එඩ්වර්ඩ්ස් සින්ඩ්‍රෝමය ගැන ඔබ දැනගත යුතුම දේවල්

එඩ්වර්ඩ්ස් සින්ඩ්රෝමය ලෙස හඳුන්වනු ලබන්නේ කුඩා දරුවන් හට දැඩිලෙස රෝගී තත්ත්වයන් ඇතිකරවන ජානමය රෝගී තත්ත්වයක්. මෙය 18වන වර්ණදේහයේ ඇතිවන අතිරේක පිටපතක් හේතුවෙන් ඇතිවන අතර මෙසේ උපත ලබන දරුවන් උපරිම සතියක පමණ කාලයක් පමණක් ජීවත් වනවා

 

එඩ්වර්ඩ්ස් සින්ඩ්රෝමය ඇතිවන්නේ කෙසේද?

මෙම සින්ඩ්රෝම තත්ත්වය සහිතව උපත ලබන දරුවන් තුළ වර්ණදේහ 18න් පිටපත් 2 වෙනුවට පිටපත් 3ක් හෝ කොටසක් තිබෙන අතර එය Trisomy 18 ලෙස හඳුන්වනු ලබනවා. මෙය සාමාන්යයෙන් කළලය නිර්මාණය වන අවධියේදි එසේ නොමැතිනම් ඩිම්බය ශුක්රාණුව සමග සම්බන්ධ වන කාලයේදි ඇති වූ ගැටළුවක් මත හෝ දරුවා ගර්භාෂය තුළ වර්ධනය වන අවධියේදි සිදුවූ ගැටළුවක් මත සිදුවිය හැක

බොහෝ විට මෙම සින්ඩ්රෝම තත්ත්වය සහිත දරුවන් ගබ්සා වීම, මළ දරු උපත් ලෙස හෝ අධි අසමානතා සහිතව උපත ලැබිය හැකියි. බොහෝ දරුවන් ඉපදී සතියක් තුළ මරණයට පත්වන අතර ඉතා කලාතුරකින් දරුවකු අවුරුද්දක් පමණ කල් ජීවත් විය හැකියි. එමෙන්ම මෙය බොහෝ විට ගැහැණු දරුවන් තුළ දැකිය හැකියි

 

එඩ්වර්ඩ්ස් සින්ඩ්රෝමය සහිතව උපදින දරුවන් තුළ ඇති ලක්ෂණ

ඉතා අඩු බරක්

ඉතා කුඩා හණු සහ හිස

මුහුණ සහ හිසෙහි පෙනුම අසාමාන් වීම

හුස්ම ගැනීමේ අපහසුතා

ඇසීමේ සහ පෙනීමේ දුර්වලතා

අත් පා වල විකෘතිතා

 

එඩ්වර්ඩ් සින්ඩ්රෝම තත්ත්වය හඳුනාගන්නේ කෙසේද?

මෙම රෝගී තත්ත්වය වෛද්යවරුන් හට ගර්භණී සමයේදි අනුමාන කිරීමට හැකි අතර මත ඔවුන් එම රෝගය විනිශ්චය කරනු ලබනවා

සාමාන්යයෙන් ගර්භණී සමයේ පළමු සති 11 සිට 13 දක්වා කාල සීමාවේදි සිදුකරනු ලබන මූලික රුධිර පරීක්ෂණ සහ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂාවන් සිදුකිරීමෙන් පසුව මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ඉඩ ඇති අතර සති 10 සිට ලබාගත non-invasive prenatal testing (NIPT) පරීක්ෂාවක් මගින් මෙම රෝගී තත්ත්වය තහවුරු කරගත හැකියි

නමුත් මෙම සින්ඩ්රෝමය හඳුනා ගත හැකි වඩාත් නිවැරදි ක්රමය වන්නේ ජානමය පරීක්ෂාවක් සිදුකිරීමයි. දරුවා ගර්භාෂය තුළ සිටියදීම chorionic villus sampling (CVS) ක්රමය මගින් හෝ amniocentesis නමැති පරීක්ෂණය මගින් පරීක්ෂා කළ හැකිය. නමුත් මෙම පරීක්ෂණ දෙකම ගබ්සා වීමේ අවධානම ඇති කරන අතර ඔබට සම්බන්ධව ඔබගේ ප්රසව හා නාරිවේද වෛද්යවරයා සමග සාකච්ඡා කළ හැකියි

ඇතැම් අවස්ථා වලදී මෙම සින්ඩ්රෝමය දරුවා උපත ලබන තුරුම විනිශ්චය අපහසු වනවා

 

එඩ්වඩ්ස් සින්ඩ්රෝමයප්රතිකාර කරන්නේ කෙසේද?

මෙම රෝගය සහිතව උපත ලබන දරුවන්ඵලදායි දිගුකාලීන ප්රතිකාර ක්රමයක් මෙතෙක් හඳුනාගෙන නැහැ. මළ දරු උපතක් සිදුවුවහොත් දෙමවුපියන් දුකට පත්වන අතර සජීවි දරු උපතක් සිදුවුවහොත් ඉතා කෙටි කලක් තුළ දරුවා මියයන බව දැන ඔවුන් නොමේරු ළදරු ඒකකයක කෙටි කලක් ජීවත්වන බව දැන  බලාපොරොත්තු අත් හැර සිටීමට ඔවුන්ට සිදුවනවා