ඔබ ගර්භණීව සිටියදී COVID-19 වැළඳුණොත් වෙන්නේ මොකක්ද කියලා දන්නවාද ?

මේ ගෙවෙන්නේ අපි අපේ සෞඛ්‍ය සම්පන්න බව ගැන වෙන කවරදාටත් වඩා ඉතාම අවධානයෙන් ඉන්න ඕනේ කාලයක් බව ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. විශේෂයෙන් ගර්භණී අම්මලා ඒ ගැන දැඩි සැළකිල්ලක් දක්වන්න ඕනේ. නමුත් හදිසියේ හරි ගර්භණීව සිටියදී COVID-19 වැළඳුනොත් මොකද වෙන්නේ කියලා ගොඩක් අයට ප්‍රශ්න‍යක් තියනවා. අද අපි ඒ ගැනත්, අනිත් ගැටලු ගැනත් මේ ලිපියෙන් කතා කරනවා. 

COVID-19 වැළඳුන කාන්තාවන්ටත් අනිත් අයට වගේම සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ ඇතිවීම වගේ මෘදු හා මධ්‍යස්ථ රෝග ලක්ෂණ අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ගර්භණී සමයේදී කාන්තාවකගේ ශරීරයේ සිදුවන වෙනස්කම් නිසා ඔබේ රෝග ලක්ෂණ ඉතා සමීපව නිරීක්ෂණය කරනු ලබනවා. COVID-19 වැළඳුනත් බොහෝ කාන්තාවන්ට සහ ඔවුන්ගේ නූපන් දරුවන්ට කිසිදු අවදානමකින් තොරව සම්පූර්ණ සුවය ලබා ගන්න පුළුවන් සහ ප්‍රසූතිය කරන්න පුළුවන්.

 

ඔබ ගර්භණීව සිටියදී ඔබේ දරුවාට ද COVID-19 බෝ වෙන්න පුළුවන්ද?

COVID-19 මවගෙන් දරුවාට ලැබෙන්න පුළුවන් කියන කාරණය ඉතා මෑත අවස්ථා වලදී ලෝකයේ ඇති වුණු සිද්ධීන් වලින් අනාවරණය වෙලා තිබෙනවා. එය සිරස් සම්ප්‍රේෂණය ලෙසයි හැඳින්වෙන්නේ. කෙසේ වෙතත් ඒ කාරණය තවමත් විද්‍යාත්මකව සනාථ කරගෙන නැති අතර එය තවමත් අධ්‍යයන වල මුල් අවධියේයි පවතින්නේ. වෙනත් ශ්වසන රෝග සමඟ කළ පෙර අත්දැකීම්වලින් ඇඟවෙන්නේ ඔබේ දරුවාට කිසිදු හානියක් හෝ අඛණ්ඩ ගැටළුවක් ඇති නොවන බවයි.

 

තවමත් ඔබේ වෛද්‍ය හමුවීම් වලට යා යුතුද?

 

ගර්භණී සමයේදී නිසි පරිදි පරීක්‍ෂා කිරීම් කරන එක, ඔබේ සහ ඔබේ දරුවාගේ සෞඛ්‍යය නිරීක්ෂණය කරන එක වැදගත් වෙනවා. කෙසේ වෙතත්, මෙම කාලය තුළ ඔබ ඔබේ වෛද්‍යවරයා හෝ රෝහල වෙත යාම ගැන සැලකිලිමත් වෙන්න. ඔබගේ වෛද්‍ය හමුවීම්වල යම් වෙනසක් කිරීමට පෙර, ඔබ මුලින්ම ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීම වැදගත්.

ඔබ සහ ඔබේ දරුවා නිරෝගීව සිටිනවා නම් ඔබේ වෛද්‍යවරයා වෙත පැමිණෙන වාර ගණන ඔහු විසින් අඩු කරයි. නැත්නම් ඔබේ සමහර වෛද්‍ය හමුවීම් වෙනුවට වීඩියෝ ඇමතුම් භාවිතා කරන්න පුළුවන්ද කියලා වෛද්‍යවරයාගෙන් අහන්න.

 

ඔබ ගැබ්ගෙන මෑතකදී විදේශගත වී ආපසු පැමිණි කෙනෙක් නම් කුමක් කළ යුතුද?

 

ඕනෑම විදේශීය රටකින් ආවාට පස්සේ දින 14 ක් ඔබ නිරෝධායනය වෙන්න ඕනේ. දින 14 කට පසුව අසනීප වීමේ කිසිදු රෝග ලක්ෂණයක් ඔබට නොපෙන්වනවා නම් PCR පරීක්ෂණය නෙගටිව් නම් නිරෝධායනය අතහැරලා සුපුරුදු පරිදි ඉදිරියට යාමට ඔබට නිදහස තිබෙනවා. ඒත් ඔබෙන් යම් රෝගාබාධයක් පෙන්නුම් කරනවා නම්, ඔබේ දරුවා බිහි කිරීමට අදහස් කරන වෛද්‍යවරයා හෝ රෝහල අමතන්න. ඔබේ රෝග ලක්ෂණ සහ සංචාර ඉතිහාසය පිළිබඳව ඔවුන්ට සියල්ල පවසන්න. ඔවුන්ගේ උපදෙස් අනුගමනය කරන්න.

ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා දැන ගැනීමට ඔබට කොරොනා වයිරස් (COVID-19) රෝග ලක්‍ෂණ පරීක්‍ෂක (Symptom Checker) භාවිතා කරන්න පුළුවන්. Symptom Checker එකෙන් ඔබට වෛද්‍ය උපකාර ලබා ගැනීමට උපදෙස් දෙනවා නම් ඔබේ රෝග ලක්ෂණ සහ ඔබේ ගමන් ඉතිහාසය විස්තර කිරීම සඳහා රෝහලකට යාමට පෙර ඔබේ වෛද්‍යවරයා හෝ ඔබ යන රෝහල ඇමතීම ඉතා වැදගත්.

 

COVID-19 හි පොදු රෝග ලක්ෂණ 

  • උණ
  • කැස්ස හෝ කිවිසුම් යාම වගේ උණ ආශ්‍රිත රෝග ලක්ෂණ
  • හුස්ම ගැනීමේ අපහසුව. එය නියුමෝනියාව දක්වා වර්ධනය වෙන්න පුළුවන්
  • උගුර තුවාල වීම
  • තෙහෙට්ටුව

 

ඔබ flu shot එකක් ලබා ගන්න ඕනේද ?

 

ඔව්, සියලුම ගර්භණී කාන්තාවන් flu shot එකක් ලබා ගන්න ඕනේ. COVID-19 සහ උණ කියන්නේ විවිධ වෛරස් වර්ග වුණත් ගර්භණී සමයේදී අසනීප වීම වළක්වා ගැනීම සඳහා ඔබට කරන්න පුළුවන් සෑම දෙයක්ම කිරීම වැදගත්.

ඔබ ගර්භණීව සිටියදී උණ වැළඳීමෙන් ඔබට සහ ඔබේ දරුවාට බරපතල සංකූලතා ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබ තුළ සීතල හෝ උණ වගේ රෝග ලක්ෂණ වර්ධනය වීමට පටන් අරගන්නවා නම් වහාම ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් අමතන්න.

උණ එන්නත හරහා COVID-19 වලින් ඔබව ආරක්ෂා කෙරෙන්නේ නෑ. නමුත් එය ඔබගේ සහ ඔබේ දරුවාගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.

 

ඔබේ දරුවා ඉක්මණින් පැමිණීමට නියමිතයි නම් රෝහලේදී දරු ප්‍රසූතිය ඔබට ආරක්ෂිතද?

 

ඔබේ දරුවා රෝහලක තබා ගැනීමට ඔබ දැනටමත් සැලසුම් කර ඇත්නම්, ඒක තමයි ඔබට තියන ආරක්ෂිතම ස්ථානය. ඔබ සහ ඔබේ දරුවා ආරක්ෂිතව තබා ගැනීම සඳහා රෝහල් විසින් මේ වෙද්දී නව ක්‍රමවේදයන් කිහිපයක් හඳුන්වා දීලයි තියෙන්නේ.