Search here...
TOP
පෝෂණ​ය

උත්සව වෙලාවක රසට හදන්න වෙජිටබල් බිරියානි රෙසිපි එකක් මෙන්න

පොඩි පහේ සැමරීමක් නැත්නම් උත්සවයක් වෙලාවකට නිර්මාං​ශ කෙනෙක් එනව කිව්වොත් අපිට විශේෂයෙන් එයාල ගැන හිතන්න වෙනවා. එහෙම වෙලාවක හදන්න මෙන්න රසම රස වෙජිටබල් බිරියානි රෙසිපි එකක් අපි අරන් ආව.

 

වෙජිටබල් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. බාස්මතී හාල් කෝප්ප 1
  2. ගී මේස හැඳි 3
  3. කරදමුංගු ඇට 2
  4. ස්ටාර් ඇනීස් 1
  5. කරාබු නැටි 2
  6. බේ ලීෆ් 1
  7. ලියාගත් ළූණු ගෙඩි 1
  8. තෙල් ටිකක් 
  9. ලියාගත් තක්කාලි ගෙඩි 2
  10. කහකුඩු තේ හැඳි 1/4
  11. ලුණු ටිකක් 
  12. කර්ඩ් කෝප්ප 1/4 
  13. අල ගෙඩි 1
  14. කැරට් කෝප්ප 1
  15. බෝංචි කරල් 5
  16. කෝලිෆ්ලවර් කෝප්ප 1
  17. ග්‍රීන්පීස් කෝප්ප 1/4
  18. මිංචි කොළ ටිකක්
  19. කොත්තමල්ලි කොළ ටිකක් 
  20. වතුර කෝප්ප 2
  21. මසාලා පේස්ට් එකට
  22. මිරිස්කුඩු තේ හැඳි 3
  23. කපාගත් අමුමිරිස් කරල් 2
  24. සුදුළූණු බික් 3
  25. ඉඟුරු කෑල්ලක්
  26. චොප්කරගත් ළූණු ටිකක් 
  27. මිංචි කොළ ටිකක් 
  28. කොත්තමල්ලි කොළ ටිකක් 
  29. වතුර ටිකක් 

 

  • හාල් ටික සෝදලා පෙඟෙන්න තියන්න. පැය කාලකින් පස්සෙ වතුර පෙරෙන්න තියන්න. 
  • මසාලා පේස්ට් එකට අදාළ සියල්ලම හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • ප්‍රෙශර් කුකර් එකට ගී ටික දාලා කුළුබඩු ඔක්කොම දාලා බැදෙන්න අරින්න. මේකට චොප්කරගත් ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. 
  • ඒකට මසාලා පේස්ට් එක දාලා හොඳට කලවම් කරගන්න. ඊළඟට තක්කාලි, කහකුඩු හා රස අනුව ලුණු දාලා කලවම් කරන් කර්ඩ් ටික දාගන්න. 
  • තක්කාලි ටික පොඩි වෙනකල් කලවම් කරගන්න. ඊළඟට කපාගත් එළවළු ටික දාගන්න. 
  • උඩින් කොත්තමල්ලි කොළ හා මිංචි කොළ දාගන්න. අන්තිමට බාස්මතී හාල් ටික දාලා, වතුර කෝප්ප 2ක් දාලා ලුණු ටිකක් දාලා විසිල් දෙකක් යනකල් පිසගන්න.

«

»