතුවන අතර, මුත්රා රඳවා ගැනීමෙන් තොරව පිටකිරීමට අවශ් වූ අවස්ථාවේම එය පිටකිරීමට දරුවාට කියාදෙන්න

 

වෛද් ප්‍රතිකාර වලට යොමුවිය යුත්තේ කවර අවස්ථාවේදීද?

ඔබ වෛද් උපදෙස් අනුව ප්‍රතිජීවක ඖෂධ මාත්‍රා සියල්ල නිසි ලෙස ලබාදීමෙන් පසුවද දරුවා තුළ රෝග ලක්ෂණ තවදුරටත් පවතී නම් ඔබ නැවත වෛද් ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. ඊට අමතරව පහත ලක්ෂණ දැකිය හැකිනම් වහාම වෛද් ප්‍රතිකාර කරා යොමුවිය යුතු වෙනවා

 

– 101 ° F හෝ ඊට වඩා උෂ්ණත්වය ඉහළ ගිය විට

දරුවාට අධික සීතල සමග උණ ඇතිනම්

මුත්රා පිටකිරීමේදි වේදනාවක් ඇතිනම්

මුත්රාවලින් දුගඳ හැමීම හෝ මුත්‍රා සමඟ රුධිර වහනය

 

දරුවාට මුත්රා ආසාදන ඇතිවීම සෑම විටම දරුවාට සහ ඔබට අපහසු වාතාවරණයන් ගොඩනගනු ලබනවා. නමුත් ඔබ රෝගය ආරම්භයේදීම වෛද් ප්‍රතිකාර කරා යොමුවීම තුළින් ඉක්මන් සුවය ලබාගත හැකියි. විශේෂයෙන් ප්රතිජීවක ඖෂධ ආරම්භ කර දින 3ක් පමණ යනවිට රෝගය සුව වීම ආරම්භ වන අතර බොහෝවිට ප්‍රතිකාර ඇරඹී සතියක් ගතවන විට පූර්ණ සුවය ලබාගත හැකියි