බස් වල, වාහන වල ගමන් කරන ඔබේ දරුවන්ට මෙන්න මේ නීති කියා දිය යුතුමයි

ළමයින් බොහෝවිට පාසල් හෝ වෙනත් ගමන් බිමන් පුද්ගලික කාර් රථවල හෝ බස් රථවල ගමන් කරනු ලබනවා. නමුත් එහිදී දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමසරළ කරුණු කිහිපයක් ඔබ දැනසිටිය යුතුයි. ගමන කෙටි හෝ දුර වුවත් ඔබගේත් රථයේ ගමන් කරන සියළු දෙනාගේම ආරක්ෂාව තහවුරු කරම්න් ගමනාන්තයන් කරා ළඟාවීම හොඳ රියදුරෙකුගේ වගකීමක්. එමෙන්ම මාර්ග නීති සහ වාහනයක ගමන් කරන විට අනුගමනය ක​ළයුතු සරළ රීතීන් ගැන දරුවන් දැනුවත් කිරීම දෙමවුපියන් ලෙස ඔබගේ වගකීමක්. 

 

වාහනයක ගමන් ගන්නාවිට දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතු කාරණා

ඔබ කුඩා දරුවකු රැගෙන වාහනයක ගමන්කරනවිට,

 

  1. ළමයින්ඇති ආරක්ෂිත ආසන සවිකරගන්න
  2. කුඩා ළමයින්, තරුණ තරුණියන් ඇතුළු ඔබ සියලුම දෙනා ආසන පටි පැළඳිය යුතුයි
  3. ආරක්ෂිත රියදුරු පුහුණුවක් ලබාගන්න

 

කාර් රථයක ගමන්කරන විට අනුගමනය කළ යුතු සරළ රීති

  • ගමනා ආරම්භයේ සිට අවසානය දක්වාම ආසනපටි පැළැඳ සිටිය යුතුයි
  • ආසන පටි පළඳින විට එහි සියළුම කොටස් ආවරණය වන පරිදි ආසන පටි පැළඳීමට දරුවාට හුරු කරන්න
  • කිසිවිටක ආසන පටිය හවුලේ භාවිතා නොකරන්න. දරුවන් දෙදෙනෙකු එකම ආසනයක වාඩි කරවා එක් ආසන පටියක් භාවිතය අනතුරුදායකයි
  • අවුරුදු 13 අඩු දරුවන් හැකිතාක් කාරයේ පිටුපස අසුනේ වාඩිකරවන්න. එවිට එයාර් බෑග් ක්රියාත්මක වීමේ දි දරුවන්ට අනතුරු සිදුවීම වළක්වනවා
  • වාහනයක ගමන් කරනවිට සන්සුන්ව සහ කලබලයකින් තොරව ගමන් කළ යුතු බව දරුවාට සරළව පැහැදිලි කරන්න. එවිට රියදුරාට බාධාවකින් තොරව අවධානය වෙනතකට යොමු නොකර රිය පැදවිය හැකියි
  • තමන්ගේ මෝටර් රථයේ ගමන් කරනවිට පමණක් නොව නෑදෑ හිතමිතුරු අයෙකුගේ හෝ වෙනත් ඕනෑම රථයක ගමන් කරන විට පිළිපැදිය යුතු සරළ රීතීන් මාලාවක් දරුවාට හුරු කරවන්න. විශේෂයෙන් වෙනත් අයෙකුගේ රථයක යනවිට පවා දරුවාට ඉදිරිපස අසුනට එන මෙන් පැවසූ විට ආචාරශීලිව එය ප්රතික්ෂේප කර පිටුපස අසුන භාවිතා කරන ලෙසට දැනුම් දෙන්න

 

බස් රථයක ගමන්කරන විට අනුගමනය කළ යුතු සරළ රීති

  • බස් රථයට නැගීමට නම් එය නිසි පරිදි මාර්ගයෙන් ඉවත්කර නවතන තෙක් සිටිය යුතුයි
  • රථය නවතා දොර විවර කර රියදුරු එයට ගොඩවන ලෙසට පවසන තෙක් සිටිය යුතුයි
  • ප්රවේශමෙන් බසයට ගොඩවිය යුතුයි. විශේෂයෙන් පාසල් බෑග් රැගෙන බසයට ගොඩවන විට ප්රවේශම් විය යුතුයි
  • ඇතැම් බස් රථවල ආසන පටි ඇති බැවින්, තිබේනම් ආසන පටි පළඳින්න. එමෙන්ම ආසන පටි පළඳිනවා නම් බස් රථය ගමන් ආරම්භ කිරීමට පෙර එය පැළඳ ගමනාන්තය තෙක් ඒවා පැළඳ සිටිය යුතුයි
  • බස රථය ගමන් කරන විට බස් රථය තුල දැඟලීමෙන් හෝ සෙල්ලම් කිරීමෙන් තොරව සන්සුන් ලෙස අසුන්ගෙන සිටීම වැදගත් වනවා. එසේ නොවේනම් රියදුරුගේ අවධානය වෙනතක ගොස් අනතුරු සිදුවීමේ අවධානමක් ඇතිවිය හැකියි
  • බසයෙන් බසින විට බස් රථය නිසිපරිදි නතර කරන තෙක් සිට ප්රවේශමෙන් බසයෙන් බැසිය යුතුයි
  • බස් රථය ඉදිරියෙන් පාර මාරුවනවා නම් බව රියදුරුට දන්වා ඔහුගේ එකඟතාවය මත පාර මාරුවිය යුතුයි. එමෙන්ම බසයෙන් බැස පදික වේදිකාව දිගේ මීටර් 3ක් පමණ ඉදිරියට ගොස් පාර මාරුවිය යුතුයි
  • එමෙන්ම බස් රථය ඉදිරියෙන් පාර මාරුවන විට යමක් බිම වැටුණ විට පහත් වෙනවා නම් එය රියදුරුට සංඥා කොට ගැනීමට පහත් වන ලෙස දරුවාට කියාදෙන්න. එසේ නොමැතිව දරුවා බසය ඉදිරියේ පහත් වුවහොත් බව රියදුරුට නොපෙනීමෙන් බසය ඉදිරියට පැදවීමට ඉඩ තිබෙන අතර දරුවාට අනතුරක් වීමට ඉඩ ඇත

 

අනතුරු වළක්වාගත හැකි පරිදි මාර්ග නීති, වාහනයක ගමන් ගන්නා විට, පයින් යන විට හෝ බස් රථයක ආදී ඕනෑම වාහනයක ගමන් ගන්නා විට පිළිපැදිය යුතු සරළ කාරණා දරුවා කුඩා කල සිටම සරළව දරුවාට කියාදෙන්න. දරුවා සමග ගමන් කරන විට ඔබ ඒවා අනුගමනය කර පෙන්වන්න.