ළමුන්ට නිවැරදිව විටමින් D මාත්‍රාව ලබාදෙන්නේ කෙසේද?

හිරු එළිය විටමින් ලෙසද හඳුන්වනු ලබන විටමින් D වයස් භේදයකින් තොරව ශරීරයට ඉතා අත්යවශ් විටමින් වර්ගයක් වන අතර ශරීරයේ වැඩීම සහ සංවර්ධනය උදෙසා වැදගත් කාර්යභාරයක් ඉන් ඉටුවනවා. විශේෂයෙන් කුඩා දරුවන්ගේ අස්ථිවල ඛණිජ භවනයට (bone mineralization) එය උපකාරු වෙනවා. 

වයස අවුරුදු 3ත් 18ත් අතර ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා විටමින් I 600 IU (15mcg) ක් පමන දිනකට ලබාගත යුතු බවයි වෛද් විශේෂඥයන්ගේ නිර්දේශය වන්නේ. ප්රමාණවත් පරිදි හිරු එළියට නිරාවරණය වීමෙන් සහ සත්ව නිෂ්පාදන ආශ්රිත ආහාර ගැනීමෙන් මෙම ප්රමාණය දිනකට ලබාගත හැකි වෙනවා. 

නමුත් බොහෝමයක් කුඩා දරුවන් මෙම විටමින් D ඌණතාවයෙන් පෙළෙන අතර ප්රමාණවත් පරිදි විටමින් D නොලැබීමෙන් සහ ඌණතාවය හේතුවෙන් ඔවුන්ගේ ශරීර සෞඛ්යය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වනු ලබනවා. දරුවාට ප්රමාණවත් පරිදි විටමින් D ලබාදීම සිදුකරන්නේ කෙසේදැයි ගැටළුවක් ඔබටත් ඇති. එසේ නම් පහත ලිපිය කියවා බලන්න. එය ඔබ සඳහාමයි

 

විටමින් D යනු මොනවාද?

ප්රධාන වශයෙන් මේද හා ඛණිජ ද්රාව් දෙකකින් සැදුම් ලද්දක්

 

  1. විටමින් D 2 – ශාක සහ දිලීර හිරු එළියට නිරාවරණය වීමෙන් විටමින් ඩී 2 සංස්ලේෂණය කරනු ලබනවා. උදාහරණයක් ලෙස හතු (ආහාරයට ගත හැකි දිලීරයක්) විටමින් D 2 බහුල ආහාරයක්
  2. විටමින් D3 – හිරු එළියට නිරාවරණය වීම මගින් සතුන්ගේ සහ මිනිසුන්ගේ සිරුර තුළ විටමින් D සංස්ලේෂණය වෙනවා. හිරු එළියට නිරාවරණයට අමතරව බිත්තර කහ මද, සැමන්, කිරි ආශ්රිත නිෂ්පාදනයන් වලද විටමින් D අඩංගු වෙනවා. 

 

දරුවන්ට විටමින් D ලබාදිය යුත්තේ ඇයි?

  1. අස්ථි සංවර්ධනයවිටමින් D මගින් ශරීරයට ලැබෙන කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය කර ගැනීමසහය වෙනවා. සිරුරේ ශක්තියට අවශ් අස්ථි සංවර්ධනයට, දත් වැඩීමට ආදිකැල්සියම් සහ පොස්පරස් අත්යවශ්ඛණිජ ලවන දෙකක්. විටමින් D කැල්සියම් සමග සම්බන්ධ වී අස්ථි ස්කන්ධය බැඳී පවත්වා ගැනීමටද උපකාරි වෙනවා. ඒ නිසා දරුවාගේ ආහාර වේලෙහි කැල්සියම්, පොස්පරස් වැනි විටමින් සහ ඛණිජ ලවණ අඩංගු ආහාර තිබීම ඉතා වැදගත් වන අතර එසේ නොමැති වීමෙන් අස්ථි දුර්වල විය හැකියි

 

  1. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයවිටමින් D ඌණතාවයක් ශරීරය තුළ වේනම් ඔබ නිතර නිතර විවිධ ආසාදනයන්ට ගොදුරුවීමේ ඉඩකඩ වැඩි බවට පර්යේෂකයන් පවසනවා. ඒ නිසා දරුවාට ආසාදන හා සටන් කිරීමට හා අසනීප වලින් මිදීමට නම් දරුවාගේ ප්රතිශක්තිකරණ පද්ධතිය ඉතා හොඳින් ක්රියාත්මක විය යුතු අතර එයට ප්රමාණවත් පරිදි විටමින් D ලබාදිය යුතු වෙනවා. 

 

  1. යහපත් මානසික සෞඛ්‍යයපර්යේෂණ මගින් සනාථව ඇති ආකාරයට විටමින් D මගින් මොළයේ ඇඩ්රිනලින් සහ ඇඩ්රිනලින් නොවන හෝමෝන, ඩොපමයින් නම් හෝමෝන නිපදවීම නියාමනයට දායක වෙනවා. එමනිසා විටම්න් D ඌණතාවයන්ගෙන් පීඩා විඳින දරුවන් තුළ මානසික අවපීඩනය වැනි මානසික සෞඛ්යය සම්බන්ද ගැටළු ඇතිවනවා. ඊට අමතරව විටමින් D මොළයේ වර්ධනයට, සමාජීය කුසලතා වැඩිදියුණු කිරීමට සහ අවධානය යොමුකිරීම දියුණු කිරිම වැනි කාරණා වලට ඉවහල් වෙනවා. 

 

  1. සෞඛ්‍යය තත්ත්වයවිටමින් D ශරීරයේ ජීව විද්යාත්මක සංසිද්ධීන් කෙරෙහි වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන අතර ශරීරයට අහිතකර ප්රතිගිනිකාරක පාලනයටද ඉවහල් වෙනවා. එමෙන්ම ශරීරයේ ඇතිවන නොයෙකුත් දාහයන් වලට විටමින් D ඌණතාවය හේතු වෙනවා. විශේෂයෙන් එමගින් සෛල වලට හානි සිදුවිය හැකි අතර DNA වලටද බලපෑම් එල්ලවිය හැකියි

 

විටමින් D සහිත ප්රභවයන්

දිනපතා හිරු එළියට නිරාවරණයෙන් සහ සත්ව නිෂ්පාදන ආශ්රිත ආහාර පාන ලබාදීම මගින් ඔබටත් දරුවාට ප්රමාණවත් පරිදි විටමින් D ලබාදිය හැකියි

 

  1. හිරු එළියට නිරාවරණය

දරුවන්ට දිනකට අවශ් විටමින් D ප්රමාණයෙන් 80%ක් පමණ හිරු එළිය මගින් ලබාගත හැකියි. ඒ නිසා සතියකට දින කිහිපයක් විනාඩි 10 සිට 20 දක්වා කාලයක් දරුවාට හිරු එළියට නිරාවරණය වීමට ඉඩ ලබාදෙන්න. කෙසේ වෙතත් දරුවාගේ සමමත විටමින් නිපදවීමහිරු එළියට නිරාවරණයට අමතරව හිරු එළියට නිරාවරණය වන වේලාව, හිරු කිරණවලින් ආරක්ෂා වන ආලේප ගල්වා ඇතිද යන්න, සමේ පැහැය වැනි දෑ බලපානු ලබනවා. ඒ නිසා දිනපතා දරුවා හිරු එළියට නිරාවරණය කිරීම වෛද්යවරුන් අනුමත කරන්නෙ නැහැ

 

  1. ආහාර පාන

අඩු මේද සහිත කිරි, බිත්තර සහ ටූනා, සැමන් වැනි ටින් කළ මාලු අඩංගු ආහාර සහිත සමබර ආහාර වේලක් දරුවාට ලබාදීමෙන් දෛනික විටමින් D අවශ්යතාවයෙන් සැලකිය යුතු ප්රමාණයක් ලබාදිය හැකියි. ඊට අමතරව ධාන් සිරියල්, තෙල් වර්ග, හතු ලබාදීම සුදුසු වෙනවා. 

 

 

සිරුර තුළ විටමින් D මට්ටම පහළ යාමට බලපාන සාධක

ශාක ආහාර පමණක් ආහාරයට ගැනීම

හිරු එළියට නිරාවරණය නොවීම

හිරු එළියට යනවිට සිරුර ආවරණය වීම

අව්වට යන විට හිරු කිරණ ආවරණ ආලේප කිරීම

කැල්සියම් අවශෝෂණයට බාධා වන සෙලියාක් වැනි අසනීපයන්ගෙන් පීඩාවිඳීම

දරුවාගේ සම අඳුරු නම් හෝ මවුකිරි බොන දරුවන් හට මවගේ සිරුරේ විටමින් D අඩුනම් ඌණතාවයට ලක්විය හැකියි

 

විටමින් D ඌණතාවයෙන් ඇතිවන බලපෑම්

ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ නිතර අසනීප වීම

අලසකම සහ මාංශ පේශි වේදනාව

ශාරීරික වර්ධනය දුර්වලවීම

දරුවාගේ චලනයන් සදහා බලපෑම් එල්ලවන රිකේට්ස් තත්ත්වයන් ඇතිවීම

අඩු කැල්සියම් දර්ශකය (Hypocalcemia)

අස්ථි වේදනාව සහ බිඳීම්

 

නිසි ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් සහ විටමින් D අඩංගු ආහාරවේලක් දරුවාට ලබාදීමෙන් ඔබට දරුවා මෙම අවධානමින් මුදා ගත හැකි අතර ඊට අමතරව දරුවාට විටමින් D ලබාදීම සහ නිසි පරිදි ලැබෙනවාද යන්න සම්බන්ධයෙන් ළමා රෝග වෛද්යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසිය හැකියි. එවිට වෛද්යවරයා විටමින් D අතිරේකයක් ලබාදිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ඇති

 

දරුවන්විටමින් D අතිරේකයන් ලබාදීම

දරුවාට විටමින් D ඌණතාවයක් තිබෙන බවට හෝ වෙනත් හේතුන් මත විටමින් D අතිරේකයන් ලබාදීම තීරණය කරනු ඇත. ඒවා බොහෝවිට ටැබ්ලට්, කැප්සියුල, සිරප්, කුඩු හෝ හැපීමට හැකි ලෙස තිබෙන අතර මෙම අතිරේකයන් තුල විටමින් D 2 හෝ D 3 අඩංගු වෙනවා. මෙම අතිරේකයන් ලබාදීම, කොතරම් ප්රමාණයක් දිනකට ලබාදිය යුතුද යන්න වෛද්යවරයා විසින් නිර්දේශ කළ යුතු අතර ඔබගේ හිතු මනාපයට ලබාදීම සුදුසු වන්නේ නැහැ. විටමින් D අධික වීම වකුගඩු කෙරෙහි බලපෑම් එල්ල වෙනවා. 

 

දරුවාගේ වයසට ප්රමාණවත් විටමින් D ප්රමාණය ගැන ඔබ සෑමවිටම සැලකිලිමත් විය යුතු අතර එය උපරිමය ඉක්මවීම දරුවාට අහිතකර බලපෑම් ගෙන එනු ලබනවා

 

වයස දැරිය හැකි උපරිම ප්‍රමාණය
අවුරුදු 1- 3 63mcg (2,500 IU)
අවුරුදු 4- 8 75mcg (3,000 IU)
අවුරුදු 9- 18 100mcg (4,000 IU)

 

දරුවාට ප්රමාණවත් පරිදි විටමින් D ලබාදිය හැකි ආකාර

බිත්තර, කුකුළු මස් සහ සැමන් වැනි මේද මාළු වැනි විවිධ විටමින් ඩී බහුල ආහාර අඩංගු සමබර ආහාර වේලක් දරුවාට දීමට උත්සාහ කරන්න. නිර්මාංශ ආහාර පමණක් ලබාගන්නා දරුවන් සදහා පරිපූර්ණ ධාන් අඩංගු ආහාර සහ කිරි නිෂ්පාදන ලබාදෙන්න. කැල්සියම් සහ විටමින් D අඩංගු ශාක ආහාර ගැන දැනුවත් වන්න. දරුවාට ලබාදිය හැකි ආහාර සම්බන්ධයෙන් පෝෂණවේදියකුගෙන් හෝ දරුවාගේ වෛද්යවරයාගෙන් උපදෙස් ලබාගන්න

දරුවාට උදෑසන කාලයේ හිරු එළියේ කාලය ගතකිරීමට ඉඩ ලබාදෙන්න. ඔබත් දරුවා සමග එක්ව ක්රීඩා කිරීම වැනි දෑ මගින් සඳහා දරුවා පෙළඹවීමට ඔබට හැකියි

කෙසේ නමුත් හිරු එළියේ අඩංගු පාරජම්බුල කිරණ මගින් දරුවාගේ සමට හානි සිදුවිය හැකි බැවින් දරුවා හිරු එළියට නිරාවරණය වන වේලාව ගැන සැලකිලිමත් විය යුතුයි. හිරු එළියෙන් ආවරණය සලසන ආලේපන දරුවාගේ මුහුණ මත පමණක් ආලේප කරන්න. දෑත් සහ දෙපාවල ආලේප කිරීමෙන් වළකින්න. මන්ද එම ආලේපන විටමින් D අවශෝෂණයබාධා පමුණුවනවා.

 

අමතරව විටමින් D ලබාදීම

මීට අමතරව විටමින් D ලබාදීම සම්බන්ධ පහත කාරණා කෙරෙහිද අවධානය යොමු කිරීම ඔබට ප්රයෝජනවත් වේවි

 

  1. නිවසට සිල්ලර බඩු ගැනීමට යනවිට දරුවාද රැගෙන යන්න. විටමින් D අඩංගු ආහාර වර්ග ලේබල් කියවා තෝරා ගැනීමට දරුවාට ඉඩ දෙන්න
  2. දරුවා තුළ යම් විටමින් D ඌණතාවයක් ඇතැයි ඔබට සැයයක් පවතින්නේ නම් වෛද් උපදෙස් ලබාගෙන විටමින් D මට්ටම පරීක්ෂා කරන්න. එම සීරම් පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල 12ng/mL වඩා අඩුයි නම් එය ඌණතා මට්ටමක් ලෙස සලකනවා
  3. සෑමවිටම විටමින් D අතිරේකයන් සම්බන්ධයෙන් වෛද් උපදෙස් ලබාගන්න. සාමාන්යයෙන් වෛද්යවරුන් දරුවාගේ දෛනික ආහාර රටාව රෝග ඉතිහාසය ආදිය සළකා බලා වයසට සුදූසු විටමින් D අතිරේක මාත්රාව ලබාදෙන අතර එය බොහෝ විට දිනකට 400 IU පමණ අගයක් වෙනවා. 

 

මවක් ලෙස ඔබ සෑම විටම දරුවාගේ සෞඛ්යය තත්ත්වය ගැන සැලකිලිමත් වෙනවා ඇති. විශේෂයෙන් මේ කොරෝනා වසංගතය පැතිර යන කාල සීමාවේ දරුවාගේ ප්රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරගැනීමට විටමින් D මගින් ඉහළ කාර්යභාරයක් සිදුවනවා. එමනිසා දරුවාට දිනකට ලැබෙන විටමින් D ප්රමාණය දරුවාගේ වයසට සුදුසු අගයදැයි සහ ප්රමාණවත්දැයි සම්බන්ධව අවධානය යොමු කළ යුතුයි. ඔබට යම් ගැටළුවක් තිබේනම් ඉක්මන් වෛද් උපදෙස් ලබාගැනීම ඉතාමත් සුදුසු බවයි අපගේ අදහස වෙන්නේ