දරුවන්ගේ ඉගෙනීමේ සාර්ථකත්වය දියුණු කරවන අධ්‍යයන කුසලතා මේවායි (1 කොට​ස)

ඉගෙන ගන්න දරුවෙක්ට අධ්‍යයන කුසලතා වැදගත් කියලා කියන එක පහසුයි. නමුත් ඇත්ත වශයෙන්ම අධ්‍යයන කුසලතා මොනවාද කියලා හඳුනා ගැනීම පහසු නෑ. සමහර විට එහෙම වෙන්නේ අධ්‍යයන කුසලතා සඳහා අවශ්‍ය ශිල්පීය ක්‍රම පාසැලේදී උගන්වන්නේ ඉතා කලාතුරකින් නිසායි. ඒ නිසාම ගෙදර වැඩ කිරීම සහ ඉගෙන ගන්නවා කියන එක ඔබේ දරුවන්ටත් ආතතියක් වෙලා ඇති. ඒකෙන් ඔබේ දරුවන්ව මුදව ගන්න හොඳම ක්‍රම ගැන අපි ඔබට කියන්නම්…

 

පුහුණුවෙන් පරිපූර්ණ වෙන්න පුළුවන්

පුළුවන් තරම් කාර්යක්ෂමව දෙයක් කරන්න යද්දී භාවිතා කරන මෙවලමක් විදිහට අධ්‍යයන කුසලතා ගැන සිතන්න. ඔබේ නිවසේ බිම අතුගානකොට ඔබ කොස්ස පිටුපසින් ඇදගෙන යන්නේ නෑනේ. පොඩ්ඩ පොඩ්ඩ කොස්ස ඉස්සරහ පස්සට තල්ලු කරමින් නේ අතුගාන්නේ. ඒක තමයි අතු ගාද්දී අපි ඉගෙන ගත්ත නිපුණතාවය. ඒ තාක්‍ෂණය භාවිතා කරනකොට අතුගාන වැඩේ වඩාත් ඵලදායී වෙනවා. ඉතින් ඔබේ දරුවන්ටත් නිවැරදි කුසලතා උපයෝගී කර ගන්නවා කියන්නේ ඕනෙම කාර්යයක් ඉටු කිරීම පහසු වෙනවා කියන එකයි.

 

ශුභාරංචිය තමයි බයිසිකලයක් පැදීම, සරුංගලයක් පියාසර කරවීම හෝ බිම අතුගා දැමීම වගේ ඕනෙම දෙයක් කරද්දී දරුවන් ඉගෙනීමේ කුසලතා පුහුණු වීම සමඟ ඒ කරන දේ පහසු වෙනවා. ඔබේ දරුවන් වැඩි වැඩියෙන් ඒවා භාවිතා කරන තරමට ඒවා දෙවනුව ස්වාභාවික අධ්‍යයන කුසලතා බවට පත් වෙනවා.

 

න්‍යාය පත්‍රයක් (agenda) භාවිතා කරන්න

 

සාමාන්‍යයෙන් කෙටිකාලීන මතකය කියන්නේ අසම්පූර්ණ දෙයක්. ඒ නිසා ගොඩක් ළමයින්ට ඔවුන්ගේ ගෙදර වැඩ පැවරුම් අමතක වෙනවා. ඒ නිසායි සංවිධානාත්මක කුසලතා අධ්‍යයන කටයුතු වල සාර්ථකත්වයට වැදගත් වෙන්නේ. නමුත් පාසැලේදී න්‍යාය පත්‍රයක් ලබා දීමේදී මතු වෙන එක් ප්‍රධාන අඩුපාඩුවක් තමයි එය භාවිතා කරන ආකාරය සිසුන්ට උගන්වන්නේ කලාතුරකින් වීම. ඇත්ත වශයෙන්ම ගොඩක් අය දන්න දේ තමයි එදිනෙදා ගෙදර වැඩ සහ පැවරුම් ලිවීම. ඒ නිසා ඒවා අමතක වෙන්නේ නෑ තමයි. නමුත් න්‍යාය පත්‍රයකින් ඊට වඩා බොහෝ දේවල් කරගන්න පුළුවන්. 

 

ආරම්භකයින් සඳහා AGENDA එකක් භාවිතා කරන්න ඕනේ මෙහෙමයි :

 

  • සෑම දිනකම න්‍යාය පත්‍රය පාසලට ගෙන යන්න
  • සෑම පන්තියකටම න්‍යාය පත්‍රය ගෙන යන්න
  • සියලුම ගෙදර වැඩ සහ පැවරුම් ඒකේ ලියන්න
  • සෑම හවසකම එම න්‍යාය පත්‍රය ගෙදරට ද ගෙන එන්න
  • ඒක පාසල් බෑගයෙන් ඉවතට ගෙන “අද” පිටුවට විවෘත කරන්න
  • සියලු වැඩ අවසන් වුණාට පස්සේ එය නැවත පාසල් බෑගයට දමන්න
  • සෑම දිනකම නැවත නැවත ඒ විදිහට කරන්න

 

මෙම සරල උපදෙස් හත අනුගමනය කිරීමෙන් ඔබේ දරුවන්ටත් “මට මගේ ගෙදර වැඩ අමතක වුණා !” කියන්න වෙන එකෙන් මිදිලා සාර්ථකව වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. න්‍යායපත්‍රයක් ඇත්ත වශයෙන්ම කාල කළමනාකරණය සඳහා ද භාවිතා කරන්න පුළුවන්. ඒ කුසලතා දරුවාගේ ජීවිතයේ වෙනත් අංශ වෙත මාරු වෙන්නට පවා උපකාරී වෙයි.

 

ඉගෙනුම් කාමරයක් (STUDY ROOM) සාදමින් නිවසේදීම පහසුවෙන් ඉගෙන ගන්න දෙන්න

ඔබේ නිවසේ එක කාමරයක් හෝ කොටසක් “ගෙදර අධ්‍යයන අවකාශය” ලෙස  වෙන්කළාම ඔබේ දරුවාගේ මොළය එම ප්‍රදේශය නැත්නම් කාමරය ඉගෙනීම සමඟ සම්බන්ධ කරනවා. දරුවන් තමන්ගේ එම අධ්‍යයන මැදිරියේ වාඩි වෙලා ඉන්නකොට, ඔවුන්ගේ මොළය ඉක්මණින් ‘ඉගෙනුම් මාදිලියට’ ඇතුළු වෙනවා. ඒ හරහා ඉගෙනීමේ කාලය වඩාත් ඵලදායී වෙනවා. දරුවන් පාඩම් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඉගෙනීමේ කටයුතු වලට වැඩි වැඩියෙන් නිරත වෙනවා සහ ඔවුන් ඉගෙන ගත්ත දේවල් ගැන වැඩි යමක් මතක තබා ගන්න ද පුළුවන් වෙනවා.

 

ඒ වගේ නිවසේ STUDY ROOM එකක් හදන එකේ පරමාර්ථය තමයි දරුවන් තමන්ගේ ඉගෙනුම් කාලය සඳහා දක්වන අවධානය උපරිම කරවන එක. ඒක දරුවන්ට එයාලගේ ගුරුවරුන් සමඟ ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙලා ඉගෙන ගන්නත් හොඳ අවකාශයක් වෙනවා. මෙම ඉගෙනුම් කාමරය ඵලදායී තැනක් වෙන්න ඕනේ මිසක් විසිතුරු තැනක් වෙන්න ඕනේ නෑ.

 

අධ්‍යයන සටහන් (STUDY NOTES) සඳහා සරල මඟ පෙන්වීමක්

 

අතින් ලියන ලද අධ්‍යයන සටහන් සෑදීම ටිකක් මහන්සි වැඩක් තමයි. නමුත් දිනපතා ඒ හදපු සටහන් කියවීමට උත්සහ කිරීමෙන් දරුවන්ගේ මතකය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. නමුත් සාර්ථක අධ්‍යයන සටහන් නිර්මාණය කරන්නේ කොහොමද, සොයා බලන්න ඕනේ මොකක්ද දන්නවාද? අධ්‍යයන සටහන් නිර්මාණය කිරීමේදී මතක තබා ගත යුතු ප්‍රධානම දෙය තමයි සාරාංශ කිරීම !

 

ආරම්භ කරන විදිහ දරුවන්ට මෙහෙම කියලා දෙන්න :

 

  1. පෑනක් සහ කඩදාසි කීපයක් ගන්න. පාඩම් කිරීමේ වාසිය උපරිම කර ගැනීම සඳහා එම අධ්‍යයන සටහන් දරුවාගේ අතින් ලියන්න ඕනේ. පරිගණකයේ අධ්‍යයන සටහන් ටයිප් කිරීමට වඩා අතින් ලිවීමේ ක්‍රියාව ප්‍රයෝජනවත් වෙයි.

 

  1. පාඩම් පොතෙන් ප්‍රධානම වචන ටික අරන් ලියන්න. සියලුම විෂය ශීර්ෂයන් / උප සිරැසි / තද අකුරු(bolded words) හඳුනාගෙන ලිවීම ආරම්භ කරන්න. එක් එක් කොටසේ සහ ඒකකයේ ප්‍රධාන අදහස් සහ ප්‍රධාන කොටස් මොකක්ද කියලා හඳුනාගෙන ලියන්න.

 

  1. සාරාංශ කරන්න. සෑම මාතෘකාවක් යටතේම තොරතුරු සාරාංශ කරන්න. බුලට් පොයින්ට්ස් භාවිතා කරන්න. කෙටියෙන් ලියන්න. ප්‍රධාන කාරණය තිබෙන පරිච්ඡේද නැවත ලිවීම නෙමෙයි, ඒවායේ ප්‍රධාන අදහස් ටික සටහන් කිරීමයි.

 

  1. වාක්‍යයක් කියෙව්වාට පස්සේ ඔබේම වචන භාවිතා කරලා සටහන් වල නැවත ලියන්න. වඩාත්ම වැදගත් ලෙස කැපී පෙනෙන වචන දෙක තුන මොනවාද? ඒවා ලියන්න.

 

  1. අවුල් සහගත නොවන්න! අධ්‍යයන සටහන් වල දරුවාට හරියටම දැනෙන සටහන් පද්ධතියක් සංවර්ධනය කරන්න. වර්ණ, යටි ඉරි, ස්කෙච් ආදී මතක තබා ගැනීමට සහ තේරුම් ගැනීමට දරුවාට උපකාරවත් වන ඕනෑම දෙයක් අධ්‍යයන සටහන් තුළ යොදන එක සාර්ථක වැඩක් වෙයි.