දරුවා අසභ්‍ය වීඩියෝ නරඹන්න හුරුවෙලාද? ඒ ගැන මොකද කරන්නේ?

අම්මලා තාත්තලාට ඔබේ දරුවාගේ සමහර අන්තර්ජාල වැඩ කටයුතු ගැන බිය වෙන්න කාලයක් උදා වෙන්න පුළුවන්. නමුත් ඔබ වාසනාවන්ත නම් මුල් කාලයේදීම, ඒ කියන්නේ කාමුක දර්ශනවල වඩා මෘදු අනුවාදයක් නරඹමින් ඉද්දී ඔබේ දරුවාව අල්ලා ගන්න පුළුවන්. නමුත් දරුවාගේ කුතුහලය නිසා මිස, දිගින් දිගටම ඒකට ඇබ්බැහි වුණොත් ඔබ ඒ ගැන යමක් නොකරනවා නම් කාමුක දර්ශනවල අශෝභන, කැත පැත්තට ඔවුන්ව නිරාවරණය වෙන කාලයක් උදා වෙනවා.

 

මීට වසර කිහිපයකට පෙර කාමුක දර්ශන නැරඹීමට මිනිස්සුන්ට අපහසු වුණා. මොකද ඒවා ලබා ගැනීම සඳහා විවිධ බාධාවන් තිබ්බා. කාමුක සඟරා සහ වීඩියෝ වල තේමාවන් පවා දැන් පවතින තත්ත්වයට වඩා අතීතයේ බෙහෙවින් අඩුයි. නමුත් අද වෙද්දී අසභ්‍ය වෙබ් අඩවියක් කියන්නේම උගුලක්. මේවා ගවේෂණය කිරීම සඳහා උදව් වෙන්නේ ලින්ක් පමණක් නෙමෙයි. අන්තර්ජාලයේ පෙනෙන වෙළඳ දැන්වීම් සහ popups ද දරුවන්ගේ ආරම්භක මනසකට භයානක වෙන්න පුළුවන්. ඒවා නිර්මාණය කර ඇත්තේ යම් පුද්ගලයෙකුට අවශ්‍ය නැති වුණත් නොකඩවා බැලීමට පොළඹවන විදිහටයි.

 

ඔබේ දරුවා මේ වන විටත් කාමුක දර්ශන නැරඹීමට නිරාවරණය වෙලා නම්, ඇත්තේ එක් මාර්ගයක් පමණයි : ඒ ගැන අවංක වෙන්න, ඒක යථාර්ථය නොවන බව දරුවාට ඒත්තු ගන්වන්න සහ එයාගේ ප්‍රශ්නවලට පිළිතුරු කියලා දෙන්න. නමුත් වඩාත්ම වැදගත් දෙය තමයි, ලැජ්ජාව මත ඉඳගෙන “ලිංගිකත්වය” ගැන දරුවා එක්ක කතා කිරීම මඟ හැර යන්න එපා. එය විවෘතව කතා කිරීමට සුවිශේෂී අවස්ථාවක් කර ගන්න. ලිංගිකත්වය ඔබ මේ වන විටත් දරුවා එක්ක කතා කරල නැව්මෙය එයට අවස්ථාව කරගන්න. 

 

ඔබේ දරුවා කාමුක දර්ශන නැරඹීමට නිරාවරණය වෙලා ඇත්නම්, ඔබ කළ යුතු දේවල් පහක් මෙන්න…

 

1. ආවේගශීලීව ප්‍රතික්‍රියා නොකරන්න

ලෝකයේ දුෂ්කරම දෙයක් වුණත්, ඔබ මෙය සැහැල්ලු මනසකින් කළමනාකරණය කරන්න ඕනේ. වහාම දරුවාට ප්‍රතික්‍රියා දක්වන්න එපා. ඔබ එයාගේ ක්‍රියාව හසු කර ගත්තා නම්, එය නුසුදුසුයි කියලා කරුණාවෙන් කියලා දෙන්න. ඔබ දරුවා සමඟ එය සාකච්ඡා කරන්න. ඒත් තර්ජනාත්මක නොවන ආකාරයෙන් කතා කරන්න.

 

ඔබේ සැමියා සමඟ වාඩි වෙලා කඩදාසියක් අරගෙන කතා කරන්න ඕනේ කරුණු කිහිපයක් සටහන් කරන්න.

 

ඔබ ගැටලුව විසඳිය යුතු අතර, ඒ සමඟම ඔබේ දරුවාට කාමුක දර්ශන තේරුම් ගන්න පුළුවන් ආකාරයට එය සරල කරන්න.

 

පුළුවන් නම් එදාම සාකච්ඡාවක් පවත්වන්න, නමුත් එවෙලේම නෙමෙයි. කැමති නම් සාකච්ඡාව සඳහා මාපියන් දෙදෙනාම සහභාගී වෙන බව දරුවාට කියන්න.

 

2. ඔබේ දරුවා සමඟ සාකච්ඡා කරන්න

එම කතා කරන කරුණු භාවිතා කරමින් ඔබේ දරුවා සමඟ කාමුක දර්ශන සාකච්ඡා කරන්න. මෙහිදී ඔබ දරුවාට අවංක වීම වඩා හොඳයි. සහ එම ක්‍රියාවලි ගැන සාකච්ඡා කිරීම සඳහා සුදුසු ජීව විද්‍යාත්මක යෙදුම් භාවිතා කරන්න. ‘ශිෂ්ණය, ‘යෝනි​ය’ සහ ‘පියයුරු’ යන වචන දරුවාට භාවිතා කරන්න. මේ ආකාරයෙන් කළාම ඒකෙන් ඔබ ඔබේ දරුවාට පෙන්වන්නේ ලිංගික සංසර්ගය කියන්නේ ශරීර කොටස් සඳහා නින්දා සහගත වචන භාවිතා කිරීමෙන් අවමානයට ලක් කළ යුතු ක්‍රියාවලියක් නෙමෙයි කියලයි.

 

මෙම පියවර ද සාකච්ඡාවට පදනම් කර ගන්න.

 

පියවර 1: ඔවුන් කාමුක දර්ශනවලට නිරාවරණය වීම ගැන ඔබ දන්නා බව ඔවුන්ට කියන්න.

 

පියවර 2: ඔවුන්ගේ කුතුහලය සාධාරණයි කියලා ඔවුන්ට කියන්න, ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීමට ඔවුන් ලැජ්ජා නොවිය යුතු බව කියන්න. තවද දරුවන් කාමුක දර්ශන නැරඹීමෙන් කලබල වීම ස්වාභාවිකයි. බොහෝ දරුවන්ට ලිංගිකත්වය ගැන කතා කිරීමට අවශ්‍ය වුණත් ඒ ගැන දැනගන්න ළඟා වෙන්න ඕනේ කවුරු වෙත ද කියලා දරුවන් දන්නේ නෑ. එම කුතුහලය ගැන අන් පුද්ගලයන් සමඟ කතා කිරීමට පෙළඹීමෙන් දරුවා අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. දෙමව්පියන් වශයෙන් ඔබ දෙපළ කියන්නේ එම කාරණා ගැන කතා කළ යුතු, ඔබේ දරුවාගේ කුතුහලය තෘප්තිමත් කිරීමේ හොඳම පුද්ගලයන් වෙනවා. 

 

පියවර 3: සැබෑ ලිංගික සංසර්ගය සිද්ධ වෙන්නේ කොහොමද යන්න ගැන ඔවුන්ට කියන්න. ලිංගිකත්වය පිළිබඳ ඔබේ අදහස් බෙදා ගන්න. දෙදෙනෙක්ගේ ශාරීරික සමීපතාවයේ මානසික පැත්ත ගැන අවධාරණය කරන්න.

 

පියවර 4: කාමුක දර්ශන කියන්නේ කලාතුරකින් සත්‍ය දේවල් නිරූපණය කිරීමක් බව ඔවුන්ට ඒත්තු ගන්වන්න. ඔවුන්ගේ ශරීරය වයසත් එක්ක වැඩෙද්දී වෙනස් වෙන බවත්, නමුත් වීඩියෝවේ ඔවුන් දැක්ක දේවල් වගේ තමන්ගේ ශරීර අංග පෙනෙන්න නොතිබීමට ද ඉඩ තිබෙන බවත් කියලා දෙන්න. ඔබේ දරුවාට ඔහු හෝ ඇය දැක ඇති ශරීර කොටස් කිසිසේත්ම තමන්ගේ ආත්ම අභිමානය මැනිය යුතු ප්‍රමිතියක් නොවන බව උගන්වන්න.

 

3. පසු විපරම් ප්‍රශ්න දිරිමත් කරන්න

 

විශ්වාස කරන්න, ඔහු / ඇය ප්‍රශ්න වලින් පිරිලායි ඉන්නවා ඇත්තේ. ඒ නිසා ඒවා ගැන වෙනත් අයෙක්ගෙන් අහනවා වෙනුවට ඔබෙන් විමසීමට ඔබේ දරුවාව දිරිමත් කරන්න. ඔබ පුළුවන් තරම් කෙලින්ම පිළිතුරු දෙන්න. ඔහු / ඇය දැක ඇති විවිධ ක්‍රියාවන් සඳහා පිළිගත් නියමයන් සොයා ගන්න. සාකච්ඡාව සංවේදී ආකාරයෙන් තබා ගැනීමට එය ඔබට උපකාරී වෙයි.

 

වැදගත්ම දෙය තමයි ඒ දේවල් කතා කරන්න ඕනේ ඔබේ දරුවාගේ මනස තුළ බියක් හෝ ලැජ්ජාවක් ඇති කිරීමට නෙමෙයි. ඔබ එහෙම කළොත්, ඔවුන් කාමුක දර්ශන නැරඹීම නතර කරන්නේ නෑ. ඔබට සොයා ගැනීමට බැරි විදිහට හොරෙන් බලන්න ඊළඟට පටන් ගනියි. එය විනාශකාරී තත්ත්වයක් වෙන්න පුළුවන් දරුවගේ අනාගතයට.

 

4ග දිගටම කාමුක දර්ශන නැරඹීම සුදුසු නොවන බව පැහැදිලි කරන්න

 

අවසානයේදී ඔබේ දරුවා දරුවෙක් පමණක් බව අමතක නොකරන්න. ඒ නිසා කාමුක දර්ශන නැරඹීමට වඩා නරඹන්න සුදුසු තවත් බොහෝ දේවල් අන්තර්ජාලයේ ඇති බව අවධාරණය කරන්න. ඕනෙම පුද්ගලයෙක්ට මත්පැන් පානය කිරීම සඳහා සුදුසු වයසක් තිබෙනවා නේ. ඒ හා සමානවම කාමුක දර්ශන නැරඹීමට නිර්දේශ නොකළත් ඒ සඳහා සුදුසු කාලයක් ද එළඹෙනවා කියලා දරුවාට පහදලා දෙන්න.

 

5ග අනාගතයේදී වෙන්න පුළුවන් නිරාවරණ සීමා කරන්න

 

ඊළඟට කරන්න ඕනේ ඔබ දරුවන්ට ඒවා ලැබුණු මූලාශ්‍ර විමර්ශනය කරන එකයි. ඔහුට / ඇයට ඒක හමු වුණේ කොහොමද කියලා සොයා බලන්න. එය අන්තර්ජාල සෙවුමක්ද? ඔහු / ඇය වෙනත් දෙයක් නරඹමින් සිටියදී අහම්බෙන් එයට පිවිසිලා ද? ඒක හොයාගන්න පහසු ක්‍රමයක් තමයි බ්‍රව්සරයේ history සෙවීම. මේ සියල්ල ආරම්භ වුණේ කවදා ද සහ ඔබේ දරුවා කොපමණ ප්‍රමාණයක් අසභ්‍ය දර්ශන නැරඹීම සඳහා නිරාවරණය වෙලා ද කියලා ඒකෙන් ඔබට හරියටම කියයි. ඔබේ අන්තර්ජාල සේවාවා සපයන්නන්ගෙන් විමසීමක් කරල ඇතැම් වෙබ් අඩවි වලට පිවිසීම ලොක් කරන්නත් හැකියාව තියෙනව. අන්තර්ජාලය චයිල්ඩ් පෲෆ් කරන්න.