දරුවාගේ පෞරුෂත්වය පිළිබඳව දෙමවුපියන් ලෙස ඔබ දැනගත යුතු කාරණා

බොහෝ දෙමවුපියන් දරුවන් ඉතා කුඩා වියේදීම විවිධ ගති ලක්ෂණ දරුවාට ආරෝපණය කිරීමට උත්සාහ දරනවා. මවපියා පමණක් නොවේ නිවසේ සිටින වැඩිහිටියන් මෙම කාර්යය සඳහා බොහො විට යොමුවනවා. ඇතැම් දෙමවුපියන්ට අනුව තම දරුවා ඉතා ලැජ්ජාශීලි කුළෑටි ගති ලක්ෂණ සහිත වෙන්නකු හෝ අති සංවේදී ගති පැවතුම් ඇති දරුවකු යැයි හැඟෙන අතර ඇතැම් දෙමවුපියනට තම දරුවා සතුටින් සිටින්නෙකුයැයි හැඟීමට ඉඩ තිබෙනවා. එසේ බාහිරව කුමන ආකාරයේ ඉඟි දැකිය හැකි වුවත් දරුවකුගේ සැබෑ පෞර්ෂය ඉස්මතු වීමට යම් කාල සීමාවක් ගතවනවා. දරුවා කුඩා කල සිටම අධ්‍යනය කිරීමෙන් සහ අවධානය යොමු කිරීමෙන් දරුවා සාර්ථකව ඇතිදැඩි කිරීමට හැකියාව ලැබෙන අතර සඳහා නිවැරදි ශිල්පීය ක්රම භාවිතා කළ හැකියි

 

චිත්ත ස්වභාවය පෞරුෂත්වයට වඩා වෙනස් වන්නේ කෙසේද?

චිත්ත ස්වභාවය යනු දරුවන් තුළ වයස් සීමාවන් තුළදී දැකිය හැකිවන ගති ස්වභාවයන් වන අතර පෞරුෂත්වය යනු පුද්ගලයකුගේ චිත්ත අභ්යන්තරයේ ඇති චර්යාවන්ගේ සහ ආකල්පයන්ගේ එකතුවක්. බොහෝ විට දරුවකුගේ පෞරුෂත්වය දරුවන් නව යොවුන් වියේ පසුවන විට දැකිය හැකිවනවා. වනතෙක් එය බොහෝ විට වෙනස් වෙමින් පවතිනවා

 

ළමුන් තුළ ඇතිවන ගතිලක්ෂණ වල විවිධ ස්වරූපයන් මොනවාද?

  1. හෘද සාක්ෂියට එකඟවීම
  2. එකඟතාවයට පත්වීම
  3. අලුත් අලුත් අත්දැකීම් ලබාගැනීමට ඇති කැමැත්ත
  4. ස්නයු ක්රියාකාරිත්වය

 

දෙමවුපියන්ට දරුවන්ගේ පෞරුෂත්වයට අනුගත විය හැකි ආකාර කිහිපයක් 

දරුවන් තුළ විවිධ පෞරුෂයන් දැකිය හැකි අතර ඇතැම් දරුවකුගේ ශක්තිමත් බව ඇතැම් දරුවකුගේ දුර්වලතාවයයි. දෙමවුපියන් ලෙස ඔබ දරුවා තුළ ඇති විශේෂ දක්ෂතා, ගති ලක්ෂණ සහ වෙනස්කම් හඳුනාගැනීමයි. දරුවා ලොකු මහත් කරන්නේ කෙසේද යන්න ඔබ දැන සිටිය යුතුයි. ඔබට ඒ සඳහා උපකාරි වන සරළ පියවර කිහිපයක්

 

දරුවාගේ පෞරුෂය අධ්යනය කරන්න

දරුවා ගැන අධ්යනය කරන්න. ඔහු හෝ ඇය අන් අය සමග කටයුතු කරන ආකාරය සහ හැසිරීම රටාව නිරීක්ශණය කරන්න. එවිට ඔබට දරුවා නිර්භය, ලැජ්ජාශීලි හෝ එඩිතර ගති ලක්ෂණ ඇතිදැයි අවධානය යොමු කරන්න. දරුවාගේ ශක්ති ප්රමාණය, දුකට පත්වූ විට, කෝපයට පත්වූ විට දරුවා හැසිරෙන ආකාරය ගැන අධ්යනය මගින් දරුවාගේ පෞරුෂත්වය ගැන වටහා ගත හැක

 

දරුවාගේ පුද්ගලික අනන්යතාවය අගය කරන්න

දෙමවුපිය අපේක්ෂාවන් වලට වඩා දරුවන්ගේ හැසිරීම වෙනස් වනවා. උදාහරණයක් ලෙස දෙමවුපියන් තම දරුවා ටෙනිස් ක්රිඩාවේ නිරත වනවාට කැමති වුවත් දරුවා ඇතැම් විට පොත් කියවීමට වඩාත් කැමති විය හැකියි. ඔබේ ගති ලක්ෂණ අඩු හෝ වැඩි වශයෙන් දරුවා තුළ තිබීමට ඉඩ තිබෙනවා. එමනිසා ඇතැම් විට ඝට්ටනයන් ඇතිවීමට අවකාශය පැවතියත් ඔබ කළ යුත්තේ දරුවා තුළ ඇති පෞරුෂත්වය පිළිගැනීමයි. දරුවාගේ ඇතැම් හැසිරීම් අනුමත කළ නොහැකි වුවත් පසු කාලීනව ධනාත්මක බලපෑම් එල්ල කිරීම මගින් ඔබට ඒවා වෙනස් කර ගත හැකිවනවා. නමුත් මුල් අවස්තාවේදී ඔබ එය පිළිගැනීම, අගය කිරීම ඉතා වැදගත්

 

සහකම්පනය දක්වන්න

ඇතැම් විට දරුවාගේ යම් යම් පෞරුෂත්වය තුළ ඇති ගුණාංග සම්බන්ධයෙන් ඔබ කළකිරීමට පත්වීමට ඉඩ තිබෙනවා. ඔබගේත් දරුවාගේත් යම් යම් දේ ගැන ඇති කැමැත්ත පරස්පරවීමට හැකියි. එවැනි අවස්ථාවල යම් ගැටළුකාරි තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. එවිට දරුවාගේ කෝණයෙන් එම කරුණ දෙස බලන්න. උදාහරණයක් ලෙස යම් කරුණක් සඳහා හුරු වීමට දරුවාට යම් කාලසීමාවක් අවශ් නම් එය දරුවාට ලබාදෙන්න. නැවත නැවත මතක් කරන්න. එයට සූදානම් වීමට අවශ් සහය සෑම ආකාරයකින්ම ලබාදෙන්න

ඔබගේ සහ දරුවාගේ අවශ්යතා විවිධ විය හැකියි. එය තේරුම් ගැනීමට උත්සාහ කරන්න

දරුවා වෙනුවෙන් පෙනීසිටින්න. ඔහුට හෝ ඇයට අවශ් ඕනෑම වේලාවක් තමා ඔවුන් වෙනුවෙන් සිටින බව දරුවාට හඟවන්න

 

දරුවන්ගේ ප්රතික්රියා හඳුනාගන්නේ කෙසේද?

සෑම ගති ලක්ෂණයක් සඳහාම දරුවන්ගේ විවිධ ප්රතික්රියාවක් දැකිය හැකියි. පහත ගති ලක්ෂණයන් සහ ඒවාට දරුවා දක්වන ප්රතික්රියාවන් විවිධ මට්ටමේ පවතිනවා. මෙම සෑම මට්ටමක්ම සෑම දරුවකු තුළම පවතින අතර ඒවා ප්රකාශවන ආකාරය පමණක් දරුවකුගෙන් දරුවකුට වෙනස් වනවා. එහි රටාව හඳුනා ගැනීම සහ එයට දෙමවුපියන් ලෙස දක්වන ප්රතිචාරය සහ ඔබගේ හැඩ ගැසීම ඉතා වැදගත් වනවා

 

1. දරුවන්ගේ ප්රතික්රියාවල ප්‍රබලත්වය

විවිධ වී ක්රියාවන් සහ සිදුවීම් සඳහා දරුවන් දක්වන ප්රතික්රියා විවිධ වනවා. ඇතැම් දරුවකු ප්රීතිමත් අවස්ථාවක සතුටින් කෑගසමින්, සිනාසෙමින් සිටීමටත් කෝපයට පත්වූ විට කෑගැසීමට, බඩු බිම දැමීමට ඉඩ තිබෙන අත ඇතැම් දරුවන් සතුටින් හෝ කෝපයෙන් සිටින විට ඉරියවු වලින් හෝ හැසිරීමෙන් කිසිදු ආකාරයේ වෙනසක් දැකිය නොහැකියි

ඔබේ දරුවා හැසිරීමෙන් මන්දගාමි ස්වභාවයක් සහිත නම් දරුවාට සක්රීය ලෙස දායක විය හැකි ක්රියාකාරකම් වල නිරත වීම, දරුවාගේ අවධානය යොමු විය හැකි සංගීතය, නාට් කතා ආදිය කටහඬ වෙනස් කරමින් දරුවා සමග කියවීම සහ දරුවාට ක්රියාකාරි වීමට අවස්ථාව ලබාදීම සිදුකළ යුතු වනවා

දරුවා කළහකාරි ලෙස හැසිරෙනවා නම් ඝෝෂාකාරි සංගීතය, දැඩි ආලෝකය ආදියට නිරාවරණය වීමෙන් වළක්වාලන්න. දරුවාට නිතර ආදරය කරුණාව දක්වන්න. වැළඳගැනීම්, හයි ෆයි වැනි ආදරය දැනෙන පරිදි හැසිරෙන්න

 

2. දරුවා ක්රියාශීලිවන මට්ටම

බොහෝ දරුවන් ඇවිදීම ආරම්භ කර දිනයේ සිටම ක්රියාශීලිවනවා. ඇතැම් දරුවන් නොනවත්වා ඇවිදින අතර සමහරු වාඩිවී සිටින අතර ඇතැම් දරුවන් සෙල්ලම් බඩු සමග ක්රියාකාරිවී සිටිනවා. මෙය එක් එක් දරුවා තුළ විවිධ ලක්ෂණ පෙන්විය හැකියි

 

ඔබේ දරුවා එතරම් ක්රියාශීලි නැතිනම්,

දරුවා ප්රියකරන සෙල්ලම් බඩුවක් දරුවාට ඈතින් තබා වෙත ළඟාවීමට හරින්න

සංගීතය වාදනය කර ඔබ දරුවාට පෙනෙන්නට අත්පා සොලවන්න

දරුවා සමග ඇවිදින්න. ඔහුට හෝ ඇයට මූලිකත්වය ගැනීමට ඉඩහරින්න

 

ඔබේ දරුවා ක්රියාශීලි නම්,

නින්දට යාමට පෙර ක්රීඩාවට යොමු නොකරන්න

ක්රියාශීලි දරුවන් එක් තැනකට වී වාඩිවී සිටී යැයි අපේක්ෂා නොකරන්න

 

3. කළකිරීම දරාගැනීම

බලාපොරොත්තු සුන්වන අවස්තා දරාගැනීමට කුඩා කලදී දරුවන්ට සිදුවනවා. වඩාත් ඉවසිලිවන්තව හැසිරෙන දරුවන් දිගින් දිගටම උත්සාහ කිරීමත් ඉක්මණින් නොසන්සුන් වන දරුවන් තුල ඉක්මණින් අත්හැරීම සහ කළකිරීමට පත්වීම වැනි ලක්ෂණ දැකිය හැකි වනවා. එමනිසා ඇතැම් දරුවන් තුළ ධනාත්මක ගති ලක්ෂණ බහුලව පවතින අතර ඔවුන් තම අරමුණ කරා ළඟා වනතෙක්ම උත්සාහය අත් නොහරින අතර ඇතැම් දරුවන් ඉක්මණින් කළකිරීමට නොසන්සුන්තාවයට පත්වන අතර ඉක්මණින් අතහැර දමනු ලබනවා

 

ඔබගේ දරුවා පහසුවෙන් අත් හරින සුලු කළකිරීමට පත්වනවා නම්,

අරමුණු කරා ළඟා වීම සෑම විටම පහසු නොවන බවත් නිරන්තර උත්සාහය සහ කැපවීම වැදගත් වන බවත් වටහාදෙන්න

දරුවාට පහසුවෙන් අරමණු කරා ළඟාවීමට අවශ් සහය ලබාදෙන්න

දරුවා යමකට උත්සාහ දරණ විට විටින් විට විවේක කාල ලබාදී නැවත උත්සාහ කිරීමට ඉඩ දෙන්න

 

ඔබගේ දරුවා උත්සාහය අත්නොහරින දරුවෙක් නම්,

අන්තර්ක්රියාකාරිත්වය වඩා වැදගත් බැවින් දරුවාගේ කාර්යය සඳහා ඔබත් එක්වන්න

දරුවා කුමක් කරන්නේ දැයි කුමකට උත්සාහ දරන්නේ දැයි අවධානයෙන් සිට අලුත් සහ විකල්ප ක්රියාමාර්ග සඳහා යොමුකරන්න

ඇතැම් දේ ළඟකර ගැනීමට කාලය ගතවන බැවින් සඳහා කාලය ලබාදිය යුතුබව වටහා දෙන්න

 

4. වෙනස්වීම් සඳහා ප්රතිචාර දැක්වීමට හුරුකරන්න

ඇතැම් දරුවන් පහසුවෙන් යම් යම් දෑ සඳහා අනුවර්තනය වන නමුත් ඇතැම් දරුවන් එය ප්රතික්ශේප කිරීමටත් සහ, සඳහා යම් කාලයක් ලබා ගැනීමටත් ඉඩ තිබෙනවා. එමනිසා ඔබේ දරුවා ඇතැම් විට පහසුවෙන් වෙනසට කැමති විය හැකි නැතිනම් එය ප්රතික්ශේප කිරීමටත් හැකියි. එවිට ඔබ පහත පරිදි කටයුතු කළ යුතුයි

 

දරුවා වෙනස්වීම ප්රතික්ශේප කරන්නේ නම්,

සෑමවිටම දරුවාට සුපුරුදු දේ එක්කර ගන්න

අලුත් ක්රියාකාරකමක් හෝ දෙයක් හඳුන්වා දෙනවිට මුලින් දරුවා දැනුවත් කරන්න

ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට පෙරනෑම ක්රියාවක් ගැන දැන්වීමක් ලබාදෙන්න

 

දරුවා පහසුවෙන් වෙනස්වීම් සඳහා අනුගත වනවා නම්,

දරුවා ලබාදෙන මෘදු සංඥා දරුවා වෙනස පිළිගැනීම විය හැකි බව තේරුම් ගන්න

දරුවාට වෙනස සඳහා අනුගත වීමට යම් අපහසුවක් ඇති බව කෙරෙන්නේ නම් ඔබේ දරුවා සමඟ එයට කාලය වෙන් කරන්න

 

5. අලුත් අමුත්තන් සඳහා දක්වනු ලබන ප්රතිචාර

ඇතැම් දරුවන් අලුතින් දකින සහ හඳුනාගනු ලබන පුද්ගලයින් සඳහා ඇතැම් විට බියක්, කුලෑටි බවක් හෝ ඔවුන් මග හැරීමට උවමනා බවක් දක්වනවා. නමුත් ඇතැම් දරුවන් පහසුවෙන් අමුත්තන් කෙරෙහි හුරුවන අතර සුහදශීලි ගති ලක්ෂණ පලකරනවා. කෙසේ නමුත් ඔබේ දරුවා මේ කුමන කොටසට අයත් වුවත් ඔබ පහත පරිදි දරුවා සමග කටයුතු කිරීම වැදගත් වනවා

 

අමුත්තන් හමුවේ කුලෑටි බවක් දක්වන දරුවන්,

දරුවා අමුත්තන්ට හඳුන්වාදෙන්න. දරුවා ප්රිය කරන සෙල්ලම් බඩු ආදිය ගැන පවසන්න

එතරම් දරුවාට හුරු නැති පුද්ගලයින් හමුවීමට යන විට එයට දරුවා සුදානම් කරන්න

දරුවා ඉතා ලැජ්ජාශීලියි, බියයි ලෙස අමුත්තාට හඳුන්වා නොදෙන්න

 

අමුත්තන් සඳහා මිත්රශීලිවන දරුවන් සඳහා

දරුවාට තනිව සෙල්ලම් කිරීමට කාලය ලබාදෙන්න

ඇතැම් විට ඉතා මිත්රශීලි දරුවන්ටද අසීරු අවස්ථාවන් තිබිය හැකියි. එමනිසා එවැනි අවස්ථාවල දරුවා සමග සිටින්න

දරුවා හට සමාජ කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ ලබාදෙන්න

 

ඉහත ලිපිය ඔබට එදිනෙදා ජීවිතයේදී ඔබගේ දරුවා තුළ ගොඩ නැගී ඇති සහ ගොඩනැගෙමින් ඇති පෞර්ශත්ව ලක්ෂණයන් ගැන සහ දරුවා ගැන ඔහුගේ හෝ ඇයගේ ස්වභාවය ගැන තේරුම් ගැනීමට උපකාරි වනවා. දරුවකු ඇති කිරීම සෑම විටම ලේසි පහසු කාර්යයක් නොවේ. ඔබ වඩාත් තීක්ශණ බුද්ධියකින් යුතුව ඉවසීමෙන් එය සිදුකළ යුතුයි. කුඩාකල සිටම දරුවාගේ ස්වභාවය සහ පෞර්ශත්වය ගැන අවබෝධ කරගැනිමත් දරුවා සමග සිටීමෙන් ඔහු හෝ ඇය වඩාත් හොඳින් තේරුම් ගැනීමත් මගින් සාර්ථක දරුවකුගේ මවක් හෝ පියකු වීමට ඔබටත් හැකියාව ලැබෙනු ඇති