ඔබේ ළදරුවා කහ පාට වන්නේ ඇයි? – 1 කොටස

උපතින් දින දෙක තුනකට පසු ඔබේ දරුවාගේ සම කහ පැහැයක් ගැනීම සෙංගමාලය ලෙස හැඳින්වෙනවා. දරුවා ඉපදී පළමු සතිය තුළදී සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ළදරුවන් තුළත් සෙංගමාලය ඇති වෙන්න පුළුවන්.

ගර්භණී සති 38 කට පමණ පසු උපත ලබන ළදරුවන්ගෙන් 60% කට පමණ සෙංගමාලය ඇති වෙන්න පුළුවන්. අසු වයසින් උපත ලද හෝ අසනීපව සිටින ළදරුවන් තුළ මෙය වඩාත් සුලභ දක්නට ලැබෙනවා.

සමහර ළදරුවන්ට සෙංගමාලය සඳහා ප්‍රතිකාර අවශ්‍ය වන අතර බොහෝ විට සෙංගමාලය සතියකට දෙකකට වඩා දිගු කාලයක් පවතින්නේ නැහැ. එය ප්‍රතිකාර නැතුවම අඩුවෙලා යනවා. 

 

සෙංගමාලය ඇතිවීමට හේතුව කුමක්ද?

සෙංගමාලය ඇතිවන්නේ දරුවාගේ ශරීරයේ bilirubin නම් රසායනිකය ඉහළ මට්ටමක පැවතීම නිසායි.

අඛණ්ඩව රතු රුධිර සෛල නිපදවීම සහ බිඳවැටීම සාමාන්‍ය වැඩුණු පුද්ගලයන්ට වගේම උපතට පෙර සහ පසු ළදරුවන්ටත් පොදු කාරණයක්. රතු රුධිරාණු වල ඇති හිමොග්ලොබින් bilirubin ඇතුළු කුඩා රසායනික ද්‍රව්‍ය වලට කැඩී යනවා.

දරුවා උපත ලැබීමට පෙර කුස තුළ සිටියදී bilirubin වැදෑමහ හරහා මවගේ රුධිරයට වෙත මාරු වෙනවා.

දරුවා ඉපදුණු පසු, bilirubin ඉවත් කිරීමේ කාර්යය එක්වරම දරුවාගේ අක්මාව භාර ගත යුතු අතර මෙය සම්පූර්ණයෙන් කළමනාකරණය කිරීමට අක්මාවට දින කිහිපයක් ගතවෙනවා. මේ නිසා රුධිරයේ bilirubin මට්ටම ඉහළ යෑමෙන් දරුවා කහපාට වෙන්න පුළුවන්.

 

සෙංගමාලය වැළඳෙන්නේ කුමන ළදරුවන්ටද?

 

දින කිහිපයක් ගත වන තුරු සියළුම ළදරුවන්ගේ bilirubin මට්ටම ඉහළයි. නමුත් සම්පූර්ණයෙන් නිරෝගී දරුවන්ගේ මේ බව පෙන්නුම් කරන්නේ නැහැ. පෙනුනත් එය සාමාන්‍යයෙන් අවම මට්ටමක පවතිනවා සහ ගැටළුවක් ඇතිවන තත්ත්වයක් නෙවෙයි. 

සමහර ළදරුවන් උපත ලබනකොට තැලීම් විශාල ප්‍රමාණයක් ඇතිවෙන අතර, එම තැලීම් වල ඇති හානි වූ රතු රුධිර සෛල බිඳදැමිය යුතු නිසා රුධිරයේ bilirubin මට්ටම ඉහළ යන්න පුළුවන්.

ඒ වගේම සමහර මව්කිරි බොන ළදරුවන්ට සෙංගමාලය ඇති අතර එය සති කිහිපයක් පැවතිය හැක. මෙයට හේතුව මව්කිරි වල ඇති ප්‍රෝටීනයක් නිසා සෙංගමාල ලකුණු පෙන්වීමට තරම් bilirubin ඉහළ මට්ටමකට පැමිණීමයි. නමුත් එය හානියක් කිරීමට තරම් ඉහළ මට්ටමක නැහැ.

සමහර ළදරුවන් තුළ, විශේෂයෙන් නොමේරූ ළදරුවන් හෝ වෙනත් හේතුවක් නිසා අසනීප වූ ළදරුවන්ගේ bilirubin මට්ටම ඉහළයි.

මවගේ රුධිර කාණ්ඩයට වඩා වෙනස් රුධිර කාණ්ඩයක් ඇති සමහර ළදරුවන්ට සෙංගමාලයද ඇතිවිය හැක.

 

සෙංගමාලය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු

මධ්‍යස්ථ මට්ටමේ bilirubin සහිත ළදරුවන්ට සාමාන්‍යට වඩා ටිකක් නිදිමත විය හැකි අතර හොඳින් කිරි බොන්නේ නැහැ. කිරිබීමට ඔවුන් දිරිමත් කිරීම ඔවුන්ගේ bilirubin මට්ටම අඩු කරන්න උදව්වෙනවා.

ළදරුවෙකුගේ රුධිරයේ bilirubin මට්ටම අතිශයින් ඉහළ ගියහොත්, එය ශ්‍රවණය, දර්ශනය සහ චලනය පාලනය කිරීමට බලපාන කොටස් ඇතුළු මොළයේ කොටස් වලට හානි කර වෙන්න පුළුවන්.

හානිකර වන bilirubin මට්ටම රඳා පවතින්නේ දරුවා කෙතරම් පරිණතද සහ කොතරම් නිරෝගීද යන්න මතයි. නිරෝගී හොඳින් වැඩුණ ශරුවෙකුට අසනීප හෝ නොමේරූ ළදරුවෙකුට වඩා හොඳින් bilirubin මට්ටම ඉහළ යාමට මුහුණ දෙන්න පුළුවන්. 

 

සෙංගමාලය කියන්නෙ කුමක්ද, එයින් ඔබේ දරුවාට විය හැකි හානිය සහ සෙංගමාලය ඇතිවීමට හේතු අපි මේ ලිපියෙන් දැනගත්තනෙ. සෙංගමාල ලක්ෂ​ණ හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ ඒ සඳහා ඔබට කළ හැකි දේ ගැන අපි ඊළඟ ලිපියෙන් දැනුවත් වෙමු.