උපත්පාලනය කළ හැකි හෝමෝන මුදු ගැන ඔබ දන්නවාද?

වර්තමානයේ කාන්තාවන්ට තෝරා ගැනීමට උපත් පාලන ක්‍රම බොහොමයක් තිබෙනවා. Vaginal ring හෙවත් හෝර්මෝන මුදුව කියන්නේ එවැනි එක් විකල්පයක් වන අතර මුඛයෙන් ලබාගන්න උපත්පාලන පෙති නිසා අතුරු ආබාධ අත්විඳින කාන්තාවන්ට මෙය වඩාත් සුදුසු වෙනවා. හෝර්මෝන මුදු ගැන වැඩි විස්තර දැනගැනීමට කියවන්න…

හෝර්මෝන මුදුව කියන්නේ කාන්තාවන් ගැබ් ගැනීම වළක්වන විකල්පයක් වන අතර එය කාන්තා ශරීරයේ ඇති ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් හෝමෝන මත ක්‍රියා කරනවා. එය භාවිතා කිරීම සඳහා අනිවාර්‍යෙන්ම වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන අතර අක්‍රමවත් ඔසප් කාල පරිච්ඡේද, ඔසප් වීමේදී ඇතිවන කැක්කුම සහ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි නාරිවේද රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ද වෛද්‍යවරුන් විසින් මෙම මුද්ද නිර්දේශ කරනු ලබනවා. ඔබට සුදුසුම උපත් පාලන ක්‍රමය මොකක්ද කියලා තීරණය කිරීමට හොඳම කෙනා ඔබේ වෛද්‍යවරයායි. 

 

හෝමෝන මුදුව ක්‍රියා කරන්නේ කොහොමද ?

හෝමෝන මුද්ද Nuva ring ලෙස ද හැඳින්වෙනවා. එය අඟල් 2 ක විෂ්කම්භයකින් යුතු කුඩා රවුමක් වන අතර එය රබර් පටියක් තරම් නම්‍යශීලීයි. ටැම්පොන් වගේම කාන්තාවකගේ යෝනි මාර්ගය තුළට මෙම මුද්ද ඇතුළු කරන්න ඕනේ. ඇය එය නිසි ස්ථානයේ සහ තනි භාවිතයකින් සකස් කර ගන්න ඕනේ. ඒ හරහා මෙම මුද්ද යෝනි කුහරය තුළ සති තුනක් පමණ තබා ගන්න පුළුවන්.

මෙම මුද්ද හරහා ගැහැණු හෝමෝන දෙකක් රඳවා තබා ගන්නවා. ඇතුළු කිරීම සිදු කළාට පස්සේ යෝනි මාර්ගයේ බිත්ති හෝමෝන ඖෂධ අවශෝෂණය කර ගනිමින් මුළු රුධිර ප්‍රවාහය හරහාම දුවන්න පටන් ගන්නවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ඩිම්බ කෝෂ වල ඩිම්බ නිෂ්පාදනය නතර කිරීමයි. හෝමෝන මගින් කාන්තාවගේ ගර්භාෂයේ බිත්ති හා ගැබ්ගෙලෙහි ස්වාභාවිකව ඇති ශ්ලේෂ්මලයට ධනාත්මක බලපෑමක් ඇති කරනවා.

 

හෝමෝන මුදුවේ ප්‍රතිලාභ

ඉහළ ඵලදායී බව – යෝනි වළල්ල ඉතා ඵලදායී ලෙස සැලකෙන්නේ එයින් අනවශ්‍ය ගැබ් ගැනීම් 99% කින් වළක්වා ගන්න පුළුවන් නිසායි. එහි ඵලදායීතාවය එහි භාවිතයේ යෝග්‍යතාවයට කෙලින්ම සමානුපාතික වන අතර එය බොහෝ කාන්තා උපත් පාලන ක්‍රම වලට සමාන වෙනවා.

තරුණ වියේදී ඵලදායී බව – ඔසප් චක්‍රයේ ආරම්භය අත්විඳලා තියන හා ක්‍රියාශීලී ලිංගික ජීවිතයක් ගත කිරීමට පටන් ගෙන ඇති බොහෝ තරුණියන් සඳහා මෙම මුද්ද ඵලදායී වෙනවා.

එය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමට උපකාරී වෙනවා – කොන්ඩම් සමඟ මෙම මුද්ද භාවිතා කරනකොට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පවා සම්පූර්ණයෙන්ම වළක්වනවා. ප්‍රශස්ත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියක් වත් කොන්ඩම් භාවිතා කිරීම මෙහිදී වැදගත් වෙනවා.

 

හෝමෝන මුදුව ඇතුල් කරන්නේ කොහොමද?

  • මුද්ද ඇතුළු කිරීමට පෙර ඔබ හොඳ සනීපාරක්ෂක පුරුදු පවත්වා ගැනීම වැදගත්. මුලින්ම අත් පිරිසිදු කරගෙන හා වියළා ගන්න.
  • එය කුඩා තීරු මල්ලක් තුළයි ඇසුරුම් කරලා තියෙන්නේ. එය භාවිතා කරලා පිටතට ගත්තාට පස්සේ මුද්ද ඉවත් කරන දවසට බැහැර කිරීම සඳහා එම මල්ල ඔබ ළඟ තබා ගන්න.
  • මුද්ද ඇතුළු කරන අතරතුර ඔබ සැහැල්ලුවෙන් සිටීම වැදගත්. ඒ නිසා ඔබේ නිදන කාමරයේ හෝ නාන කාමරය තුළට ගිහින් සුවපහසුවෙන් එය කිරීම වඩා සුදුසුයි.
  • ඔබ ඉන්න ඕනේ ඉරියව්ව ඔබේ මනාපය අනුව තීරණය වන අතර එය මූලික වශයෙන් ටැම්පොන් ඇතුළු කරන ආකාරයට සමාන වෙනවා. පුටුවක් මත එක් කකුලක් තබාගෙන සිටින අතරතුර ද ඔබට එය ඇතුළු කරන්න පුළුවන්.
  • ඇතුළු කරන අතරතුර මුද්ද ඔබේ මාපටැඟිල්ල සහ දබර ඇඟිල්ල අතර තබා ගන්න ඕනේ. වළල්ලේ පැති එකිනෙක ස්පර්ශ වන පරිදි එකට තබා ගන්න.
  • මුද්ද දැන් පහසුවෙන් යෝනි මාර්ගයට මෘදු ලෙස ඇතුල් කරන්න. ඒක හරියට කරන්න දන්න කෙනෙක්ගේ සහාය ඇතිව ද ඔබට එම ඇතුළත් කිරීම කරන්න පුළුවන්.

 

මතක තබා ගත යුතු කරුණු කිහිපයක්

  • මුද්ද ඔබේ යාේනිය තුළ සති තුනක් තබා ගන්න ඕනේ. අලුත් මුද්දක් ඇතුළත් කිරීමට පෙර ඔබ අවම වශයෙන් සතියක්වත් බලා සිටීම වැදගත්.
  • ඇතුළත් කිරීම හරියට කරලා නම් සාමාන්‍යයෙන් මූදුව වැටෙන්නේ නැ. යෝනි මාංශ පේශි වලට වළල්ල ඵලදායී ලෙස රඳවා තබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් ඇතුළු කිරීම සාර්ථක නැත්නම් හෝ උග්‍ර මළ බද්ධයෙන්, බඩවැල් ආශ්‍රිත රෝගයකින් පෙළෙන කාන්තාවක් නම් මුද්ද පිටතට වැටීමට ඉඩ තිබෙනවා.
  • මුද්ද අහම්බෙන් හරි වැටුණොත් එය හොඳට සීතල වතුරෙන් සෝදා හැකි ඉක්මණින් ඇතුළත් කරන්න ඕනේ.
  • මුද්ද විසින් ඔබේ ශරීරයට හෝමෝන ඖෂධ රැගෙන යන නිසා එය නිසි ලෙස ඉවත් කිරීම ද වැදගත්. මතක තබා ගන්න එය වැසිකිළියට දාල ෆ්ලශ් කරන්න එපා. බැහැර කරද්දී සීල් තැබූ මල්ලකට දාලා බඳුනකට දමන්න.