ඔබේ දරුවා කහ පාට වන්නේ නම් කළ හැකි දේ මොනවාද? – 2 කොටස

සෙංගමාලය සහ දරුවා කහ වීමට බලපාන හේතු ගැන අපි කලින් ලිපියේ කතා කළා ඔබට මතක ඇති. පොරොන්දු උන විදියටම අද මේ ලිපියෙන් අපි අරන් ආවෙ සෙංගමාලය හඳුනාගන්නා ආකාරය සහ ප්‍රතිකාර ගැනයි. 

 

සෙංගමාලය සඳහා පරීක්ෂණ 

ඉපදී පළමු දින දෙක තුළ බොහෝ ළදරුවන් ගෙදර යවන බැවින්, සෙංගමාලය වැළඳීමේ ලකුණු පෙන්නනවාදැයි දෙමාපියන් දරුවා ගැන අවධානයෙන් සිටිය යුතුයි.

සෙංගමාලය මුලින්ම පෙනෙන්නේ මුහුණ සහ හිස මතයි. bilirubin මට්ටම ඉහළ ගියහොත් එය ශරීරය මත දිස්වනු ඇති අතර එය ඊටත් වඩා ඉහළට ගියහොත් එය අත් සහ පාදවල පාද මත දිස්වෙයි.

මෙය බැලීමට සරල පරීක්ෂණයක් නම් ඔබේ දරුවාගේ නාසය කෙළවරේ හෝ නළලේ ඔබේ ඇඟිල්ල මෘදු ලෙස තද කරන්න. ඔබ ඔබේ ඇඟිල්ල එසවූ විට තද කළ තැන සම සුදු නම්, සෙංගමාලය නැහැ. කහ පැහැයක් තිබේ නම්, වෛද්‍යවරයා අමතන්න.

දරුවෙකු සෙංගමාලය වැළඳී ඇති බවක් පෙනෙන්නට තිබේ නම්, bilirubin මට්ටම දැන ගැනීමට රුධිර පරීක්ෂණයක් කළ හැකි අතර, ප්‍රතිකාර පිළිබඳ තීරණය වන්නේ bilirubin මට්ටම හා දරුවා කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න මතයි.

 

සෙංගමාලය සඳහා ප්‍රතිකාර කිරීම

සෙංගමාලය ඇති බොහෝ ළදරුවන්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. අක්මාව පරිණත වන විට, එය බඩවැල් හරහා පිටවිය හැකි ලෙස bilirubin වෙනත් රසායනික ද්‍රව්‍ය බවට බිඳ දමනවා.

සෙංගමාල තත්ත්වය ඇති දරුවන් හට ෆොටෝතෙරපි නැත්නම් ලයිට් තෙරපි නම් ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා වෙනවා. මෙහිදී, 

ළදරුවන් උණුසුම් ආවරණයකින් යුත් කොට් එකක තබනු ඇත. 

ඔවුන්ගේ ඇස්වලට ඉහළින් eye shields වලින් ආවරණය කරනවා.

ඔවුන්ගේ සම මත උපරිම ආලෝක ප්‍රමාණයක් වැටෙන පරිදි ඔවුන් නිරුවතින් තබා සාත්තු කරනු ලබයි.

ඔවුන් phototherapy කරන අතරතුර ඔවුන්ට බොහෝ ආහාර අවශ්‍ය වෙන්න පුළුවන්. මව්කිරි දෙන්නේ නම්, පළමු දින කිහිපය සඳහා දරුවා දිනකට 8-12 වාරයක් කිරි ලබාදිය යුතුයි.

හැකි තරම් ඔබේ දරුවා රැකබලා ගැනීමට ඔබව දිරිමත් කරනු ඇත.

ඔබේ දරුවාට තවදුරටත් phototherapy අවශ්‍යද යන්න දැනගැනීමට රුධිර පරීක්ෂාවන් සාමාන්‍යයෙන් දිනපතා සිදු කෙරෙනවා.

Bilirubin මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතී නම්, දරුවාගේ රුධිරයට වෙනත් රුධිරයකින් ආදේශ කරනු ලැබේ, සමහර විට රුධිරය මවගෙන් ලබාගන්නවා. මෙය ඉතාම කලාතුරකින් සිදුවන දෙයක්.

හිරු එළියේ අහිතකර බලපෑම් සහ පිළිස්සීම් වලට ලක්විය හැකි නිසා සෙංගමාලය සඳහා ප්‍රතිකාරයක් ලෙස හිරු එළියට නිරාවරණය වීම තවදුරටත් නිර්දේශ කරන්නෙ නැහැ.

 

සෙංගමාලය ගැන ඔබට කළ හැකි දේ

දරුවා කහ පැහැයක් ගනී නම්, දරුවා වෛද්‍යවරයකු, මිඩ් වයිෆ් හෝ ළමා සෞඛ්‍ය හෙදියකගේ පරීක්ෂාවට ලක් කිරීමට වග බලා ගන්න.

ඔබේ දරුවා අසනීපයෙන් සිටින බවක් පෙනේ නම් (නිදසුනක් වශයෙන් හොඳින් පෝෂණය නොවීම හෝ උණ ඇතිවීම), සහ කහ පැහැයක් පෙනෙන්නට පටන් ගෙන තිබේ නම්, ළදරුවා ඉක්මණින් පරීක්ෂා කිරීම වඩා වැදගත්.

ඔබේ දරුවා සෞඛ්‍ය සම්පන්න නමුත් සෙංගමාල ලක්ශණ පෙන්නනවා නම් සහ මව්කිරෙන් පෝශණය වෙනවා නම්, එය මව්කිරෙන් ඇති වන සෙංගමාල තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් ඔබේ දරුවාට වඩා සුදුසුම මව්කිරි නිසා මෙවැනි තත්ත්වයක් ඇතිනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕන. මව්කිරි නතර කළ යුතු අවස්ථාවක් එළඹෙන්නෙ ඉතාම කලාතුරකින්. 

වක්‍ර ආලෝකය (සූර්යයාගෙන් සෘජු ආලෝකය නොවේ) ඇති කවුළුවක් අසල ළදරුවෙකු තැබීම නිර්දේශ කළ හැකි නමුත් මෙය ෆොටෝතෙරපි ආකාරයෙන් සාර්ථක වන ක්‍රමයක් නෙවෙයි.