ව්‍යාජ ප්‍රසූති වේදනා කියන්නෙ මොකක්ද?

දරු ප්රසූතියට ආසාන්නවත්ම ගැන දෙගිඩියාවකිනුයි සෑම කාන්තාවක්ම සිටින්නේ. විශේෂයෙන් සාමාන් දරු ප්රසූතිය සඳහා සූදානමින් සිටින කාන්තාවක් නම් මෙම තත්ත්වය දැඩිව ඔවුන් හට බලපානු ලබනවා. දරු ප්රසූතිය ආසන්න සමයේ ඔවුන් වෙත දැනෙන ඕනෑම සංවේදනයක් ප්රසූතියට අදාල ලක්ෂණයක් ලෙසයි ඔවුන් සිතන්නේ. ඔබත් ගර්භණී කාන්තාවක් නම් ව්යාජ ප්රසව ලක්ෂණ සහ ප්රසව වේදනාව හඳුනා ගන්නේ කෙසේද කියා ගැටළුවක් ඇති. මෙම ලිපිය මගින් අපි ඔබට ඉදිරිපත් කරන්නේ ව්යාජ ප්රසව ලක්ෂණ පිළිබඳවයි

ව්යාජ ප්රසූති වේදනා (False labor pains) Braxton Hicks contractions ලෙස හඳුන්වනු ලබනවා. මෙය ප්රසූති වේදනාවට සමාන පූර්ව අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. ගර්භණී සමයේ මුල් කාලයේ එනම් හතරවන මාසයේදි පමණ මෙම ව්යාජ ප්රසව ලක්ෂණ ඇතැම් කාන්තාවන්ට දැනිය හැකි අතර ප්රසූතිය ආසන්නවත්ම නිතර නිතර සිදුවීමට හැකිය. නමුත් සෑම ගර්භණී කාන්තාවක් තුළම මෙවැනි ව්යාජ ප්රසූති ලක්ෂණ ඇති වෙන්නෙ නෑ

 

ව්යාජ ප්රසූතියේ ලක්ෂණ

ක්රමාණුකූල නොවන හැකිලීම

උදරයේ ඇතිවන තද ස්වභාවය

ජලය පිටවීමක් සිදුනොවේ. නමුත් වේදනාව සමග යම් දියරයක් පිටවනු දැනෙනවා නම් එය බොහෝ දුරට මුත්රා විය හැකියි

විනාඩි 10ත් 20ත් අතර පරතරයකින් යුතුව දිනකට කිහිප වරක් මෙසේ වේදනාව දැනේ

රුධිර වහනයක් සිදු නොවේ

 

ඉහත අප සඳහන් කළ පරිදි මෙම ව්යාජ ප්රසූති ලක්ෂණ සෑම ගර්භණී කාන්තාවක් තුළම හට ගන්නේ නැහැ. නමුත් ඇතැම් අවස්තාවල ඔබ ගර්භණී කාන්තාවක් නම් මෙම ව්යාජ ප්රසූති ලක්ෂණ ඔබට සංවේදනය වීමට ඉඩ තිබේ

 

ව්යාජ ප්රසූති වේදනා ලක්ෂණ ඇතිවීම කෙරෙහි බලපානු ලබන හේතූ කාරක

පඩි නැගීම වැනි ශරීරය වෙහෙස වන ක්රියාකාරකම්

ලිංගික එක්වීම්

උදෑසන අවදිවන විට මුත්රාශය පිරී තිබීම

ඔබට උණ රෝගය වැළඳී හෝ සිරුර විජලනයට ලක්ව තිබීම

කුස තුළ සිටින දරුවාගේ චලනයන්

 

ව්යාජ ප්රසූති ලක්ෂණ ඔබට දැනෙන ආකාරය

ව්‍යාජ සංකෝචනය ඔබගේ උදරයේ සහ කොඳු ඇට පෙළ පහළ ප්රදේශයේ මාංශ පේශීන් තද කිරීමක් ලෙස දැනෙන අතර මෙම ලක්ෂණ එතරම් දිගු වේලාවක් පවතින්නෙ නැහැ. ගර්භණී සමයෙ අවසන් සති කිහිපය තුළ විටින් විට මෙම ලක්ෂණ ඇතිවනවා නම් ඔබගේ දරු ප්රසූතිය ළං වී ඇති බවට කරනු ලබන සංඥාවක් ලෙස මෙය දැක්විය හැකියි

 

දරු ප්රසූතියට අදාල වේදනා දැනෙන ආකාරය

දරු ප්රසූතියට ආසන්න වූ විට ගර්භාෂය හැකිලීම ආරම්භ කරන ලක්ෂණ ලෙස කොඳු ඇටපෙළ පහළ පෙදෙස, උදරයේ පහළ වේදනාවක් සහ අපහසුවක් දැනෙන අත ශ්රෝණිය ආශ්රිත පීඩනකාරි ස්වභාවයක් අත්විඳිය හැකියි. ඇතැම් කාන්තාවන්ට කලවා ආශ්රිත වේදනාවක් ඇතිවේ. මෙම වේදනාවන් විටින් විට කෙටි කාලසීමාවක් තුළ සිදුවන අතර ඔබ රෝහල්ගත වීම කළ යුතුයි

 

ව්යාජ ප්රසව වේදනා සමනය කිරීමට ගත හැකි පියවර

මද වේලාවක් ඇවිදින්න

නිදා සිටිනවා නම් ඉරියව්ව වෙනස් කරන්න

විවේකයක් ලබාගන්න

ජලය පානය කරන්න

ශරීරය සැහැල්ලු කිරීමට මද උණුසුම් ජලය ස්නානය කරන්න

සම්භාහනය කරන්න

 

මෙම සරල පියවරයන් මගින් වේදනාව සමනය විය යුතු නමුත් දිගටම පවතින්නේ නම් හෝ වෙනත් අපහසුතාවයක් දැනෙන්නේ නම් වෛද් උපදෙස් ලබාගත යුතුයි

 

වෛද්යවරයා ඇමතීම කළයුතු වන්නේ කුමන අවස්ථාවන්හීදි ?

දීප්තිමත් රතු පැහැයෙන් යුතුව රුධිරය වහනය වන්නේ නම්,

යෝනි මාර්ගයෙන් තරලයක් හෝ ජලය එක දිගට කාන්දු වන්නේ නම්,

උදරයේ සංකෝචනයන් සෑම මිනිත්තු 5කට වරක් සිදුවනවා නම් සහ එය පැයක පමණ කාලයක් තිබේ නම්,

සංකෝචනය වීම් හේතුවෙන් ඔබට ඇවිදීමේ අපහසුතාවක් දැනේ නම්,

දරුවාගේ චලනයන් සංවේදනය වීමේ වෙනසක් දැනේ නම් ආදි ලක්ෂණ ඇතිවිට වහාම රෝහල් ගතවීම හෝ වෛද්යවරයා ඇමතීම සිදුකළ යුතුයි

ගර්භණී සමයේ සති 37ට පෙර ඉහත ලක්ෂණ ඔබ අත්විඳිනවා නම් වහාම වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගැනීමෙන් නොමේරු දරු උපත් සඳහා වන අවදානම බැහැර කළ හැකියි. එසේ නොමැතිව සංවේදනයන් දැනෙන්නේ නම් ව්‍යාජ ප්‍රසූති ලක්ෂණ ද සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා.