දරුවන් මාස 4 දී මුහුණදෙන නිදි චක්‍රය වෙනස් වීමේ ස්වභාවය කියන්නෙ මොකක්ද?

ඔබ අසා ඇති මාස 4ක් පමණ ගත වූ දරුවන් සිටින ඇතැම් මවුවරුන් කියනවාඅනේ බලන්නකෝ ඉපදුණු දවසේ ඉඳන් හොඳට නිදාගත්ත මගේ පොඩි බබා දැන් නිදාගන්නේම නැහැඑහෙමත් නැතිනම්දරුවා හොඳටම අඬනවා, නිදිකරන්න දෙන්නේ නැහැවැනි දෑ පවසනවා. එහෙමත් නැතිනම් මාස 3ත් 6ත් අතර වයසක කුඩා දරුවකු සිටීනම් ඔබ මේ අත්දැකීම විඳිනවා වෙන්න පුළුවන්. එසේනම් කලබල වන්න එපා. සාමාන්යයෙන් මාස 3ත් 5ත් අතර දරුවන්ගේ නිදාගැනීමේ රටාව වෙනස්වීම sleep regression මෙම අවධියේදි සිදුවනු ලබනවා. මෙම කාලසීමාව තුළදී කුඩා බිළිඳුන් ඉක්මණින් නින්දෙන් අවදි වීම, නිතර හැඬීම, නොසන්සුන්ව හැසිරීම, නින්දට යාම ප්රතික්ශේප කිරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. එම නිසා මෙය ඔබේ දරුවාට පමණක් ඇති අසනීපමය තත්ත්වයක් කියල ඔබ ආතතියට පත්වන්න එපා. එය බහුතරයක් දරුවන්ට පොදු සාමාන් තත්ත්වයක්

 

මාස 4න් නිදි චක්රය වෙනස් වීමේ තත්ත්වය (sleep regression) කොපමණ කාලයක් බලපානවාද?

මේ පිළිබඳව කරන ලද අධ්‍යනයන්ට අනුව අනාවරණය වී ඇත්තේ දරුවාට උපතේ සිට සති 15ක් පමණ ගතවීමෙන් පසු මෙම තත්ත්වය ඇතිවන බවත් සති 2 ත් සති 4ත් අතර කාලසීමාවක් මෙම තත්ත්වය පවතින බවත්.

 

මෙම තත්ත්වයට බලපාන හේතූන්?

සාමාන්යයෙන් ඔබේ දරුවා ඉපදීමෙන් පසු විශාල සංවර්ධන සංධිස්ථානයක් පසුකරන සමයක් තුළ සිදුවන වෙනස්කමක් ලෙස මෙම නිදිචක්රය වෙනස්වීමේ තත්ත්වය පැහැදිලි කිරීමට පුළුවන්. ඉපදීමෙන් මාස 4ක් වගේ කාලයක් ගතවන විට පසෙකට පෙරළීමට හැකි බව ඔවුන් වටහා ගන්නා අතර ඔවුන් සෑමවිටම උත්සහ කරන්නේ මෙය අත් හදා බැලීමටයි. එමනිසා ඔවුන් සෑමවිට විටම අවදි වී සිටීමට උත්සහ කරනවා.  

ඉපදී මාස හතරක් පමණ ගත වනවන විට දරුවන් අවට පරිසරය පිළිබඳ සංවේදී වෙමින් පවතිනවා. මෙසේ බාහිර පරිසරය පිළිබඳව ඔවුන් තුළ ඇති උනන්දුවත් නින්ද සඳහා ඇති අවධානය බිඳීමට හේතුවක් වනවා

 

දරුවාගේ නිදි චක්රය වෙනස් වෙමින් පවතින බව හඳුනා ගැනීමේ සංඥා

සාමාන්යයෙන් ඉපදීමෙන් පසු මාස 3ක් පමණ ගතවන විට දරුවන් අවධි නොවී එක දිගට පැය 5ක් පමණ නිදාගන්නවා ඇතැම් දරුවන් පැය 6ත් 7ත් අතර කාලයක් අඛණ්ඩව නින්දට පෙළඹෙනවා. නමුත් එක්වරම දරුවා

 

  1. නින්දෙන් කිහිපවරක් අවදිවීම
  2. දිවා කාලයේ නිතර නිතර පසෙකට පෙරළීම
  3. බාහිර පරිසරය පිළිබඳ දක්වන වැඩි අවධානය
  4. කිසිදු හේතුවකින් තොරව හැඬීම හෝ නොසන්සුන්කාරි ස්වභාවයක් දැක්වීම

 

ආදී ලක්ෂ​ණ පෙන්නුම් කරනවා නම් ඔබට පහසුවෙන් දරුවා නිදිචක්රය වෙනස් වන කාලසීමාව වෙත එළඹී ඇති බව වටහා ගැනීමට පුළුවන්කම ලැබෙනවා

 

නිදිචක්රය වෙනස් වීමේ ස්වභාවය කළමණාකරනය සඳහා අනුගමන කලහැකි සරල උපක්රම

දිවා කාලයේ නිවසේ වැඩකටයුතු, දරුවාගේ වැඩකටයුතු සමග කාර්යබහුල වන ඔබ දරුවාගේ නින්ද රාත්රී කාලයේ වෙනස්වීමෙන් පීඩාවට පත්වෙනවා. ඉතින් පහත සරළ පියවර අනුගමනය කිරීමෙන් ඔබට මෙම තත්ත්වය යම්තාක් දුරට පාලනය කර ගැනීමට හැකියි. එසේම ඔබ මතක තබාගත යුතුයි කිසිවිටකත් දරුවාගේ නින්ද අපට පාලනය කිරීමට නොහැකි බවත් අපට කළහැකි වන්නේ, හැකි උපරිමයෙන් දරුවාගෙ නින්ද සඳහා අවශ් පරිසරය සැකසීම බවත්

දරුවා සෑමවිටම තනිව නිදාගැනීම සඳහා හුරු කරන්න. අනවශ් පරිදි සෙලවීමෙන්, පැද්දීමෙන් හෝ තට්ටු දැමීමෙන් වළකින්න. මුලදී මෙය ඔබට අපහසු වීමට පුළුවන්, දරුවා ඇඳේ හෝ තොටිල්ලේ තබා තනිව නිදාගැනීමට තැබූ විට හැඬීම සාමාන්යයි. නමුත් ඔබ දරුවා අසල සිටිමින්, කතා කරමින් හෝ සෙමින් සෙමින් දරු නැළවිලි ගීයක් ගායනා කිරීමෙන් දරුවාට සාමාන් වීමට ඉඩ හරින්න

 

සෑමවිටම රාත්රියේ එකම වේලාවක් තුල දරුවා නින්දට යොමු කරන්න

දරුවාට ප්රමාණවත් නින්දක් ලබාදීමට උත්සාහ කරන්න. සාමාන්යයෙන් මාස 4ත් මාස 11ත් අතර දරුවකු සඳහා දිවා කාලයද ඇතුලත්ව පැය 12ත් 15ත් අතර නින්දක් ලබාදිය යුතුවනවා

දරුවා නින්දට පෙළඹෙන ආකාරයට කාමරය අඳුරු කරන්න.

දරුවා නින්දට යොමුකිරීම සඳහා අනවශ් පරිදි වෙහෙස නොකරන්න

නින්දට පෙර දරුවා හොඳින් පෝෂණය කරන්න.

දරුවා නිදන කාමරයෙහි උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් වන්න

දරුවා නින්දට පෙළඹෙන සංගීතයක් වාදනය වීමට ඉඩ හරින්න.

 

වෛද් උපදෙස් ලබා ගත යුතු වන්නේ

නිදි චක්රය වෙනස් වීමට මුහුණදෙන කාලයේදී sleep regression දරුවා තුළ පහත ලක්ෂණ ඇති වුවහොත් ඔබ වෛද් උපදෙස් ලබා ගත යුතු වනවා

 

  1. ආහාර ගැනීම ප්රතික්ෂේප කිරීම.
  2. බර වැඩිවීම අඩුවීම.
  3. මළපහ කිරීම සහ මුත්රා පිටවීම සැලකිය යුතු ලෙස අඩු වීම.

 

නිදි චක්‍රය වෙනස්වීමට භාජනය වන කාලසීමාව – sleep regression කිසිසේත්ම ඔබට විනෝදජනක කාලසීමාවක් නොවේ. මෙම කාලසීමාව ඔබටත් දරුවාටත් දෙදෙනාටම පීඩාකාරී කාලසීමාවක්. නමුත් ඔබ ඉන් ආතතියට පත්ව නොසිටීම වැදගත් වන අතරම සති කිහිපයක් තුළ දරුවාගේ නිදා ගැනීමේ රටාව සාමාන්‍ය පරිදි සකස් කරගත යුතු වනවා. හැකි සෑම විටම දරුවාට පහසුවෙන් නින්ද කරා යොමු වීමට අවශ්‍ය පරිසරය සැකසීමයි ඔබ කළ යුතු වැදගත් දෙය වන්නේ.