Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

ජීව්‍ය සහ අජීව්‍ය (Viable/ Non-Viable) ගැබ් ගැනීම් යනු කුමක්ද?

ගර්භණී සමයේ පළමු සති කිහිපය තුළ බෙහෙවින් ප්රවේසම් වන ලෙස ඔබට උපදෙස් ලැබෙනවා. එයට හේතුව වන්නේ කළලයේ මූලාරම්භ අවස්ථාවේදි ගර්භාෂයේ තැන්පත්ව ඇති බීජය ජීව් හෝ අජීව් වීමට අවදානමක් ඇති බැවිනි

ඔබත් දරුවකු අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන දැනුවත් වීම වැදගත් වනවා. එසේ නම් මේ ලිපිය ඔබටයි

 

සජීවි ගැබ් ගැනීමක් යනු කුමක්ද

සජීවි ගැබ් ගැනීමක් ලෙස හඳුන්වනු ලබන්නේ සාමාන් තත්ත්වයන් යටතේ ගර්භාෂයෙන් පිටත ජීවත් වීමට භ්‍රෑණයට ඇති හැකියාවයි. මේ සඳහා උපත් බර, කළලයේ වයස සහ යම් තාක්ෂණික හේතුකාරකත් බලපානු ලබනවා. කළලයට සති 22 සිට 25 අතර කාලසීමාවේදි වෛද්යවරුන් විසින් කළලයේ සජීවි බව පිළිබඳ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ මත පදනම්ව තීරණය කරනු ලබනවා

 

කළලයෙ සජීවි බව නිගමනය කරන්නේ කවදාද?

කළලයේ සජීවි බව රදාපවතින සාධක වන්නේ

  • මවගේ සෞඛ් තත්ත්වය
  • වර්ණදේහ අසමානතා
  • උපත් සහ ජනන විශේෂ පහසුකම් (විශේෂයෙන් NICU පහසුකම් ) තිබේද යන්න මත පදනම්ව මෙය තීරණය කරනු ලබනවා

 

සජීවි නොවන ගැබ් ගැනීම යනු මොනවාද?

භ්‍රෑණය තවදුරටත් වර්ධනය නොවන සහ ජීවි බව රැක ගැනීමට කිසිදු අවකාශයක් නොමැති අවස්ථා අජීවි ගැබ් ගැනීම් ලෙස සලකනු ලබනවා. ගර්භණී සමයේ මුල් සති කිහිපය තුළ බොහෝ විට අජීවි කළලයන් ගබ්සා වන අතර මුල් සති කිහිපයේ යෝනි මාර්ගයෙන් රුධිර වහනය සහ උදරයේ වේදනාව බොහෝ විට අජීවි ගැබ් ගැනීමක ලක්ෂණ වනවා. වෛද්යවරුන් මෙම තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා pelvic ultrasonography පරීක්ෂණ සහ serum hCG measurement රුධිර පරීක්ෂණ වාර්තාව භාවිතා කරනු ලබනවා

 

අජීවි ගැබ් ගැනීම් සඳහා බලපාන හේතු

රසායනික ගැබ් ගැනීම – Chemical pregnancy

මෙහිදි කළලය තවදුරටත් වර්ධනය නොවන අතර බොහෝවිට පළමු ත්රෛමාසිකය තුළදී අවසන් වනවා. ගර්භණී පරීක්ෂාවන් වලදි ධනාත්මක ප්‍රතිඵල පෙන්නුවත් කළලය වර්ධනය වෙන්නේ නැහැ

 

මවුලික ගැබ් ගැනීම – Molar pregnancy

මෙම ගර්භණී තත්ත්වය යටතේ දි සෛල භ්‍රෑණයක් ලෙස වර්ධනය වනවා වෙනුවට අසාමාන් ලෙස ගර්භාෂය තුළ වර්ධනය වීම සිදුවනවා. යෝනියේ අපහසුතා, රුධිර වහනය, යෝනියෙන් ශ්රාවයක් පිටවීම වැනි සංකූලතා දැකිය හැකි වනවා

 

එප්ටොපික් ගැබ් ගැනීම් – Ectopic pregnancy

පැලෝපීය නාල, ගැබ්ගෙල වැනි ගර්භාෂයෙන් පිටත සිදුවන ගැබ් ගැනීම් එප්ටොපික් ගැබ් ගැනීම් ලෙස හඳුන්වනු ලබන අතර මෙවැනි ගැබ් ගැනීම් අජීවි ගැබ් ගැනීම් ලෙසටයි හඳුන්වනු ලබන්නේ

 

ප්රධාන වශයෙන් ඉහත හේතුන් තුන බලපාන අතර ඊට අමතරව Blighted ovum, ජානමය අසමානතා තත්ත්වයන් (Congenital anomalies) සහ භ්‍රෑණයේ අක්රමවත් හෘද ස්පන්දනය, නොමේරු කළලය වැනි විවිධ හේතුන් අජීවි ගැබ්ගැනීම් ඇතිවීමට බලපානු ලබනවා

 

ගර්භණී සමයේ මුලදී සිදුකරන ස්කෑන් පරීක්ෂණ

  •  සජීවි කළලයක් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා පළමු සති 6ත් 10ත් අතර කාලසීමාවේදි ස්කෑන් පරික්ෂාව කරනු ලබනවා
  •  එමගින් සජිවි කළලයක්ද? කළලයේ හෘද ස්පන්දනය, ගර්භාෂයේ තත්ත්වය ආදිය පරීක්ෂා කරනු ලබනවා
  •  විශේෂයෙන් උදරයේ වේදනාවක් ඇති හෝ රුධිර වහනය සිදුවන අවස්ථාවලදි සහ පෙර ගබ්සාවීම් සිදුවූ කාන්තාවන් සඳහා මෙම ස්කෑන් පරීක්ෂණ වෛද්යවරුන් සිදුකරනු ලබනවා

 

වඩාත් නිවැරදි ප්‍රතිඵල සඳහා ඇතැම් විට සාමාන් අල්ට්රා සවුන් පරීක්ෂණයට වඩා යෝනිය ඔස්සේ සිදුකරනු ලබන transvaginal ultrasound පරීක්ෂණය හෝ transabdominal පරීක්ෂණය සිදුකිරීමටද ඉඩ තිබෙනවා. එහිදි පහත ලක්ෂණ සහිත නම් එය සජීවි ගැබ් ගැනීමක් ලෙසට හඳුන්වනු ලබනවා

 

  • හෘද ස්පන්දනය සහිත භ්‍රෑණයක් සහ එය පිහිටි මල්ල (gestational sac) හඳුනා ගැනීමට හැකිනම්
  • එහි දිග 6mm වැඩි නම්
  • ස්කෑන් පරීක්ෂණය මගින් පහසුවෙන් කළලය සහ මල්ල සහ එහි ද්‍රාවණ හඳුනා ගත හැකිනම්

 

සාමාන්යයෙන් ගර්භණී කාලයේ මුල් සති පහත් හයත් අතර කාලය වනවිට ඉහත සියල්ල හඳුනා ගැනීමට හැකියි. ඉහත ලක්ෂණ කිසිවක් හඳුනා ගැනීමට නොහැකිනම් එය අජීවි ගැබ් ගැනීමක් ලෙස හඳුන්වනු ලබනවා

 

අජීවි ගැබ් ගැනීම් තීරණය කරනු ලබන සාධක

  • හෘද ස්පන්දනය හඳුනාගත නොහැකි වීම
  •  කළලයක් දැකිය නොහැකිවීම
  • ස්කෑන් පරීක්ෂණයෙන් සති දෙකකට පසුවත් හෘද ස්පන්දනය, කළලයක් දැකිය නොහැකි ඇතර තරලය සහිත සැක් එක පමණක් දැකිය හැකියි

 

අජීවි ගැබ්ගැනීම් කළමනාකරණය කිරීමට ‍ක්‍රමයන් තිබෙනවාද?

අජීවි ගැබ් ගැනීමකදී හෝ ගබ්සා වීමකදී නැවත ගැබ් ගැනීමක් සඳහා පසුබිම සැකසෙන ලෙස පහත ක්රමයන් මගින් අජීවි ගැබ් ගැනීම කළමණාකරණය කළ හැකියි

Expectant management – මෙහි දි ශල්යකර්මයකට හෝ ඖෂධ ලබාදීමකින් තොරව ස්වභාවිකවම එය ගබ්සා වීමට යම් කාලසීමාවක් ලබාදෙනවා. එසේ ස්වභාවිකවම ඉවත් නොවුණහොත් වෛද්යවරුන් වෙනත් ක්රමයන් භාවිතා කරනවා

Medicin – ඇතැම් අවස්තාවලදී වෛද්යවරුන් අජීවි ගැබ් ගැනීම් ශරීරයෙන් ඉවත් කිරීම සඳහා ඖෂධ ලබාදෙනු ලබනවා. ඖෂධ ලබාගැනීමෙන් පසු ඇතැම් විට අධික රුධිර වහනයක් හෝ අධික වේදනාවක් ඇති වන්නේ නම් වෛද් උපදෙස් ලබාගත යුතු වනවා

Surgery – අජීවි කළලය ඉවත් කිරීම සඳහා dilation and evacuation or D&E නමින් හැඳින්වෙන සුලු ශල්යකර්මයක් සිදුකරනු ලබනවා. මේ සඳහා මිනිත්තු කිහිපයක් පමණක් ගතවනු ලබනවා

 

ඔබත් මවක් වීමට අපේක්ෂාවෙන් සිටිනවා නම් ගර්භණීත්වයට අදාල සියලු කරුණු ගැන සුලු වශයෙන් හෝ අවබෝධයක් තිබීම වැදගත් වනවා. ගර්භණී සමයේ මුල් අවධියේදි විශේෂයෙන් සැලකිලිමත්වීම සහ සුළු හෝ ගැටළුවක් ඇතිවිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් බවයි Baby and Me අපගේ උපදෙස වන්නේ. 

 

 

«

»