Nuchal translucency ස්කෑන් එකක වැදගත්කම

ඔබේ ගර්භණී සමයේදී ඔබට ලබා ගන්න පුළුවන් පරීක්ෂණ සහ ස්කෑන් ගණනාවක් තිබෙනවා. Nuchal translucency ස්කෑන් එකක් කියන්නේ වර්ණදේහ වල තිබෙන අසාමාන්‍යතා ගණනාවක අවදානම හඳුනාගන්න පුළුවන් අල්ට්රා සවුන්ඩ් එකක්. ඒ ගැන අද අපි ඔබට තොරතුරු කියන්නම්.

 

Nuchal translucency scan කියන්නේ මොකක්ද ?

මේ ස්කෑන් එක බොහෝ ගර්භණී කාන්තාවන්ට ගර්භණී සති 12 ක් පමණ වෙනකොට කරන අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක්. ඔබ ස්කෑන් පරීක්‍ෂාවක් කිරීමට තීරණය කරනවා නම්, අල්ට්රා සවුන්ඩ් එක කරන සෞඛ්‍ය වෘත්තිකයා ඔබේ දරුවාගේ Nuchal translucency එක (ඔබේ දරුවාගේ බෙල්ලේ පිටුපස තරලයෙන් පුරවා ඇති ඉඩක්) මනියි.

 

Nuchal translucency ස්කෑන් පරීක්ෂණයක ප්‍රතිඵල මඟින් ඔබේ දරුවාට ඉහළ හෝ අඩු වර්ණදේහ අසාමාන්‍යතා සම්බන්ධව අවදානමක් තිබෙනවා ද කියලා ඔබට කියනවා. වර්ණදේහ අසාමාන්‍යතාවන්ට නිදසුන් වන්නේ ට්‍රයිසෝමි 21 (ඩවුන් සින්ඩ්‍රෝම්), ට්‍රයිසෝමි 18 (එඩ්වර්ඩ්ස් සින්ඩ්‍රෝම්) හෝ ට්‍රයිසෝමි 13 (Patau සින්ඩ්‍රෝම්) ය.

 

මේ ස්කෑන් එක මඟින් සොයන්නේ කුමක් ද?

 

Nuchal translucency එකේ ඝණකම වැඩිවීමෙන් වර්ණදේහ අසාමාන්‍යතාවයක් පෙන්නුම් කරනවා. නමුත් ඔබේ දරුවාට අනිවාර්යයෙන්ම අසාමාන්‍යතාවයක් ඇති බව හෝ නැතැයි කියලා ඒකෙන් ඔබට කියන්නේ නෑ. සාමාන්‍ය ජනගහනයට සාපේක්ෂව ඔබේ දරුවාට වර්ණදේහ අසාමාන්‍යතාවයක් ඇතිවීමේ ඉහළ අවදානමක් හෝ අවදානම අඩු දැයි යන්න ප්‍රතිඵල මඟින් ඔබට කියනවා.

 

Nuchal translucency ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්නේ කෙසේද සහ කවදාද?

ගර්භණී සති 11 ත් 14 ත් අතර කාලයකදී Nuchal translucency ස්කෑන් එකක් කෙරෙනවා. මෙය වෙනම ස්කෑන් එකක් විදියට හෝ ඔබේ දරුවාගේ සාමාන්‍ය දින ගණන බලන ස්කෑන් එකක් සමඟ කරන්නත් පුළුවන්. 

 

සාමාන්‍යයෙන් ස්කෑන් කිරීම සිදු කරනු ලබන්නේ ඔබේ උදරය හරහා වන නමුත් ඉඳහිට Nuchal translucency එක දකින්න පුළුවන් වෙන්නේ යෝනි මාර්ගික ස්කෑන් එකක් කිරීමෙන් පමණයි.

 

මෙම කාලය තුළ ඔබට රුධිර පරීක්ෂණයක් ද කරන්න පුළුවන්. වර්ණදේහ අසාමාන්‍යතාවයේ අවදානම පිළිබඳ වඩාත් නිවැරදි චිත්‍රයක් ලබා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයාට ඒකාබද්ධ පරීක්ෂණයේ (රුධිර පරීක්ෂාව සහ Nuchal translucency ස්කෑන්) ප්‍රතිඵල දෙස බලන්න පුළුවන්.

 

ඔබේ දරුවා අධි අවදානම් කාණ්ඩයට අයත් නම් කුමක් සිදු වෙයිද ?

 

වර්ණදේහ අසාමාන්‍යතාවයේ අවදානම ගණනය කිරීම සඳහා Nuchal translucency ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල පමණක් භාවිතා කෙරෙන්නේ නෑ. ඔබේ අවදානම ගණනය කිරීම සඳහා ඔබේ පළමු ත්‍රෛමාසිකයේදී කරපු පරීක්ෂණ සියල්ලම එකතු කරලා බලන්න ඕනේ. මවගේ වයස, ඔබේ දරුවාගේ nuchal translucency මිනුම්, කුස තුළ සිටින දරුවාගේ වයස, රුධිර පරීක්ෂණ සහ දරුවාගේ නාසික අස්ථිය මත පදනම් වූ ගණනය කිරීම් ආදිය ඒකට ඇතුළත් වෙනවා.

 

ඔබට 300 න් 1 ක් හෝ ඊට වැඩි අවදානමක් තිබේ නම් (උදා: 150 න් 1 ක්) ඔබ “වැඩි අවදානම” කාණ්ඩයට අයත් යැයි සැලකෙනවා.

 

ඔබ ඉහළ අවදානමක් ඇති අයෙක් ලෙස වර්ගීකරණය කළද, ඔබේ දරුවාට වර්ණදේහ අසාමාන්‍යතාවයක් නොමැති බව මතක තබා ගන්න. එහිදී ඔබව ජාන උපදේශකයෙකු වෙත යොමු කරන්න පුළුවන්. ඔවුන් ඔබට තියන විකල්පයන් සාකච්ඡා කරමින් chorionic villus sampling (CVS) හෝ amniocentesis වගේ රෝග විනිශ්චයන් සම්බන්ධ පරීක්ෂණයක් කිරීමට කැමති දැයි තීරණය කිරීමට ඔබට සහාය වෙයි. මෙම රෝග විනිශ්ච පරීක්ෂණ මඟින් ඔබේ දරුවාට වර්ණදේහ අසාමාන්‍යතාවයක් තිබේද නැද්ද යන්න නිශ්චිතවම කියන්න පුළුවන්. CVS හා amniocentesis වැනි පරීක්ෂණ ගබ්සා වීමේ කුඩා අවදානමක් දරනවා.

 

ඔබ අනිවාර්‍යෙන්ම මේ පරීක්ෂණය කර ගන්න ඕනේද ?

නෑ, එය ඔබේ තීරණයක්.

 

ඔබට Nuchal translucency ස්කෑන් පරීක්ෂණයක් කිරීමට තෝරා ගන්න පුළුවන්. නැත්නම් නිශ්චිත පිළිතුරක් ලබා ගැනීම සඳහා පෙර සඳහන් කළ රෝග විනිශ්චය පරීක්ෂණයකට කෙලින්ම යාම සඳහා ඔබට තීරණය කරන්න පුළුවන්. ගර්භණී සති 11 ඉඳන් ඔබට chorionic villus නියැඳි ලබා ගන්න පුළුවන්. නැත්නම් ගර්භණී සති 15 සිට amniocentesis ලබා ගන්න පුළුවන්.

 

එහෙමත් නැත්නම් ඔබට Nuchal translucency ස්කෑන් එක හෝ වෙනත් පරීක්ෂණ සිදු නොකිරීමට ද තීරණය කරන්න පුළුවන්.

 

මේ සෑම දෙයක් ගැනම ඔබ හොඳින් දැනුවත්ව සිටීමයි වැදගත් වෙන්නේ. ඒ අතර ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් සමඟ ඔබට ඇති විවිධ විකල්ප ගැන සාකච්ඡා කරන්න.