ගර්භණී සමයේ කකුල් වල නහර ගැට ගැසීම ගැන දැනුවත් වෙමු

කකුල් ඉදිමීම, ඇඹරීම, ගැට ගැසුණු නහර තිබීම සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයන්. නමුත් ගර්භණී අවධියේ නම් මේවා විඳ දරාගන්න එක අපහසුයි. සාමාන්‍යයෙන් වෙරිකෝස් නහර සියල්ලම ගර්භණී කාලෙන් පසුව පහව යනවා. 

නමුත් ඒවා නිසා විඳින්න වෙන අපහසුතාවයන් ලිහිල් කරන්න ක්‍රම තිබෙනවා. මේ ලිපියෙන් අපි ඔබව දැනුම්වත් කරන්නේ ඒ ගැනයි…

 

Varicose නහර ඇති වෙන්නේ ඇයි?

කකුල් හදවතට රුධිරය ගලා යාමට එක් පැත්තකට විතරක් රුධිරය ගමන් කරන කපාට සහිත නිරෝගී නහරයන් තියෙනව. ඔබ ඇවිදින කොට ඔබේ කෙණ්ඩා මාංශපේශීන් calf muscles  ඔබේ හදවත දෙසට රුධිරය පොම්ප කරන අතර කපාට එය නැවත පහළට ගැලීම නවත්වනවා.

 

මෙම එක් දෙසට ගමන් කරන කපාට නිසියාකාරව ක්‍රියා නොකරනකොට වේරිකෝස් නහර වර්ධනය වෙනවා. මෙමඟින් නහර වල රුධිරය සංචලනය නතර වන අතර එමඟින් නහර බිත්ති ඇදීමට ලක් වෙන නිසා නහර ඉදිමීම, ඇඹරීම හා bulge සිදු වෙනවා. ඒවා ප්‍රමාණවත් තරම් විශාල වුණොත් ඒවා ඔබේ සමට යටින් දැකගන්න පුළුවන්.

 

ගර්භණී සමයේදී ඒවා බහුලව දකින්න ලැබෙන්නේ ඇයි?

 

ගර්භණීභාවයේදී ප්‍රධාන හේතු 3 ක් නිසා වෙරිකෝස් නහර වර්ධනය වීමේ සම්භාවිතාව වැඩි කරවනවා :

 

ගර්භණී කාලය පුරාම ඔබ ඔබේ දරුවාගේ වර්ධනයට උපකාර කිරීම සඳහා වෙනදාට වඩා වැඩි රුධිර ප්‍රමාණයක් නිපදවීම නිසා.

ළදරුවා වැඩෙනකොට ඔබේ ගර්භාෂය ඔබේ කකුල් වලින් රුධිරය නැවත හදවතට ගෙන යන නහර තද කර අර්ධ වශයෙන් අවහිර කිරීම නිසා.

ඔබේ ගර්භණී හෝමෝන මගින් ඔබේ නහර වල බිත්ති මෘදු කරවන අතර එමඟින් ඒවාට නිසි ලෙස ක්‍රියා කිරීමට අපහසු වෙනවා.

සෑම අවස්ථාවකදීම රුධිරය ඔබේ කකුල් වල සංචලනය නතර වන අතර ඔබට ඉදිමුණු කකුල් සහ වෙරිකෝස් නහර ඇති වෙන්නේ ඒ නිසයි.

 

වෙරිකෝස් නහර හට ගන්නේ කොතැනද ?

Varicose නහර ප්‍රධාන වශයෙන් කකුල් වලයි වර්ධනය වෙන්නේ. කෙසේ වෙතත් ඔබට ඒවා යෝනි මාර්ගයෙ (යෝනි විවරයේදී) හෝ ගුද මාර්ගයෙත් ඇති වෙන්න පුළුවන්. ගුද මාර්ගයේ වර්ධනය වෙන වේරිකෝස් නහර අර්ශස් ලෙස හැඳින්වෙනවා.

 

ඒවා වේදනාකාරීද? වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති කරයිද?

 

Varicose නහර ඔබේ කකුල් වල තරමක් නරක කැක්කුමක් හා වේදනාවක් ඇති කරවන්න පුළුවන්. ඔබේ කකුල් වලට බරක් හෝ නොසන්සුන් බවක් දැනෙන්නට පුළුවන්. නමුත් සමහර කාන්තාවන්ට වෙරිකෝස් නහර වලින් කිසිම ගැටළුවක් ඇති නොවෙන බව සොයා ගෙන තිබෙනවා. නමුත් ඒක හැමෝටම පොදු නෑ.

 

දවස පුරා හිටගෙන ඉන්න උනොත් වෙරිකෝස් වල වේදනාව වැඩි වෙන්න පුළුවන්. රෑට හොඳ නින්දක් ලැබුවම උදේ වෙද්දී ඔබ නිදාගෙන හිටපු නිසා සහ ඔබේ නහර මත පීඩනය ලිහිල් වී ඇති නිසා ඔබට සාමාන්‍යයෙන් යහපත් ගතියක් දැනෙන්න පුළුවන්.

 

ඒවා වැළැක්වීම සඳහා යමක් කරන්න පුළුවන්ද ?

 

ඇවිදීම හෝ පිහිනීම සාමාන්‍යයෙන් ඔබේ රුධිර සංසරණයට උපකාරී වන අතර ගර්භණී අවධියේදී ඒවා කොහොමත් ප්‍රයෝජනවත් වෙනවා. calf raises සහ එකතැන ඇවිදීම වගේ විශේෂිත ව්‍යායාම ද කකුල් වල රුධිර ප්‍රවාහනයට උපකාරී වෙනවා.

 

ඔබ ගර්භණීව සිටියදී වෙරිකෝස් නහර වැළැක්වීමට ස්ථිර ක්‍රමයක් නෑ. කෙසේ වෙතත් ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා නම් ඒවා වර්ධනය වීමට ඇති ඉඩකඩ අඩු කරගන්න පුළුවන් :

 

  • ක්‍රියාශීලීව ඉන්න.
  • වැඩි වේලාවක් වාඩි වෙලා ඉන්න එපා.
  • උස සපත්තු පැළඳීම නවත්වන්න.
  • ඔබ විවේක ගන්නා විට හෝ වාඩි වී සිටින විට හැකි නම් ඔබේ කකුල් ඉහළට ඔසවලා තබන්න.
  • ඔබේ ඉණ වටා හෝ ශ්‍රෝණිය වටා තදට ඇඳුම් ඇඳීමෙන් වළකින්න.
  • දිගු වෙලාවක් එකතැන සිටගෙන සිටීමෙන් වළකින්න.

 

ඔබට වෙරිකෝස් නහර ඉවත් කරන්න පුළුවන්ද ?

 

ඔබේ වෙරිකෝස් නහර වර්ධනය වෙලා නම්, ඔබේ දරුවා ඉපදී මාස 3ක් 4ක් වෙනකොට ඒවා ප්‍රතිකාර නොමැතිව වුණත් ඉබේම නැති වෙලා යන්න පුළුවන්. නමුත් සමහර කාන්තාවන්ට ඒ සඳහා වසරක් පමණ ගත වෙනවා.

 

මේ අතර ඔබට compression stockings පැළඳීමට, විවිධ බෙහෙත් ගැනීමට, සම්බාහනය කිරීමට හෝ reflexology භාවිතා කිරීමට ඔබ උත්සාහ කරන්න පුළුවන්. මේ කිසිවක් සම්පූර්ණයෙන්ම ඵලදායී බව ඔප්පු වෙලා නොමැති නිසා මෙම විකල්පයන් ඔබට උදව් නොවෙන්න ඉඩ තියනවා.

 

බලපෑමට ලක් වූ නහර ඉවත් කිරීම සඳහා සමහර අයට ශල්‍යකර්මයක් කරගන්න පුළුවන්. නමුත් ඔබ ඒ ගැන සිතනවා නම් ඔබේ දරුවා ඉපදීලා අවම වශයෙන් වසරක්වත් රැඳී සිටින්න.

 

ඔබ වෙරිකෝස් නහර ගැන කරදර වෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් සමඟ කතා කරන්න. ඔවුන්ට මේ ගැන ඔබට වැඩි විස්තර ලබා දෙන්න පුළුවන් අතර ඔබ අත්විඳින ඕනෑම රෝග ලක්ෂණයක් සමනය කිරීමට හොඳම ක්‍රමය සොයා ගැනීමට ඔබට උදව් කරයි.

 

ස්ට්‍රෙච් මාර්ක්ස් සහ වෙරිකෝස් නහර අතර වෙනස මොකක්ද ?

 

ස්ට්‍රෙච් මාර්ක්ස් කියන්නේ සම මතුපිට ඇති වෙන සිහින් සහ රෝස, දම් පැහැති රේඛා වලටයි. ඔබේ ගර්භණී කාලයේදී සම ඇදෙනකොට විට ඒවා ඇතිවෙන නිසා ඒ ළකුණු ඔබේ උදරය මත ඇති වෙලා තියන ආකාරය සාමාන්‍යයෙන් දැකගන්න පුළුවන්. වෙරිකෝස් නහර ස්ට්‍රෙච් මාර්ක්ස් වලින් වෙනස් වන්නේ ඒවා සමට නැතුව නහර වලට බලපාන නිසයි.

 

වෙරිකෝස් නහර සමඟ ජීවත් වීම

 

ඔබට වෙරිකෝස් නහර තිබෙනවා නම් ඔබට මේ විදිහට ඔබේ කකුල් වඩාත් සුවපහසු කරගන්න පුළුවන් :

 

  • දිනපතා ඇවිදීම හෝ පිහිනීම.
  • ඔබේ බර ගැන බැලීම.
  • ඔබ දිගු වේලාවක් සිටගෙන හෝ වාඩි වී සිටිනවා නම් ඉන්න විදිහ වෙනස් කිරීම.
  • ඔබට හැකි සෑම විටම ඔබේ කකුල් ඉහළට තබා ගනිමින් වාඩි වීම.
  • support tights or stockings ඇඳීම – බොහෝ ෆාමසි වලින් ලබා ගන්න පුළුවන්. මේවා කකුල් වල රුධිරය සංසරණයට උපකාරී වන අතර ඔබේ කකුල් වල මාංශ පේශිවලට ද සහාය වෙන්න පුළුවන්.