ස්වාභාවිකව ප්‍රසව වේදනා අඩු කරගන්න ඔබට වටිනා උපදෙස් කීපයක්

දරුවන් බලාපොරොත්තු වෙන ඕනෙම අම්මා කෙනෙක්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි තමන්ට පහසු දරු ප්‍රසූතියක් සිද්ධ වෙනවා දැකීම. ඒ සඳහා අද වෙනකොට වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් ඉතාම සාර්ථක ක්‍රම, වේදනා නාශක ඖෂධ සොයාගෙන තියන එක මවකට ඇත්තටම සහනයක්. නමුත් ඔබට ඔබේ උත්සහයෙන්ම වේදනාවන් අවම කරගන්න පුළුවන් ස්වාභාවික ආකාර ද තියෙනවා. ඔබේ ගර්භණීභාවයත් එක්ක ඉදිරියට යනකොට මෙම සරල ස්වාභාවික වේදනා කළමනාකරණ ක්‍රම අත්හදා බලන්න…

සුවපහසු වාතාවරණයක් සොයා ගන්න

ඔබට සුවපහසුයි කියලා හැඟෙන රෝහලක් දරු ප්‍රසූතිය සඳහා තෝර ගන්න. 

ඔබේ කණ්ඩායම ප්‍රවේශමෙන් තෝරන්න

වින්නඹු මාතාවන, වෛද්‍යවරුන්, හෙදියන්, සාත්තු සේවකයන්, සහකරු, ඔබේ දරුවාගේ උපත සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට ඔබ තෝර ගන්න ඕනේ ඔබට ගෞරවයෙන් හා ඉවසීමෙන් සලකන පුද්ගලයින්වයි. මොකද නිසි සහයෝගයකින් මානසික ආතතිය හා නිෂේධනය අඩු කරගන්න ඔබට උපකාරයක් වෙනවා. ඒ අතර එමඟින් ඔබේ ප්‍රසූතියට වඩාත් හොඳින් මුහුණ දීමේ යාන්ත්‍රණයන් පහසුවෙන් සොයා ගන්න පුළුවන් වෙනවා.

 

ප්‍රසූතිය ගැන ඉගෙන ගන්න

පොත්, සඟරා, වෙබ් අඩවි, වීඩියෝ, පන්ති සහ ඔබේ මිඩ් වයිෆ්, වෛද්‍යවරයා, පවුල සහ මිතුරන් සමඟ සාකච්ඡා කිරීමෙන් ඔබට දරු ප්‍රසූතිය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔබේ රෝහලේ ඇති ක්‍රියා පටිපාටි හා සිරිත් විරිත් වලට ඔබව හුරු කර ගන්න. නම්‍යශීලී වෙන්න පුළුවන් කාරණා ගැන ඔවුන්ගෙන් විමසන්න. ඒ වගේ සාකච්ඡා වඩාත් සුදුසු වන්නේ ප්‍රසූතියට පෙරයි. වැඩි දැනුමක් ලබා ගත්තාම ඔබට ඒ අවස්ථාවට දැනුවත් වෙලාම මුහුණ දෙන්න පුළුවන්.

 

ඔබේ බිය ප්‍රකාශ කරන්න

වේදනාව, ඉඳිකටු, ඖෂධ හෝ පාලනයක් නැතිවීම ගැන ඔබ දැනටමත් කණස්සල්ලෙන් ද ඉන්නේ ? එහෙනම් ඒ බය ගැන දැනුමක් සහිත විශ්වාසවන්ත මිතුරෙක්, දරු උපත් සම්බන්ධ උගතුන් හෝ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඔබේ ගැටළු ගැන කතා කළාම සහනයක් ලැබෙන්න පුළුවන්. ඒ අතර ඔබේ ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට ඔබට ඒ හරහා ඉඩ සැලසෙනවා. උපත් සැලැස්මක් තුළදී ඔබේ කැමැත්ත ද ප්‍රකාශ කළාම ඔබේ බිය සන්සුන් කර ගන්නට ඒක උපකාරයක් වෙනවා.

 

රිද්මයානුකූල හුස්ම ගැනීමක් පුහුණු වන්න

සංකෝචනය කළමනාකරණය කර ගන්නට හුස්ම ගැනීමේ ක්‍රම ඉගෙන ගන්න එක ඔබට උපකාරී වෙයි. සංකෝචන අතරතුර මන්දගාමී රිද්මයකින් සම්පූර්ණයෙන්ම හුස්ම ගන්න. එක් එක් හුස්ම සමඟ ආතතිය මුදා හරින්න. සෑම තත්පර 2 ත් 3 ත් අතර කාලයක් (විනාඩියකට 20 සිට 30 දක්වා) ඉක්මන් හුස්මක් ගැනීමට උත්සාහ කරන්න. ඔබට ඔබේ රිද්මය නැති වුණොත්, ඔබේ සහකරුට එය ඇස් සම්බන්ධතාවය, රිද්මයානුකූලව අත හෝ හිස චලන කිරීම මගින් හෝ හැකිලීම අතරතුරදී ඔබට කථා කිරීම මඟින් සංකෝචනය අතරතුර ඔබේ හුස්ම ගැනීමේ රිද්මයට නැවත එන්න උදව් අර ගන්න පුළුවන්.

 

නිරූපණය සහ දෘශ්‍යකරණය භාවිතා කරන්න

ඔබේ සංවේදනයන් හා වේදනාව පිළිබඳ දැනෙන එක අඩු කරගන්නට ඔබට සතුටු හිතෙන දෙයක් (ඔබේ සහකරුගේ මුහුණ, ඔබේ ආගමික ශාස්තෘවරයාගේ පින්තූරය හෝ ප්‍රියතම වස්තුවක් වගේ) වෙත අවධානය යොමු කරන්න. කැමතිම සංගීතයට සවන් දෙන්න, සන්සුන් කටහඬක් හෝ මුහුදේ තරංග වල ශබ්දය පටිගත කිරීමක් සොයාගෙන අහන්න සහ ඔබට සැහැල්ලුවක් දැනෙන තැනක් ගැන හිතින් මවා ගනිමින් ඒ ගැනම හිතන්න.

 

උණුසුම් වතුරෙන් ස්නානය කරන්න

උණුසුම් ශවර් එකකින් ඔබට ඔබව සනසා ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබට පුටුවක වාඩි වෙලා අතින් ගෙන යන්න පුළුවන් ෂවර් හෙඩ් එකක් ඔබේ උදරයට හෝ කොන්දට යොමු කර ගන්න පුළුවන්. උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් ඔබට සහනයක් ලබා ගන්න පුළුවන්. එය ප්‍රසූතිය වේගවත් කිරීමටද ඉඩ තියනවා.

 

දිගටම ඇවිදින්න

වඩාත් සුවපහසු වීමට ඔබට පුළුවන් පමණින් ඇවිදින්න. ඇවිදින්න, නැමෙන්න, හැරෙන්න, පැද්දෙන්න හා උක්කුටියෙන් වාඩි වෙන්න. මේ සමහර ඉරියව් අනෙක් ඒවාට වඩා ඔබට සැපපහසු වෙයි.

 

උණුසුම් හෝ සිසිල් සම්පීඩන සමඟ සහනයක් ලබා ගන්න

දරු ප්‍රසූතියේදී ඔබේ උදරය, ඉඟටිය, පහළ කොන්ද හෝ උරහිස් මත warm pack එකක් තබා ගන්න. පිසපු බත් ටිකක් අරගෙන ඒක දිග මේස් එකකට පුරවලා මයික්‍රෝවේව් එකේ විනාඩියක් පමණ රත් කරලා ඔබේ උදරය මත තබා ගන්න (එය අධික ලෙස උණුසුම් නොකරන්න වග බලා ගන්න). ඒක ටික වෙලාවකින් සීතල වුණොත් මයික්‍රෝවේව් උඳුනට දාලා නැවත රත් කරන්න.

අයිස් කැට වලින් පුරවපු සීතල පැකට්ටුවක් හෝ රබර් අත්වැසුම් වලින් වේදනාකාරී ප්‍රදේශ සනසාලීමට උපකර කරගන්න. නමුත් උදරය මත ඒවා භාවිතා කිරීමෙන් වළකින්න. සිසිල් රෙදි මගින් මුහුණේ, පපුවේ හෝ බෙල්ලේ දහඩිය ඉවත් කරන්න පුළුවන්.

 

මෘදු ස්පර්ශයක් හෝ සම්බාහනයක් කරන්න

ස්පර්ශය මගින් සහනයක්, සැලකිලිමත් වීමක් සහ අවබෝධයක් ලබා දෙනවා. ඒක කරන්න පුළුවන් ප්‍රසූතියෙදී ඔබේ අත අල්ලාගෙන සිටින කෙනාට කියලා කම්මුලට හෝ කොණ්ඩයට මෘදු ලෙස තට්ටු  කර ගැනීමෙන් හෝ උරහිසට තට්ටු කර ගැනීමෙන්. නැත්නම් ඔබේ සහකරුට පුළුවන් ඔබව සැනසීමට තෙල් වර්ගයක් භාවිතා කරමින් සැහැල්ලු හෝ තද ස්පර්ශයන් සමඟ ඔබව සම්බාහනය කරන්න. ඔබේ සහකරුට කියල ඔහුගේ දෑතින් ඔබේ කොන්ද අත ගාන්න කියන්න පුළුවන්.